තාත්තලා නැති වුණාමත් අවජාතක වෙනවා වගේම තාත්තල වැඩි වුනාමත් අවජාතක වෙන්නේ නියම තාත්තා හඳුනාගත නොහැකි විම හේතුවෙනි. පීතෘ මුලික සමාජයක තාත්තාගේ කාර්යය දරුවන්ට කන්න දීම තුළින් පමණක් අවසන් වන කාරයයක් නෙවේ. පීතෘ භාවය ලබා ගැනිම වෙනුවෙන් දරුවන්ගේ අයිති කරුවන් විය යුතුය දරුවන් ගේ වගකීම දැරිය යුතු වේ. කොස් දුන් පියා බත් දුන් පියා නිර්මාණය වන්නේ බඩ පිරවිම මත වුවද වගකීම දැරිම අතින් ජාතියට පියෙක් නැති තරම් වේ. මේ නිසා ඉන්දියාවේ පකිස්තානයේ සිංගප්පූරුවේ චිනය වැනි රටවල ජාතියේ පියවරු ලෙස සලකන නායකයෝ සිටිති. ඔවුන් ජාතියේ පියවරුන් ලෙස සලකන්නේ ජාතියේ අනාගතය තමාගේ වගකිම ලෙස සලකා ක්‍රියා කළ බැවිනි .
අධ්‍යාපනයේ එක් අරමුණක් වන්නේ අනාගත සංවර්ධනයට අවශ්‍ය දැනුම ආකල්ප කුසලතා පිරි පූර්ණ ශ්‍රමිකයෙකු නිර්මාණය කර ගැනිමයි. රටක් අධ්‍යාපන සැලසුම් සකස් විය යුත්තේ ඉදිරි වර්ෂ 20ක් 30ක් වන් විට නිර්මාණය කර ගන්නා ශ්‍රමිකයා කවර ආකාරයක පුද්ගලයෙකු ලෙස නිර්මාණය කර ගත් යුතුද යන අදහස් පෙරදැරි කරගෙනය. මේ නිසා ඕනෑම රටක අධ්‍යාපන සැලසුම් සෑම විටම වසර 25ක් 30ක් ඉදිරිගාමි ඒවා වේ.
බුද්ධිය වර්ධනයට අමතරව සමාජ සහ ආර්ථික සංවර්ධනයත් සදහා මානව සම්පත යොදා ගැනිම පිළිබඳවු වු සංකීර්ණ ක්‍රියාවලියක් බවට පත්ව ඇත. මේ නිසා අධ්‍යාපනයෙන් නිර්මාණය කරනු පුරවැසියා රටේ සංවර්ධනයට පහසුවෙන් දායක කරගත හැකි අයෙක් විය යුතුවේ. මේ නිසා ශ්‍රම වෙළඳපොළට ගැලපෙන ලෙස වෘත්තීය අධ්‍යාපනයද අධ්‍යාපන ක්‍රමය තුළින්ම ලබා දිමට දියුණූ රටවල් උත්සාහ ගනී.
මේ නිසා අඩු පිරිවැයකින් කෙටි කාලයකින් උසස් ප්‍රතියකින් යුත් ශ්‍රමිකයෙකු නිර්මාණය කර ගැනිමට අධ්‍යාපන සැලසුම් සකස් කරනු ලබයි. බොහො දියුණූ රටවල් තම පාසල් අධ්‍යාපන පද්ධතිව තුළින්ම වෘත්තීය අධ්‍යාපනය සඳහා යෙමු කරනු අතර වෘත්තිය අධ්‍යපනය වැඩි වන ශ්‍රම ඉල්ලුම සමග නිරන්තරයෙන් ගලපා ගනිමින් රැකියා වියුක්තිය අඩු කර ගැනිමට උත්සාහ ගන්නා අතර සංවර්ධනයට ඇවසි ශ්‍රම බළකාය නිර්මාණය කරනු ලබයි.
ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය පවතින්නේ පාසල් අධ්‍යාපනයෙන් බැහැරවය. මේ නිසා පාසල් අධ්‍යාපනයේ විභාග අසමත් විම හො විභාග අවසන් විමට කලින් කිසිදු ශිෂ්‍යයක් තමන්ගේ අනාගත වෘත්තිය පිළිබඳව අවධානය යොමු නොකරන අතර විභාගය අවසන් වීමෙන් පසු තම නිවසට ආසන්නයේ හෝ පහසුවෙන් කළ හැකි ජනප්‍රිය වෘත්තීය පාඨමාලාවන්වලට යොමු විම සාමාන්‍ය දෙයක් වි ඇත. මේ නිසා ලංකාවේ ශ්‍රම වෙළදපොළ තුළ සමහර අංශ සදහා පුහුණූ ශ්‍රමිකයින්ගේ විශාල හිඟයක් නිර්මාණය වි ඇත.
විශේෂයෙන් ඉදිකිරිම් සහ තාක්ෂණික අංශවල මෙම තත්වය දැකිය හැකිය. මෙය ප්‍රබල සංවර්ධන ගැටලුවක් වි ඇත. එසේම ගම තුළ රැඳෙමින් තම ශ්‍රම දායකත්වය රටේ සංවර්ධනයට ලබා දිමේ හැකියාව පාසල් පද්ධතියෙන් නිර්මාණය කරනු පුරවැසියන්ට නොහැකි වි ඇත .
ඊරියගොල් අධ්‍යාපන ඇමතිව සිටි කාලයේ ආරම්භ කළ හන්දෙස්ස ක්‍රමය හන්දෙස්ස පාසලේ ඇති කළ වෘත්තීය විෂයන් ඉගැන්විම හා වැඩ හුරු විම පිළිබඳ පලමු පාසල් අත් දැකිමයි.
එහෙත් එය සාර්ථකව ක්‍රියාත්මක නොවු අතර පසුව ප්‍රාග් වෘත්තිය පුහුණූ වැඩසටහනද සාර්ථාක නොවීය. මේ නිසා 1978 පමණ වන විට හඳුන්වා දුන් විවෘත ආර්ථීක ප්‍රතිසංස්කර්ණ තුළින් වර්ධනය වන වාණිජ ආර්ථීකයට සුදුසුකම් ලත් ශ්‍රමිකයින් පාසල් පද්ධතියෙන් නිර්මාණය නොවු බැවින් වාත්තිය අධ්‍යාපනය පෞද්ගලික් අංශයේ මැදිහත්වීම අපේක්ෂා කොරුණූ අතර විවිධ ආයතන රාශියක් මේ සඳහා විවිධ පාඨමාලා ඇති කළහ. එසේම විවිධ නම්වලින් රාජ්‍ය අංශයේ වෘත්තීය පුහුණූ ආයතන කිපියක්ද ඇති කරනු ලැබීය. මේ නිසා වෘත්තීය අධ්‍යාපනය වෙනම ක්‍රියාත්මක වන ක්‍රියාදාමයක් ලෙස වර්ධනය වු අතර මෙම අලුතින් ඇති කරනු ලැබු රාජ්‍ය හා පෞද්ගලික් ආයතන අතර කිසදු සන්නිවේදනයක් සිදු නොවු අතර මෙම ආයතන නියාමනය කිරිමක් හෝ පාලනය කිරිමක් රජයෙන් සිදු නොවීය.
වසර 11ක් තිස්සේ පාසල් ගොස් සාක්ෂරතාවය පමණක් රැගෙන සාමාන්‍ය පෙළ අසමත්ව සමාජගත දරුවන් රටේ ආර්ථික දේහයට උරාගැනිමේ ක්‍රමයක් නොමැති විම නිස අපේක්ෂ භංගත්වය අනාගතය පිළිබඳ අවදානම සහ අවිනිෂ්චිතභාවයකින් යුත් පිරිසක් බිහිවු අතර මෙම පිරිස තිස් වසරක යුද්ධය විසින් ත්‍රිවිධ හමුදාවන් සහ පොලීසියට වැනි ආරක්ෂක අංශවලට යොමු විය. යුද්ධය අවසන් විමෙන් පසු මෙම නුපුහුණූ ශ්‍රමිකයින් සඳහා වැඩපිළිවෙළක් නොවිම නිසා විශාල සමාජ සංස්කෘතික ගැටලුවක් ඇති විය. මේ නිසා මත්ද්‍රව්‍ය පිළිබඳ ගැටලු සංවිධානාත්මක අපරාධ, පාතාලය, සහ රටේ විනය පිරිහිම සඳහා දායක වන පිරිස වැඩි විය.
