
ජනප්‍රවාද අනුව ශ්‍රී පාදයට යන ගමන් මාර්ගය මුලින්ම සොයා ගත්තේ භාතික අභය රජුගේ මල් උයනේ මල් සොරකම් කළ සොරුන් ඇල්ලීමට රඳවා සිටි අත් පා නැති කොටෙකි. ජනප්‍රවාදෙය් යම් හරයක් තිබිය හැකිය . මේ භාතිකාභය රජුගේ රාජ්‍ය කාලය ක්‍රිස්තු පූර්ව 22 - ක්‍රිස්තු වර්ෂ 07 දක්වාය. මෙම කොටා ජීවත්වූහයි සලකන පණම්මිල්ල ගසක් ගිනිගත්හේන නුදුරුව අදත් ඇත. ඒ ගස පිහිටා ඇත්තේ පැරැණි ශ්‍රී පාද මාර්ගයේ පිහිටි හඟරාපිටිය මාර්ගය අද්දරයි. ශ්‍රී පාදයට වන්දනාකරුවන් ඒම පැතිර ගියේ භාතික අභය රජු කල බව අනුමාන කළ හැකිය.
බුදුහිමි බුද්ධත්වයට පත්ව පළමු ලංකාගමනය සිදු වූයේ මහියංගණයේ යක්ෂ දමනයටයි. ඒ බුදු වී මාස නවයකට පසු දුරුතු පසළොස්වකදාකය. මහියංගණයේ යක්ෂ බලය දමනය කළ අයුරු මහාවංශයේ පළමු පරිච්ඡේදයේ විස්තර වෙයි. යක්ෂ දමනයට පසු බුදුහිමි බැහැ දුටු සමන්තකූටයට අධිපති මහා සුමන දෙවි සෝවාන්ව බුදුහිමිගෙන් පූජා වස්තුවක් ඉල්ලයි. බුදුහිමි හිස පිරිමැද කේශ ධාතු මිටක් සුමන දෙවියන්ට දෙයි. එම කේශධාතු නිදන් කොට මහියංගණ දාගැබ පළමුවරට ගොඩනඟන්නේ සුමන දෙවිය.
ආටානාටිය සූත්‍රයේ අටවිසි යක්ෂ සෙන්පතිවරුන් අතරින් සුමන නාමය එයි. ඒ අනුව මහාචාර්ය පරණවිතාන අනුමාන කරනුයේ යක්ෂ සෙන්පතියකු වූ සුමන පසු කල බුදුහිමිගෙන් බණ අසා සෝවාන්ව සමනළ කන්ද වාසස්ථානය කර ගත් බවයි.
සුමන දෙවිඳුගේ වැඩිමල් සහෝදරිය වූ මහ ලොකු දේවිය අදත් මහියංගණය අවට කුඩා දේවාල කීපයක ම යක්ෂ ස්වරූපයෙන් ම අදත් පුද ලබයි.
ඇගේ රූපවල මුව දෙපස නෙරා ගිය දත් දෙකක් දැක්වෙයි. මේ අනුව සමන් දෙවි මෙන් ම මහලොකු දේවිය ද මුල් යක්ෂ ගෝත්‍රික ප්‍රධානීන් බව පෙනෙයි. අදත් ශ්‍රී පාදය යනවිට වන්දනාකරුවන් නිතර කියන “කරුණාවයි” පාඨය අනුව සමන් දෙවි කරුණා රසයට අධිපති යමදෙවි බවද තව අදහසක් නම් මහාචාර්ය පරණවිතාන ලිවූ “ද ගෝඩ් ඔෆ් ඇඩම්ස් පීක්” ඉංග්‍රීසි ග්‍රන්ථයේදී ද ඉදිරිපත් කරයි.
