යාබා ඇවිත්! පරිස්සමින් | සිළුමිණ

යාබා ඇවිත්! පරිස්සමින්

 තරුණ පරපුර විශේෂයෙන් ඉලක්ක කරගත් 'යාබා' නමින් හඳුන්වනු ලබන මත් පෙති අලෙවිය දිවයින තුළ රහසිගතව සිදු කෙරෙන බවත්, ඇම්පෙටමින් අඩංගු 'යාබා' පෙති 1475ක් පසුගියදා වැල්ලම්පිටිය කොලොන්නාවේදී අත් අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.

ලක්ෂ 21ක පමණ වටිනාකමින් යුත් මේ මත් පෙති තොගය සමග වයස අවුරුදු 35ක සැකකරුවකු අත් අඩංගුවට ගෙන ඇත. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට ලැබුණු ‍තොරතුරක් මත මේ වැටලීම් සිදු කර ඇති අතර, එම කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යනු ලැබේ. 

Comments