
පිට සක්වල ජීවීන් පිළිබඳ මේ වන විට විවිධ කතා ගොඩ නැගෙමින් තිබේ. අතීත ලක්වැසියා පිටසක්වල හි විසූ විවිධ ජීවින් සමඟ සබඳතා පැවැත් වූවේ ය යන්න මතයකි. එහි ඇති ඇත්ත නැත්ත තහවුරු කීරිමට මෙතෙක් හැකියාවක් ලැබී නැත. එහෙත් නැවත ඒ පිළිබඳව අවධානය යොමු කිරීමට අප මෙහෙයවන සිතුවම් රැසක් පොළොන්නරුව තිවංක පිලිම ගෙයි සිතුවම් අතර වේ. මේ සිතුවම් පැහැදිලිව හඳුනා ගැනීමට හැකි වූයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් තිවංක පිළමගෙයි සිතුවම් දියුණු තාක්ෂණික ක්‍රමවේදයන් අනුව ඡායාරූප ගත කිරීමේ දීය.
බිතුසිතුවම් ඡායාරූප මගින් වාර්තා කිරීම කෙරෙහි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවීම හේතුවෙන් ෙම්වන විට ස්ථාන රැසක සිතුවම් ඡායාරූපගත කිරීම සිදුකොට තිබේ. ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තෙම්න්තුවේ ඡායාරූප අංශය කටයුතු කරයි. මේ අනුව විනාශ වෙමින් පවත්නා නමුත් සංරක්ෂණය කරමින් ආරක්ෂා කරගත යුතු පුරාවිද්‍යාත්මක හා සෞන්දර්යාත්මක වශයෙන් වටිනාකමින් යුත් පැරැණි බිතුසිතුවම් මෙලෙස ඡායාරූප මඟින් වාර්තාකරමින් තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඡායාරූප අංශයේ අර්ජුණ සමරවීර, නිශාන්ති රණසිංහ, සුමේධා දීප්ති කුමාරි, පාලිත හේරත්, අයි.පී.එස්. නිශාන්ත, මහේෂ් ගුරුමැටිය සිතුවම් ඡායාරූප ගත කිරීමට කටයුතු කර තිබේ.
කැලණි විහාරය, දෙගල්දොරුව, සීගිරිය හා තිවංක පිළිම ගෙයි සිතුවම් ඡායා රූප ගතකර අවසන්ය. මෙසේ ගන්නා ලද සිතුවම් සජීවී ප්‍රමාණයට වඩා විශාල කිරීමේ හැකියාවක් තිබේ. එහේතුවෙන් එම සිතුවම් හි සියුම් විස්තර පවා හඳුනා ගැනීමට අවස්තාව සැලැසේ. මෙහිදී සිතුවම් හා පවත්නා හායන තත්ත්වයන්, පින්සල් පහරෙහි ස්වභාවය, මෙන්ම සිතුවම් හි ඕනෑම තැනක නිවැරදි මිණුම් ලබා ගැනීමේ හැකියාව ඇත. අනාගත සංරක්ෂණ හා සංවර්ධන කටයුතු වලදි ඉහත ගුණාත්මක බවින් යුතුව ලබා ගත් ඡායාරුප උපකාරීවනු ඇත. මෙසේ තිවංක පිලිම ගෙයි සිතුවම් වාර්තා කරණයේදි හඳුනා ගන්නා ලද සිතුවමෙහි ඇති වෙනස් රූප කෙරෙහි අවධානය යොමු වෙමින් තිබේ.
