දුම්රිය ගාස්තු පසුගිය සතියේ සිට ඉහළ නැංවිණි. මඟී ජනතාවට අවම වියදමකින් ගමන් බිමන් යාමට තිබූ එකම මාර්ගයද එයින් ඇහිරී ගිය බවට මඟීහු චෝදනා කරති. මෙහිදී පළමුව අප විමසා බැලිය යුත්තේ දුම්රිය ගාස්තුව ඉහළ නංවන්න කෙසේද යන්නය. ඒ සඳහා ප්‍රමිතිගත ක්‍රමවේදයක් ඇත. බ්‍රිතාන්‍ය සමයේ සිට දුම්රිය ගාස්තුව ඉහළ නංවන ලද්දේ ඒ ක්‍රමවේදය අනුවය. ඒ අනුව දුම්රිය ගාස්තුව ඉහළ නැංවීමේ ප්‍රතිශතය තීරණය කළ...