
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO ආයතනය DIMO Energy යන නව සන්නාමය යටතේ සිය බලශක්ති විසඳුම් හඳුන්වා දෙන ලදී.
DIMO Energy නව සන්නාමය අධි වෝල්ටීයතා බල විසඳුම් (High Voltage Power Solution), මධ්‍යම වෝල්ටීයතා සහ අඩු වෝල්ටීයතා බල විසඳුම් (Medium Voltage & Low Voltage Power Solutions) සහ පුනර්ජනනීය බලශක්ති විසඳුම් (Renewable Energy Solutions) ලබා දෙයි. මීට අමතරව සිය වර්තමාන නිෂ්පාදන කලඹ පුළුල් කරමින් cogeneration solutions සහ agrivoltaics විසඳුම් ලබා දීමට කටයුතු කරයි.
පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශයක් සහිත එක්නැවතුමක් බවට පත් වීමත් සමඟ DIMO Energy, බලශක්ති උත්පාදන ක්‍රියාවලීන්හි කාලය, ශ්‍රමය සහ මුදල් ඉතිරි කරමින් අති නවීන විසඳුම් සැපයීම සහතික කරයි. දශක ගණනාවක අසමසම ප්‍රවීණත්වය සහ දැනුම මත පදනම්ව ජාත්‍යන්තර බලශක්ති උත්පාදන විසඳුම් සැපයීම DIMO Energy සිදු කරයි.