තිවංක පිළිම ගෙයි ඇති තිභංග බුදුරුව මගින් කියැනේනේ මාතෘ දිව්‍ය පුත්‍රයාට අභිධර්මය දේශනාකිරීම සඳහා සංකස්ස පුරයට වැඩම කළ බුදු රජාණන් වහන්සේ නැවත මනු ලොවට වැඩමකිරීමයි. සංකස්ස පුරයේ සිට දිව්‍යමය හිණිපෙලක් දිගේ පොළෝ තලයට පා තබන බුදුන්ගේ (සිරුරේ නැවීම්) ත්‍රිභංග ලක්ෂණ නිරූපණය වන සේ නිර්මාණකරුවා විසින් තිවංක පිළිම ගෙයි ප්‍රධාන බුදු රුව නිර්මාණය කර තිබේ. මේ බුදු රුව ප්රදක්ෂිණා කරමින් වන්දනා කිරිමට හැකිවන සේ විහාර ගෙයි ඇතුළු ගර්භයේ ප්රදක්ෂණා පතයක් සකසා ඇත. මෙහි පියස්ස ගඩොලින් නිමවා තිබේ. මෙම ප්‍රතිමා ගෘහය පොළොන්නරුවේ ථූපාරාම ප්රතිම ගෘහයටත් ලංකා තිලක ප්‍රතිමා ගෘහයටත් වාස්තු විද්‍යාත්මකව සමානය. ෙම් විහාර ගෙයි මතු මහලක් පිහිටා තිබූ බවට සාධක තිබේ. වම් පස බිත්තියට සමාන්තරව පිහිටි හිණිපෙළ ඊට සාක්ෂි දරයි. අන්තරාලයේ සිට ප්‍රතිමා ගෘහයෙන් නික්මෙනු පිනිස මඟක් සහිත දොරටුවකි. එහි පියස්සේ පවා අලංකා කාර සිතුවම් පැවැති බවට සාධක තිබේ.
මුල් වරට තිවංක පිළිම ගෙයි කැණීම් සිදුකරණ ලද්දේ පුරාවිද්‍යා නිලධාරී බරොස් මහතා විසිනි. එහෙත් සිතුවම් හි විෂය තේරුම් ගැනීමට ඔහු අපොහොසත් විය. බෙල් මහතා විසින් සිතුවම් හි වස්තු විෂය හඳුනා ගැනිණ. 1909 දී බෙල් මහතා දැක වාර්තා කළ සිතුවම් රැසක් අද දක්නට නැත. එවකට ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ ඒ. මරේ මහතා මෙහි ඇතැම් සිතුවම් පිටපත්කර ඇත. ඒ 1886දීය. තිවංක පිළිම ගේ නිර්මාණය කර ඇත්තේ මහා පරාක්‍රම බාහු මහ රජු බවද, එහි සිතුවම් පොළොන්නරු වට ආසන්න කාලීන මහියංගන හා පුල්ලිගොඩ සිතුවම් වලට සමාන බවද මහාචාර්ය සෙනරත් දිසානායක මහතා විසින් රචිත පොළොන්නරුවේ තිවංක පිළිමගේ නම් කෘතියේ සඳහන්ය.
තිවංක පිළිමගෙයි සිතුවම් රතු පිටත ඉරිවලින් ඇඳ රතු කහ සහ කොළ වර්ණයන්ගෙන් වර්ණ ගන්වා ඇත. තැනට ගැලැපෙන ආකාරයට චිත්රයේ පිටත ඉරි නැමීමෙන් හා . සිහින් ඉරි කැබලි යොදා රූප වල හා ගස්වල හා වටකුරු බව පෙන්වීමට නිර්මාණ කරුවා කටයුතු කර තිබේ.
පොලොන්නරුවේ පැරැණි නගරයේ ඇති ගොඩනැගිලි අතරින් බහුතරය මහපරාක්රම බාහු රජු විසින් ක්‍රි. ව. 1153-1186 කාලයේ ඉදිකරන ලද ඒවාය. පොලොන්නරුව විසිතුරු කිරීමේ ගෞරවය මහා පරාක්‍රමබාහු රජුට හිමි වේ. තිවංක පිළිම ගෙය මහා පරාක්‍රමබාහු රජු කළ ජේතවන විහාරයට අයත් ප්‍රතිමා ගෘහයයි.මේ පිළිම ගෙය රජු විසින් දිව්‍යමය වාසභවනක් සේ නිර්මාණය කළේය. වාස්තු විද්‍යාත්මක අතින් මෙන්ම කලාත්මක අතින් ද අනගි නිමැවුමක් වු තිවංක පිළිම ගෙය සම්පූර්ණයෙන්ම ගඩොලින් කළ නිර්මාණයකි. මෙහි බිතු සිතුවම් හා විමාන සිතුවම් සැරසිලි අලංකාර හා සංකීර්ණත්වයෙන් යුතුය. ඒවා ථුපාරාමය හා ලංකාතිලකය අභිබවා යයි. තිවංක පිලිමගෙයි අභ්‍යන්තරයෙහි ඇති බිතුසිතුවම් අනඟිවේ.
