
මේෂ - යහපත් සතියකි
සඳු ගමන් කරන්නේ 4, 5, 6 යන භාවයන් මතිනි. කුටුම්භය තුළ තම යුතුකම් හොඳින් ඉටුකරයි. නිවැසි සියලු දෙනාටම සෙනෙහස පතුරයි. රැකියා, ව්‍යාපාරවලින් ආදායම් තත්ත්වය යහපත් වන අතර දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථකව සිදු කෙරෙයි. ආමාශගත රෝගවලට ඉඩ ඇති බැවින් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වන්න. අපල අවම වීමට ලේ දන් දීම, ලේ දෝෂ පවතින අයට උපකාර කරන්න.
සුබ අංක - 7, 9, සුබ වර්ණ - රතු, නිල්, සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා
වෘෂභ - දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය
සඳු ගමන් කරන්නේ 3, 4, 5 යන භාවයන් මතිනි. සහෝදර උපකාර ලැබෙන සහ දූදරු මාපිය සබඳතා වැඩි දියුණු වන සතියකි. පුණ්‍ය කටයුතු සඳහා එකට එක්වී සමාදානකාමී ජීවිතයක් ගෙවයි. රැකී රක්ෂා සඳහා ඇවිදිලි වැඩි වෙයි. ජලය සම්බන්ධව කෙරෙන කාර්යයන් පල දරයි. ලාභ ප්‍රයෝජන අත් වෙයි. ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ දක්ෂතා වැඩි දියුණු වෙයි. අපල අවම වීමට වකුගඩු රෝගීනට උපකාර කරන්න.
සුබ අංක - 6, 9, සුබ වර්ණ - සුදු, ක්‍රීම්, සුබ දවස් - සිකුරාදා, බදාදා
මිථුන - ධන ලාභ
සඳු ගමන් කරන්නේ 2, 3, 4 යන භාවයන් මතිනි. සහජ දක්ෂතා මඟින් සිය ආර්ථිකය ගොඩනංවාගෙන නොසැලී ඉදිරියට යන ඔබගේ අතමිට සරු වේ. ගෘහ ජීවිතය ගැටලු නොමැතිව කා සමඟත් සුහදත්වයෙන් පවත්වාගෙන යන අතර දූදරු මාපිය සබඳතා වර්ධන වේ. දරුවන්ගේ කථිකත්වයට ගායනයට ජයග්‍රාහී අවස්ථා හිමිකර දෙයි. ආමාශගත අසනීපවලට ඉඩ ඇත. අපල අවම වීමට කුඩා දරුවන් රැකබලා දෙන්න. ඔවුන්ට ආදරය දක්වන්න.
සුබ අංක - 5, 9, සුබ වර්ණය - කොළ, සුබ දවස් - සඳුදා, සිකුරාදා
කටක - සහෝදර සබඳතා වර්ධනයට
සඳු ගමන් කරන්නේ ලග්නය දෙවැන්න සහ තුන්වැන්න මතිනි. ඇසුරු කරන පුද්ගලයන් අතර ප්‍රියමනාප බව වැඩි වේ. ගතිගුණ සිතුවිලි ධාර්මික වන අතර ගෘහ ජීවිතය හොඳින් සැහැල්ලුවෙන් පවත්වාගෙන යයි. සහෝදර සබඳතා වර්ධනය වන ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ දැනුම වැඩිදියුණු වන සතියකි. ධනය හිමි වන ආර්ථිකය ශක්තිමත් වන රැකියාවලට අත ගසයි. අපල අනතුරු අසනීප ද පවතින බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න. අපල අවම වීමට බුදුන්ට සුදු මල් පුදා පත්තිනි මෑණියන්ට පින් දෙන්න.
සුබ අංක - 2, 9, සුබ වර්ණය - සුදු, සුබ දවස් - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
සිංහ - රැකී රක්ෂාවලින් ලාභ
සඳු ගමන් කරන්නේ 12 ලග්නය හා දෙවැන්න මතිනි. ආරම්භය පාඩු සිදුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. ඉන්පසු ගෘහ ජීවිතයේ සියලු කටයුතු හොඳින් සිදුකරගෙන යන දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය සහ තම රැකියා අංශවලින් ලාභ ද හිමි වෙයි. උනන්දුව ධෛර්ය කැපවීම මත ජයග්‍රාහී අවස්ථා දක්නට ලැබෙයි. විදෙස් ගමන් සපල විය හැකිය. අපල අවම කර ගැනීමට දුර්වල අයට උපකාර කරන්න.