ශ්‍රී පාදයේ එක් ගල් පර්වතයක් ද “ධර්මරාජ ගල” යනුවෙන් හඳුන්වයි. බුදුහිමි සමන් දෙවිඳුගේ ආරාධනාවෙන් සමනළ කඳු මත ශ්‍රී පාදය පිහිටුවන්නේ තුන්වැනිවර ලංකාවට වැඩි විටයි. තුන්වැනිවර ලංකාවට වැඩීමට බුදුහිමිට ආරාධනා කළේ මණිඅක්ඛිත නාග රාජයාය. පන්සියයක් රහතුන් පිරිවරා ගෙන බුදු වූ අටවැනි අවුරුද්දේ තුන්වැනි වර ලංකාවට වැඩි බුදුහිමි සොළොස්මස්ථාන පවිත්‍ර කරයි.
සමන් දෙවිඳුගේ ආරාධනාවෙන් තුන්වැනිවර සමනළ කඳු මුදුනේ ශ්‍රී පාදය පිහිටුවයි. ඉන්පසු ශ්‍රී පාද කඳුමුදුනේ පිහිටි දිවාගුහාවේ බුදුහිමි දිවා විහරණය කරයි. බුදුහිමි දිවාවිහරණය කළ දිවාගුහාව යනු ශ්‍රී පාද කන්ද එක එල්ලේ බෑවුමේ පිහිටි බටතොට ලෙන බව තොරතුරු අනුව පෙනී යයි. එහි සිට බැලූ විට ශ්‍රී පාද පද්මය එක එල්ලේ දිස්වෙයි.
ජනප්‍රවාද අනුව ශ්‍රී පාද පිහිටි සමනළ කන්දේ ගුප්ත බව හා ගමන් දුෂ්කරතාවය නිසා ඉතා රහසිගත පූජා ස්ථානයක් විය. දුටුගැමුණු රජු (ක්‍රි:පූ: 161 - 137) සමන්කූට විහාරයේ විසූ මලියදේව හිමි ප්‍රධාන හිමිවරුන්ට අක්ඛකායික සාගතයේදී දුන් දානයක් ගැන මහාවංශය කියයි. මේ අනුව මුල් ම කාලයේ ශ්‍රී පාද පද්මයේ ඉහළ භික්ෂු රහත් හිමිවරුන් වාසය කළ පුදබිමක් තිබී ඇත. එහෙත් වන්දනාකරුවන් ගිය බවක් වංශකතාවල සටහන් වෙයි.
ජනප්‍රවාද අනුව ශ්‍රී පාදයට යන ගමන් මාර්ගය මුලින් ම සොයා ගත්තේ භාතික අභය රජුගේ මල් උයනේ මල් සොරකම් කළ සොරුන් ඇල්ලීමට රඳවා සිටි අත් පා නැති කොටෙකි. ජනප්‍රවාදෙය් මේ හරයක් තිබිය හැක. මේ භාතිකාභය රජුගේ රාජ්‍ය කාලය ක්‍රිස්තු පූර්ව 22 - ක්‍රිස්තු වර්ෂ 07 දක්වාය. මෙම කොටා ජීවත්වූහයි සලකන පණම්මිල්ල ගසක් ගිනිගත්හේන නුදුරුව අදත් ඇත. ඒ ගස පිහිටා ඇත්තේ පැරැණි ශ්‍රී පාද මාර්ගයේ පිහිටි හඟරාපිටිය මාර්ගය අද්දරයි. ශ්‍රී පාදයට වන්දනාකරුවන් ඒම පැතිර ගියේ භාතික අභය රජුකල බව අනුමාන කළ හැක.
අඹගමුව ශිලාලිපිය අනුව මේ කල්පයේ පහළ වූ කකුසඳ - කෝණාගම - කාශ්‍යප යන තුන් බුදුවරුන්ගේ ශ්‍රී පාද සමනළ කඳු මත තිබී ඇත. ශ්‍රී පාදයට යන ප්‍රධාන මාර්ග තුනකි. හැටන් පාර - රත්නපුර පාර - කුරුවිට පාර ඒවාය. අතීතයේ හැටන් පාරේ ශ්‍රී පාද සීමාව වූයේ ගිනිගත්හේනයි. ඉන් ඈත එක ම ඝන කැලෑව “හිමේ” යනුවෙන් හැඳින්වෙන පූජනීය කැලෑ බිමක් විය.