අමතර පන්ති නීතිය දැඩිව | සිළුමිණ

අමතර පන්ති නීතිය දැඩිව

අගෝස්තු 8 වැනිදායින් ආරම්භ වන උසස් පෙළ විභාග මධ්‍යස්ථාන පැවැත්වෙන පාසල්වල අමතර පන්ති පැවැත්වීම හෝ අනවසරයෙන් කිසිදු පුද්ගලයෙකුට ඇතුළු වීම හෝ දැඩිව තහනම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන් ජේ පුෂ්පකුමාර මහතා සිළුමිණට පැවැසී ය. විභාග මධ්‍යස්ථාන පැවැත්වෙන පාසල්වල පන්ති පැවැත්වීම හෝ විභාග මධ්‍යස්ථාන පැවැත්වෙන පාසල් වලට අනවසරයෙන් කිසිවෙකු ඇතුළුවීම එම පාසලේ විදුහල්පතිට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට හේතු වන්නක් බවද කොමසාරිස්වරයා මෙහිදි අවධාරණය කළේ ය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස්වරයා පැවැසූයේ අ.පො.ස උසස් පෙළ විභාග මධ්‍යස්ථාන පැවැත්වෙන පාසලකට ඇතුළුවිය හැක්කේ එම පාසලේ විදුහල්පතිවරයාට පමණක් වන බවත්, එම පාසලේම කිසිදු ශිෂ්‍යයකුට හෝ ගුරුවරයෙකුට තම පාසලට විභාගය පැවැත්වෙන කාලයේදි අනවසරයෙන් ඇතුල්වීම සම්පූර්ණයෙන්ම තහනම් වන බවත් ය. අපො.ස සාමාන්‍ය පෙළ හා ශිෂ්‍යත්ව අමතර පංති විභාග මධ්‍යස්ථාන පැවැත්වෙන කාලය තුළදි ඒ ඒ පාසල් තුළ පැවැත්වෙන බවට විභාග දෙපාර්තමේන්තුවට යම් යම් පැමිණිලි ලැබී ඇති හෙයින් මෙම නීතිය මෙවර දැඩිව ක්‍රියාත්මක කිරීමට විභාග දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පැවැසී ය.

විභාග අපේක්ෂකයින් 315227 දෙනෙකු පෙනී සිටින මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු 8 දා සිට සැප්තැම්බර් 2 දා දක්වා පැවැත්වේ. අගෝස්තු 20 දා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට විභාග අපේක්ෂකයින් 356728 පෙනි සිටිති.

Comments