වාහනේ පොඩි වුණත් වසරකට විස ටොන් 130,000ක් | සිළුමිණ

වාහනේ පොඩි වුණත් වසරකට විස ටොන් 130,000ක්

 වසරක් ඇතුළත අපේ රටේ ඇති මෝටර් සයිකල් හා ත්‍රිරෝද රථවලින් කාබන් මොනොක්සයිඩ් මෙට්‍රික් ටොන් 75,000කට අධික ප්‍රමාණයක් වායුගෝලයට නිකුත් වන බව පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය කළ සමීක්ෂණ මඟින් හෙළි වී තිබේ.

මීට අමතරව මෙරට ඇති මෝටර්සයිකල් හා ත්‍රිරෝද රථවලින් හයිඩ්රොකාබන් මෙට්‍රික් ටොන් 55,000ක් පමණ අප අවට වායු ගෝලයට නිකුත් වන බවද මේ අධ්‍යයන අනුව හෙළිවී ඇතැයි එම අමාත්‍යාංශයේ දේශගුණ විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලය පවසයි.

දේශගුණ විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ රුවන් වීරසූරිය මහතා පවසන්නේ අපේ රටේ වාහන ප්‍රමාණය හා ඉන් වායු දූෂණය වන ප්‍රමාණය පසුගිය වසර 5-6 අතර දෙගුණ වෙමින් පවතින බවයි. 

 

Comments