එක් පැත්තකින් රටේ විශාල ශ්‍රම ඉල්ලුමක් තිබිය දී අනෙක් පැත්තෙන් විරකියාව වර්ධනය වන්නේ සැලසුමක් නොමැති අධ්‍යාපන ප්‍රත්පත්ති නිසාවෙනි. එසේම අධ්‍යාපනය වෙනුවෙන් තීරණ ගැනිම සඳහා ලංකාවේ ඇමතිවරුන් තුන් හතර දෙනෙක් නිර්මාණය වන්නේ ද මෙම පසු බිම තුළය. අධ්‍යාපනය, වෘත්තිය අධ්‍යාපනය, නිපුන, මෙන්ම උසස් අධ්‍යාපනය වෙන වෙනම ක්‍රියාත්මක වීම නිසා ලංකාවේ වෘත්තිය අධ්‍යාපනය සම්පූර්ණයෙන් අවුල් ජාලාවක් බවට පත් කර ඇත. මෙම අවුලේ තවත් දිගුවක් වන්නේ මෑතදි හඳුන්වා දුන් වෘත්තීය ප්‍රවේශය පාසල් වැඩසටහනයි 2017 වසරේ නියාමන ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරනු ලැබුවද මෙම අංශයේ ක්‍රියාත්මක භාවය පිළිබඳ ගැටලු රාශියක් ඇතිවී තිබේ. කාර්මික විද්‍යාල සහ වෘත්තිය පුහුණූ ආයතනවල විශාල මානව හා භෞතික සම්පත් තිබියදි පාසල්වලට සම්පත් ලාබාදිම විශාල වියදමක් දැරිය යුත්තකි.
එසේම වෘත්තීය පුහුණූව තුළ තිබිය යුතු ගුනාත්මක භාවය ආරක්ෂා කර ගැනිම සහ රැකියා සඳහා යොමු කිරිම අතින් පාසල් පද්ධතිය දියුණූ කිරිමට විශාල මුදලක් සහ කාලයක් ගත වන්නකි .
මේ නිසා ඔළුව පිටු පසින් අත දමා කන් අල්ලනවාට වඩා පහසුවෙන් අධ්‍යාපන වෘත්තීය අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය එක් අමාත්‍යාශයක් යටතට පත් කර සාමාන්‍යපෙළ සහ උසස් පෙළ අවසන් වු පසු තව මාස කීපයක් දරුවන් පාසල් තුළ රදවාගෙන ඔවුන්ගේ වෘත්තිය නැමියාවන් තෝරා ගැනිම පහසුකර වාත්තිය පුහුණුව සඳහා යොමු කිරිම කළ හැකි අතර වෘත්තිය පුහුණූ ආයතනද පාසල් පද්ධතියේ කොටසක් ලෙස ක්‍රියාත්මක විමට ඉඩ ලබා දිය යුතුය. පසුව හත හෝ අට ශ්‍රේණීයේ පවත්වන විභාගයකින් උසස් අධ්‍යාපනය ලබන දරුවන් තෝරාගෙන ඉතිරි සිසුන්ට තවත් වසර දෙකකින් හෝ තුනකින් වෘත්තිය පුහුණුවට යොමු කළ හැකි වන සේ වෘත්තීය අභිප්‍රේරණ කියාදොමයක් සිදු විය යුතුය. මානව සම්පත යනු රටක සංවර්ධනයේ වැදගත්ම සාධකයයි. මෙම සම්පත වැඩිදියුණූ කිරිම අධ්‍යාපනයේ මුලිකම අරමුණු විය යුතුය.