
දකුණු කොරියාවේ ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා 2022 වර්ෂයේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම 2022.08.22 දින සිට 2022.08.26 දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට නියමිතව ඇත
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළ වෙබ් අඩවිය වන www.slbfe.lk යන වෙබ් අඩවිය හරහා විභාගය සඳහා අවශ්‍ය කරන ප්‍රවේශපත්‍ර නිකුත් කරනු ලැබෙයි.
මේ සඳහා අවුරුදු 18-39 ත් අතර පුද්ගලයින්ට අයදුම් කළ හැකි අතර, වර්ණ අන්ධතාවය නොමැති, සිරගතවීමක් හෝ බරපතල වැරදිවලට වැරදිකරුවෙකු වී නොමැති, දකුණු කොරියාව මගින් පිටුවහල් කළ බවට පෙර වාර්තා නොමැති පුද්ගලයින්ට අයදුම් කළ හැකියි.
විභාග ප්‍රවේශපත්‍ර ලබාගැනීම සදහා අයදුම්පත්‍රය, විදේශ ගමන් බලපත්‍රයේ ස්කෑන් පිටපතක්, මාස 3ක් ඇතුළත ලබාගත් 3.5 cm × 4.5 cm ප්‍රමාණයේ ඡායාරූපයක ස්කෑන් කළ පිටපතක් හා රුපියල් 10,108 ක විභාග ගාස්තුව ගෙවූ රිසිට් පත අවශ්‍ය වෙයි
ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා අවශ්‍ය භාෂා ප්‍රවීණතා විභාගය 2022 වසරේ ඔක්තෝම්බර් 5 දින සිට නොවැම්බර් 30 දින දක්වා පරිගණක ආශ්‍රිතව පැවැත්වෙන බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
මෙම විභාගය හා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් වැඩි විස්තර කාර්යාංශයේ නිළ වෙබ් අඩවිය වන www.slbfe.lk යන වෙබ් අඩවිය හරහා ලබාගත හැකියි.