
මේෂ ලග්නය
හදිසි අනතුරක පෙර ලකුණු
මේෂ ලග්නයට අනුව ඔබට මෙම සතිය ආරම්භය දැඩි අපලකාරි තත්ත්වයකි. ඉතා අවදානම් වූ හදිසි අනතුරක සේයාවක් මතුවේ. ප්‍රවේශම් වන්න. මිල මුදල් හානි ද ඒ අතර වෙයි. සතිය ආරම්භව දින දෙක තුනකට පසු ඉතා යහපත්වූ ආර්ථික ආගමික සහජීවනයකට මුල පිරෙනු ඇත. ඉන්පසු රැකියාගතව තිබූ ගැටලු බාධක ද ඉවත්වේ.
වෘෂභ ලග්නය
ව්‍යාපාර ඇරඹුමක්
වෘෂභ ලග්නයට අනුව ඔබට මෙම සතිය ආරම්භය සුබයි. විවාහ අපේක්ෂා කරමින් සිටි අයගේ බලාපොරොත්තු සපල වේ. ඒ වෙනුවෙන් හදිසි මිල මුදල් වැය කිරීමක් පෙනෙන්නට තිබෙන අතර තම අදහසට අනුව කටයුතු සපල කරවා ගැනීමට හැකිවේ. මග හැරී තිබූ ව්‍යාපාර කටයුත්තක් යළි ආරම්භ කිරීමට කාගේත් ඇප උපකාර හිමි වනු ඇත.
මිථුන ලග්නය
සමීපතමයින්ගෙන් දුරස්වීමක්
මිථුන ලග්නයට අනුව මෙම සතිය ඉතා සුපරික්ෂාකාරි විය යුතුය. චන්ද්‍රයා 06 - 07 - 08 - 09 යන ස්ථානවල ගමන් කිරීම රෝග උවදුරු පෙන්වන සුලුවේ. තමාට සහායට සිටි අයගෙන් දුරස් වීමකට හේතුවෙයි. නෑදෑ හිතවත්කම් පලුදුවන ලකුණු පෙනෙන්නට ඇත. තම සහකරු හෝ සහකාරිය අතරේ නොහොඳ නෝක්කාඩු හට ගැනීමට ඉඩ ඇත. සුපරික්ෂාකාරී වන්න.
කටක ලග්නය
ගෘහ ජීවිතයට තර්ජන
කටක ලග්නයට හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා 05 වැන්නෙන් ගමන් ආරම්භ කිරීම තම ආර්ථිකයට ගෘහ ජීවිතයට තර්ජන එල්ල වන සතියකි. තමා ආයෝජනය කළ මුදලක වටිනාකම පහත හෙළන අන්දමේ කරුණු යෙදේ. සතුරුව සිටි අයකු යළි මිතුරු වෙසින් පැමිණ තමාට උවදුරු ගෙන ඒමට කටයුතු සැලසුවත් තමාගේ බුද්ධි මහිමය නිසා ඒවා මැඬලීමට සමත්කමක් මතුකරයි.
සිංහ ලග්නය
ආර්ථික කටයුතුවල නව මුහුණුවරක්
සිංහ ලග්නයට අනුව තම ගෘහ ජීවිතයේ කාර්ය බහුල වන සතියකි. තම අසල්වාසි අයගෙන් ලැබෙන නොමසුරු සහාය නිසාම කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවේ.
රැකියා හා ව්‍යාපාර සපල වනු ඇත. නව ආයෝජනයකට මඟ පෑදේ. එදිනෙදා තමා කරගෙන ආ ආර්ථික කටයුතු නව මුහුණුවරකින් කරගෙන යාමට අවස්ථාව උදාවේ.
කන්‍යා ලග්නය
නිවාස ලාභ
කන්‍යා ලග්නයට අනුව ඔබට මෙම සතිය තම ජීවිතයේ අතපසුවූ කටයුතු රැසක් ජය ගැනීමට හැකිවේ. දේපළ ඉඩකඩම් පිළිබඳ තිබූ නීති ගැටලු සමනය වේ. තමා ශ්‍රමය කැපකර කරගෙන ආ ඉදිකිරීම් කටයුතු කීපයක නිමාව දකින්නට ලැබෙන අතර නව නිවාස ලාභ නව ආර්ථික ලාභ මෙන්ම එදිනෙදා ජීවිතයේ සුබවාදි පණිවුඩ ලැබෙනු ඇත.