ප්‍රතිමා ගෘහය ඉදිරි කොටසේ සස, විදුර, අසංක, මෛත්රීබල, චුල්ලපදුම, මහා සුදස්සන, තේමිය හා උම්මග්ග ජාතක කතා සිතුවම් කොට ඇත. ඇතුලු ගර්භයේ (අන්තරාල කොටසේ) බුද්ධ ප්‍රතිමාවට වැඳ නමස්කා කරන දිව්‍ය රූ සිතුවමට නඟා ඇත. ගර්භයේ විසිතුරු සිතුවම් අතර මාතෘ දිව්‍ය රාජයාට අබිදම් දෙසා සංකස්ස පුරයෙන් පොළොවට වැඩම කරන බුදුන්ගේ රුව වේ.
මේ සිතුවම් අතර ඇති විශේෂිත රූප කෙරෙහි විචාරක අවධානය යොමු වී ඇත. ඇතැම් රූප මුහුණු නිර්මාණය වී ඇති ආකාරය මිනිස් මුහුණකට වෙනස් බව ද, ඇතැම් සිතුවම් හි හිස් පළඳනාව ලෙස යොදා ඇති හිස් ආවරණය පිළිබඳවද විවිධ අදහස් වේ.
දේව ආරාධනය නම් සිව්වරම් දෙවිවරුන් දැක්වෙන සිතුවමෙහි ඇති වෙනස් ආකාරයේ මුහුණහි නෙත් හා මුව වෙනස් ම ආකාරයකට නිර්මාණය කර ඇති අතර ගෝලයක් බදු හිස් පළඳනාව නරඹන්නාගේ අවධානය දිනාගනී. ඇතැමුන් ගේ අදහස වන්නේ මෙහි පිට ග්‍රහ ලොවකින් පැමිණි අයෙක් සිතුවම් කර ඇති බවයි. එම සිතුවමෙහි ම නිර්මිත වෛශ්‍රවණ දිව්‍ය පුත්‍රයා ගේ රුව දත් සහ දළ පෙනෙන ආකාරයට නිර්මාණයකර ඇත. වෛශ්‍රවණ දිව්‍ය පුත්‍රයා යක්ෂයෙක් සේ ජනවහරේ දැක්වේ.
අන්තරාලයේ දකුණු බිත්තියේ මැද තීරයේ දැක්වෙන චුල්ලපදුම ජාතකය ලෙස හඳුනාගෙන ඇති සිතුවමෙහි ද වෙනස් මානව රූප හඳුනා ගත හැකිය. එහි වම් කෙළවරෙහි සිතුවම් කර ඇති මිනිසාට ඇත්තේ මිනිස් මුහුණකට කිසි සෙත් සමාන නොවූ මුහුණකි. ඊට දකුණින් ඇති මානව රූපය හිස් ආවරණයක් සහිතය. එය දිව්‍ය හෝ මනුස්ස රූපයක් සේ සැලැකිය නොහැකි බවත් එම හිස ආවරණය මත වෙනස් හඳුනා ගැනීමක් දැක ගත හැකි බවත් ස්වාධීන විචාරකයන්ගේ මතයයි. මේ රූපයට ආභරණ පළවා තිබේ. එම සිතුවමෙහි වමේ සිට සිව්වෙනුව ඇඳි රුව දෙස විමසිලිමත්ව බැලීමේදී එම මානව රූපයේ හිස මත ද එවැනි යම් සංකේතයක් දැකගත හැකිය. එම රුවටද යම් පමණකින් අභරණ පළඳවා ඇත. මේ සිතුවම් මගින් නිර්මාණ කරුවා නිරූපණය කිරීමට උත්සාහ කර ඇත්තේ වෙනත් ග්‍රහ ලොවකින් පැමිණී ජීවින් වන්නට ඇතැයි ස්වාධීන විචාරක මතයයි.
