
බැංකු නිලධාරීන් ලෙස ඒටීඑම් යන්ත්‍ර අසල පෙනී සිටිමින් ගනුදෙනුකරුවන් රවටා ඔවුන්ගේ ගිණුම්වල මුදල් ව්‍යාජ කාඩ් පත් මඟින් ඒටීඑම් යන්ත්‍රවලින් ලබාගැනීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළිව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.
ඒටීඑම් යන්ත්‍ර අසල බැංකු නිලධාරීන් ලෙස පෙනී සිටින මේ පිරිස් ගනුදෙනුකරුවන් පැමිණෙන විට ඒටීඑම් යන්ත්‍ර සම්බන්ධ යම් පරීක්ෂාවන් කරන බව ගනුදෙනුකරුට පෙනෙන්නට සලස්වා, සුළු පරීක්ෂාවකටැයි පවසා ගනුදෙනුකරුවන්ගේ කාඩ් පත් ඉල්ලාගෙන තත්පර ගණනක් තුළ තමන් අත ඇති 'ස්කිමර් ඩිවයිස්' නමැති සූක්ෂ්ම දත්ත ගබඩා උපකරණයකින් ගනුදෙනුකරුගේ කාඩ් පතේ දත්ත ගනුදෙනුකරුට නොපෙනෙන නොදැනෙන සේ පිටපත් කරගනිති.
විනාඩි ගණනක් තුළ ව්‍යාජ කාඩ් පතක් සකස් කර ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වල මුදල් ඒ ව්‍යාජ කාඩ්පත් මඟින් ලබාගැනීමට මේ පිරිස් කටයුතු කර ඇති බවට මේ වන විට හෙළි කරගෙන ඇතැයිද පොලිස් අධිකාරිවරයා කීය.