තුලා ලග්නය
ලොතරැයි ජය
තුලා ලග්නය හිමි ඔබ කරන්නේ ව්‍යාපාර නම් එහි ප්‍රතිලාභ උදාවන සතියකි. ශ්‍රමයේ තරමට ආදායම් උපයාගත හැක. හදිසි ධන ලාභයකට ඉඩ ඇති අතර ලොතරැයි ජය ද ඒ අතර වෙයි. තම අසල්වාසින් හා තමාට ෙළන්ගතුව සිටි අයගේ කැපවීම නිසා ආර්ථික වශයෙන් ජයග්‍රහණ හිමි කර ගැනීමට හැකිවනු ඇත.
වෘශ්චික ලග්නය
යහපත් ප්‍රතිලාභ
වෘශ්චික ලග්නයට අනුව සිතට මහත් සැනසිල්ලක් දැනෙන සතියකි. කලක් පීඩාවකට තිබූ දෙයකින් නිදහස උදාවේ. තමාට ළඟින් සිට ඈත්ව ගිය අය යළි මුණගැසෙනු ඇත. හවුල් ව්‍යාපාර හා සමාජ කටයුතු යළි හොඳින් කරගෙන යාමට අවස්ථාව උදාවනු ඇත. ඒ වෙනුවෙන් මුදල් වියදම් වුවද එහි ප්‍රතිලාභ තමාට හිතුවාටත් වඩා හොඳින් අත්වනු ඇත.
ධනු ලග්නය
සමීපතමයින්ගේ සහයෝගය
ධනු ලග්නයට අනුව ඔබට මෙම සතිය තම වාසස්ථානයෙන් ඈත්ව යාමට සිදුවේ. වෘත්තීය කටයුතු බහුල කෙරෙන අතර තම සමීපතමයන්ගේ සහයෝගය නොඅඩුව ලැබෙන අතර සිතේ සතුට සමාදානය අත්වනු පෙනේ. පාදයේ වළලුකර ආශ්‍රිත උවදුරු සහිතයි. කෙසේ නමුදු සතිය මැද වන විට තමා කලක් තිස්සේ සැලසුම්කරගෙන ආ කටයුත්තක් ආරම්භ කර පවත්වාගෙන යාමට දිරිය ශක්තිය ලැබෙනු ඇත.
මකර ලග්නය
නිර්මාණශීලී බවට යහපත් ප්‍රතිලාභ
මකර ලග්නයට අනුව සතිය ආරම්භය හදිසි මුදල් නාස්තියකට ඉඩ ඇති නමුත් සතිය මැද වන විට යහපත් ප්‍රතිඵල උදාකර ගත හැකිවෙයි. තමාගේ නිර්මාණශීලි හැකියාවට නියම ප්‍රතිලාභ ලැබෙන අතර බොහෝ අයගේ ඇගයීමට ප්‍රසාදයට පත්වන කරුණු උදාවේ. එදිනෙදා ජීවිතය කාර්ය බහුල වන අතර විටින් විට ඇතිවන ශාරීරික අපහසුතා නිසා පීඩාකාරී මානසිකත්වයකට පත්වේ.
කුම්භ ලග්නය
ආර්ථික ජයග්‍රහණ
කුම්භ ලග්නයට අනුව මෙම සතිය ඔබගේ රැකියා ආර්ථික යහපත උදාවේ. සිතුවාට වඩා වියදම ඉහළ ගියද සතිය මැද වන විට එහි ප්‍රතිඵල යහපත් වනු ඇත. තමා සැලසුම් කර තිබූ ආර්ථික ක්‍රමෝපායයන් ජයග්‍රහණය කර ගැනීමට ඔබට හැකිවේ. ඔබෙන් ඈත්වී සිටි අය යළි සමීප වනු ඇත. දණහිසට අගුණයි. ප්‍රවේශම් වන්න.
මීන ලග්නය
නිවසේ ආගමික මුහුණුවරක්
මීන ලග්නයට අනුව ඔබට මෙම සතියේ ඉතා වාසනාවන්ත ජයග්‍රහණ කීපයක් පෙන්වයි. නිවසේ ආගමික කටයුතු කීපයකට සැලසුම් සකස්වේ. තමාට තම වෘත්තිය ගරුත්වය සුරැකෙන පරිදි පාලක පක්ෂයේ ප්‍රසාදය හිමි වනු ඇත. නිවාස ලාභ වාහන ලාභ ඒ අතර ප්‍රධාන තැනක් ගනු ඇත. නීති ගැටලු සමතයකට පත්වේ. රෝග උවදුරු සමනය වේ.