ඇතුලු ගෘහයෙහි ඇඳි තවත් එවැනිම හිස ආවරණය කරගත් ස්වාධීන විචාරකයන් පවසන පරිදි හිස මත සන්නිවේදන උපකරණ සහිත අභරණ පැළැඳි මානව රූපයක් වේ. එම රුවෙහි ඇස්වල පිහිටීම හා හැඩය පිළිබඳ අප අවධානය යොමු කිරීම වැදගත්ය.
ස්වාධීන විචාරක මතය වන්නේ අතීත ලක්වැසියා පිටසක්වල ජීවින් ලෙස වර්තමානයේ සලකනු ලබන වෙනත් ග්‍රහ ලොවකින් පැමිණි මිනිසුන් හඳුනා ගනිමින් ඔවුන් හා ගනුදෙනු කරන ලද බව තහවුරු කිරීමට මේ සිතුවම් සාක්ෂි ලෙස භාවිත කළ හැකි බවයි.
කීර්තිමත් පුරාවිද්‍යාඥයකු වන හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් දිසානායක මහතා තිවංක පිලිමගෙ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර සිතුවම් අධ්‍යානය කොට වාර්තා කර තිබේ. ඒ මහතා පැවැසූවේ මේ සිතුවම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි. මේ සිතුවම් පිළිබඳ නැවත අධ්‍යනයකින් පසු අදහස ප්‍රකාශ කිරීමට හැකී බැව් ඒ මහතා පැවැසීය. මේ සිතුවම්වලට යටින් අඳින ලද සිතුවම් පවතින බවත්, සිතුවම් මත නැවත සිතුවම් ඇඳීමට නිර්මාණකරුවා කටයුතු කර ඇති බවත්, වැඩි දුරටත් ප්‍රකාශ කළ සෙනරත් දිසානායක මහතා මනා අධ්‍යයනයකින් පසු නිශ්චිත අදහසක් ඉදිරිපත් කිරීම කළ යුතු බව ද වැඩි දුරටත් පැවැසීය.
කෙසේ වූවද මේ සිතුවම් වසර දහස් ගණනක් අනාරක්ෂිතව අව් වැසි සුළං පීඩාවන්ට නතුවෙමින් සුරැකී ඇති සිතුවම් වේ. වියලි බිත්තියේ ඇඳිමේ සිතුවම් නිර්මාණය කිරීමට භාවිත කර ඇත්තේ රතු කොළ හා කහ වර්ණ ත්‍රිත්වය පමණි. රක්ත වර්ණයෙන් පිටත ඉරි ඇඳ කොළ සහ කහ වර්ණයන්ගෙන් වර්ණ ගන්වා ඇත. නිර්මාණකරුවාගේ ප්‍රතිභාව හා කුසලතාව ඉන් ප්රකටය. චිත්රයේ පිටත ඉරි නැමීමෙන් හා එම ඉරිවල මහත වෙනස් කිරීමෙන් රේඛා යෙදීමෙන් සිතුවම් අලංකාර ලෙස නිර්මාණය කර ඇති අතර වර්ණ තුනක් පමණක් භාවිතයෙන් දක්වා ඇති දස්කම් විශිෂ්ටය. එබැවින් එ්වා ඡායාරූප ලෙස සංරක්ෂණයට ගත් උත්සාහයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඡායාරූප අංශයට ස්තුතිය පිරිනැමිය යුතුවේ.
සේයා රූ - පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
ටෙක්ලා පද්මිණී කාරියවසම්