
මෙරට විදුලි බල නිපැයුම බලවත් අර්බුදයක පවතින බවත් මේ නිසා විදුලි පාවිච්චිය ඉතා අරපරිස්සමින් කළ යුතු බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.
නියඟය නිසා ජල විදුලිය නිපැයුම 20% දක්වා අඩු වී ඇති බව පවසන සුලක්ෂණ ජයවර්ධන මහතා නියඟය දිගටම තිබුණහොත් විදුලි බලය විසන්ධි වීම් සිදුවිය හැකි බව ද පවසයි. දැනට විදුලි බලාගාර ආශ්රිත ජලාශවල ජලය ඇත්තේ 35%ක් පමණකි. ඊට අමතරව නොරොච්චෝලේ 3 වැනි බලාගාරය අක්‍රිය වී ඇති බවත්, ඒ අනුව තාප විදුලිය නිපදවීම් මෙගාවොට් 300කින් අඩු වී ඇති බවත් මෙගාවොට් 163 ක් ජාතික විදුලිබල පද්ධතියට සපයන කැලණිතිස්ස පෞද්ගලික බලාගාරයත් අක්‍රිය වී ඇති බවත් සුලක්ෂණ වර්ධන මහතා පවසයි.
මේ අතර මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා වායු සමීකරණ බහුල ලෙස පාවිච්චි කරන බවත් ඒ නිසා දෛනික විදුලි බල ඉල්ලුම මේ නිසා වොට් පැය 43 දක්වා ඉහළ ගොස් ඇති බවත් සුලක්ෂණ ජයවර්ධන මහතා කියයි.