අතරමැදියන් නැත්නම් පොල් මිල පහළට | සිළුමිණ

අතරමැදියන් නැත්නම් පොල් මිල පහළට

පොල්වතුවලින් පොල් මිල දී ගැනීමේදී ක්‍රමවත් ජාලයක් පවතින්නේ නම්, පොල්වල මිල අනවශ්‍ය ආකාරයට ඉහළ යෑම වැළැකෙන බව පොල් වතු සංගමයේ සභාපති ජයන්ත සමරකෝන් මහතා පවසයි. පසුගිය කාලයේ පැවැති පොල් මිල ඉහළ යෑමට නියඟය ඍජුවම බලපෑවත්, අතරමැදියන්ගේ අත්තනෝමතික ක්‍රියාදාමය ප්‍රබලව බලපෑ බවද ඒ මහතා පැවැසීය.

මේ වන විට පොල් වත්තකින් පොල් ගෙඩියක් රුපියල් පනහක් වැනි මිලකට මිලදී ගත හැකි අතර, එය වෙළෙඳපොළට යෑමේදී රුපියල් අනූව - සීය පමණ වෙන්නේ අතරමැදි ක්‍රියාකාරිත්වය නිසා බව පැවැසූ සභාපතිවරයා මේ තත්ත්වයට විසඳුම් සෙවීමට නම් රජයේ පොල්වතුවලින් වැඩිපුර පොල් ප්‍රමාණයක් පාරිභෝගිකයන්ට මිල දී ගත හැකි පරිදි වෙළෙඳපොළට යැවිය යුතු බවද කීය. 

 

Comments