
ප්‍රවීණ ලේඛක තිලක කුඩාහෙට්ටි පරිවර්තනය කළ අලුත් ම කෘතිය ‘සිත සතිය සහ ප්‍රඥාව’ (STRAIGHT FROM THE HEART Ven. Acharya Maha Boowa Nanasampanno) පසුගියදා කොළඹ මරදානේ, පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ, දයාවංශ ජයකොඩි සහ සමාගමයේ පොත් ප්‍රදර්ශනාගාරයේ දී නිකුත් කෙරිණි. මෙහි ඇතුළත් දේශනාවලින් දෙකක් හැර සෙසු දේශනා හැම එකක් ම පූජ්‍ය ආචාර්ය මහා බෝවා හිමියන් විසින් දේශනා කොට ඇත්තේ ඇට මිදුළු පිළිකාවකින් උග්‍ර ලෙස දුක් විඳිමින් සිටි උන්වහන්සේගේ අනුගාමිකාවක වූ පොව් පංග වතනකූල් මහත්මියගේ යහපත උදෙසා ය. ඒ, ඈ තම කායික වේදනාව සමඟ සටන් කිරීම සඳහා භාවනාව ප්‍රගුණ කිරීමට බාන් ටාඩ් ආරාමයට පැමිණි අවස්ථාවලය.