තිලක කුඩා­හෙට්ටි ‘සිත සතිය සහ ප්‍රඥාව’ නිකුත් වෙයි | Page 5 | සිළුමිණ

තිලක කුඩා­හෙට්ටි ‘සිත සතිය සහ ප්‍රඥාව’ නිකුත් වෙයි

 ප්‍රවීණ ලේඛක තිලක කුඩා­හෙට්ටි පරි­ව­ර්ත­නය කළ අලුත් ම කෘතිය ‘සිත සතිය සහ ප්‍රඥාව’ (STRAIGHT FROM THE HEART Ven. Acharya Maha Boowa Nanasampanno) පසු­ගි­යදා කොළඹ මර­දානේ, පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ, දයා­වංශ ජය­කොඩි සහ සමා­ග­මයේ පොත් ප්‍රද­ර්ශ­නා­ගා­රයේ දී නිකුත් කෙ‍රිණි. මෙහි ඇතු­ළත් දේශ­නා­ව­ලින් දෙකක් හැර සෙසු දේශනා හැම එකක් ම පූජ්‍ය ආචාර්ය මහා බෝවා හිමි­යන් විසින් දේශනා කොට ඇත්තේ ඇට මිදුළු පිළි­කා­ව­කින් උග්‍ර ලෙස දුක් විඳි­මින් සිටි උන්ව­හ­න්සේගේ අනු­ගා­මි­කා­වක වූ පොව් පංග වත­න­කූල් මහ­ත්මි­යගේ යහ­පත උදෙසා ය‍. ඒ, ඈ තම කායික වේද­නාව සමඟ සටන් කිරීම සඳහා භාව­නාව ප්‍රගුණ කිරී­මට බාන් ටාඩ් ආරා­ම­යට පැමිණි අව­ස්ථා­ව­ලය.

 

Comments