
මෙවර ඇමරිකානු කවීන් දෙදෙනෙකු ඔබට හමුවේ. මොවුන් දෙදෙනා ම ඇමරිකාවෙන් කවි සඳහා දෙන ලද ඉහළම ත්‍යාගය වන පුලිට්සර් සම්මානයෙන් පිදුම් ලැබුවෝ වෙති. පළමු කවියෙන් මිනිස් ස්වභාවය ගැන අවබෝධයක් ලැබෙන අතර දෙවනි කවියෙන් ද මිනිස් සිත වැඩ කරන ආකාරය පිළිබඳ යමක් කියවේ.
Fire and Ice
- Robert Frost
Some say the world will end in fire,
Some say in ice.
From what I've tasted of desire
I hold with those who favor fire.
But if it had to perish twice,
I think I know enough of hate
To say that for destruction ice
Is also great
And would suffice.
ගින්න සහ අයිස්
-රොබට් ෆ්‍රොස්ට්-
ලෝකය ගින්නෙන් විනාශ වෙතැයි සමහරු කියති,
සමහරු අයිස්වලින් යැයි.
ආශාව ගැන මම දන්නා දේවලින්
ගින්න කියන පැත්තට මම බරය.
එහෙත් එය දෙසැරයක් විනාශ වේ නම්,
මම වෛරය ගැන දන්නා දේ ඇති
කීමට, විනාශය සඳහා අයිස් ද
හොඳ බව
ප්‍රමාණවත්බව.
රොබට් ෆ්‍රොස්ට්(1874-1963)ඇමෙරිකානු කවියෙකි. එහෙත් ඔහුගේ කවි ඇමරිකාවට පෙර එංගලන්තයේ පළවිණි. ගම්බද ජීවිතය පෙන්වා දීම තුළින් සංකීර්ණ සමාජීය හා දාර්ශනික ගැටලූ සාකච්ඡා කිරීමට ඔහුට හැකියාව තිබුණි. ඔහුගේ කවි පහසුවෙන් වර්ගීකරණයට ලක්කළ නොහැකි බව කියැවේ.
Music - Amy Lowell
The neighbour sits in his window and plays the flute.
From my bed I can hear him,
And the round notes flutter and tap about the room,
And hit against each other,
Blurring to unexpected chords.
It is very beautiful,
With the little flute-notes all about me,
In the darkness.
In the daytime,
The neighbour eats bread and onions with one hand
And copies music with the other.
He is fat and has a bald head,
So I do not look at him,
But run quickly past his window.
There is always the sky to look at,
Or the water in the well!
But when night comes and he plays his flute,
I think of him as a young man,
With gold seals hanging from his watch,
And a blue coat with silver buttons.
As I lie in my bed
The flute-notes push against my ears and lips,
And I go to sleep, dreaming.
සංගීතය
-ඒමි ලොවෙල්-
මගෙ අසල්වැසියා ඔහුගේ ජනේලය ළඟ හිඳ ඔහුගේ බටනළාව වයයි.
ඇඳ මත ඉන්නා මට ඔහුව ඇසෙයි,
පූර්ණ වූ ස්වර පියාඹමින් කාමරය පුරා තට්ටු කරයි,
එකිනෙකා සමඟ ගැටෙමින්
අනපේක්ෂිත ශබ්ද බවට බොඳවෙයි.
එය ඉතා සුන්දරය,
මා වටා කුඩා බටනළා හඬවල් හැමතැනම,
කලුවරේ.
දවල් කාලයේ
මගෙ අසල් වැසියාපාං සහ ලූනු කයි එක අතකින්
අනෙකින් සංගීතය පිටපත් කරන ගමන්.
ඔහු මහතයි, තට්ට හිසක් සහිතයි,
එම නිසා මම ඔහු දෙස නොබලමි,
ඒ වෙනුවට ඔහුගේ ජනේලය පසුකරමින් දුවමි.
ඇස් යොමු කිරීමට හැමවිටම අහස ඇත,
හෝ ළිඳ තුළ වතුර!
එහෙත් රාත්‍රිය ආ විට සහ ඔහු බටනළාව පිඹින විට,
ඔහු තරුණ මිනිසෙකු යැයි මම සිතමි,
ඔහුගේ ඔරලෝසුවෙන් රන් මෙවලම් එල්ලෙන
රිදී බොත්තම් සහිත නිල් කබායකින් සැරසුණු.
මම මගේ ඇඳේ සිටිනා විට
බටනළා ස්වර මගේ කන් සහ දෙතොල් තෙරපයි
මම නින්දට වැටෙමි, සිහින දකිමින්.
ඒමි ලොබෙල් යනු (1874 – 1925) ඇමෙරිකානු කිවිඳියකි. ඇයට ඇයගේ මරණයෙන් පසුව 1926 දී පුලිට්සර් සම්මානය හිමිවිය.
ව්‍යාකරණ ඉඟිය
මෙම කවි දෙකෙන් නාම පද සහ සර්ව නාම ගැන අවබෝධයක් ලබා ගත හැකි ය. නාම පද කොතැනක පිහිටවූවත් එකම ආකාරයෙන් යොදෙන අතර සර්ව නාම යෙදෙන තැන අනුව වචනයම වෙනස් වේ. උදාහරණයක් වශයෙන් ‘he’ යන සර්ව නාමය උක්තය ලෙස යෙදෙන්නේ නම් ‘he’ ලෙස ද අනුක්ත ස්ථානයේ යෙදෙන්නේ නම් ‘him’ ලෙස ද අයිතිය හඟවන අර්ථයෙන් නම් ‘his’ ලෙස ද යෙදේ.දෙවනි කවියේ බොහෝ සර්ව නාම මේ හැම ආකාරයකින් ම දැක ගත හැකිය.