සුබ අංක - 4, 9, සුබ වර්ණය - රතු, සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා, සිකුරාදා
කන්‍යා - ලැබීම් සහිත සතියකි
සඳු ගමන් කරන්නේ 11, 12 සහ ලග්න භාවය මතිනි. ආරම්භය කුමන හෝ ලාභ මතු කර දෙයි. ආර්ථිකය ශක්තිමත් වේ. ඇසුරු කරන්නන්ට කාරුණික වෙයි. ප්‍රියමනාප වේ. දුර ගමන් බිමන් යෙදේ. පුණ්‍ය කටයුතුවලට දායකත්වය ලබා දෙන දරුවන්ගේ දක්ෂතා ඔප් නැංවෙන දින කීපයකි. විදෙස් ගමන් සපල විය හැකි අතර නීතිමය කටයුතුවලට මැදිහත් වීමක් ද පෙන්වයි. අපල අවම වීමට ඉවසීම, කතාවේ සංවර බව ඇතිකර ගන්න.
සුබ අංක - 3, 9, සුබ වර්ණය - කොළ, සුබ දවස් - බදාදා, සිකුරාදා
තුලා - මිශ්‍ර පල ගෙන දෙයි
සඳු ගමන් කරන්නේ 10, 11, 12 යන භාවයන් මතිනි. රැකියා සඳහා ඇවිදිලි වැඩි වේ. ජලය සම්බන්ධව කරන කටයුතු ව්‍යාපාර පල දරයි. ගෙදරදොර දියුණුව පිණිස වෙහෙසෙන දරුවන්ගේ අධ්‍යාපනික තත්ත්වය උසස් වන සතියකි. සතිය අවසානය කලකිරීම් සිත් රිදීම් ඇතිවිය හැකි බැවින් මධ්‍යස්ථව උපේක්ෂාවෙන් කටයුතුවල නිරත වන්න. ජනතාව ඇසුරු කරන්න. අපල අවම වීමට වකුගඩු, මුත්‍රා දෝෂ පවතින අයට උපකාර කරන්න.
සුබ අංක - 6, 9, සුබ වර්ණ - සුදු, ක්‍රීම්, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා
වෘශ්චික - වාසනාවන්ත සතියකි
සඳු ගමන් කරන්නේ 9, 10, 11 යන භාවයන් මතිනි. පුණ්‍ය සිතුවිලි සහිතව ආරම්භ වන සතිය ලාභ ප්‍රයෝජන හිමි කර දෙයි. රැකියා ව්‍යාපාරවලින් වෙනදාට වැඩි ආදායමක් පෙන්වයි. ඒ සඳහා ඇවිදිලි ද වැඩි වේ. ගෙදරදොර කටයුතු පිළිවෙළට තබන්නට වෙහෙසෙයි. දරුවන්ගේ අලස ගති දුරු වී ඉගෙනුමට උනන්දු වෙයි. සහෝදරයන්ට සුබ පල මෙන්ම ඒ අයගෙන් තමාට ද උපකාර ගෙන දෙයි. අපල අවම වීමට කලබල ගතිය අඩුකර ගන්න. අක්ෂි රෝගීන්ට සලකන්න.
සුබ අංක - 5, 7, 9, සුබ වර්ණය - රතු, සුබ දවස් - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
ධනු - පුණ්‍ය කටයුතුවලට යොමු වේ
සඳු ගමන් කරන්නේ 8, 9, 10 යන භාවයන් හරහාය. ආරම්භය කනගාටුදායක පුවත් සැලවිය හැකිය. ඉන්පසු තත්ත්වය සුබ අතට හැරේ. පුණ්‍ය කටයුතුවලට දායකත්වයක් ඇති වේ. රැකියා, ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන වෙනදාට වැඩියෙන් හිමි කර දෙයි. දුර ගමන් බිමන් ආශ්‍රිත රැකියා කරන්නට සිදු වෙයි. නිවසේ අලංකරණය පිණිස වැඩි කාලයක් ගත කරයි. උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන්ගේ සතුටුදායක ආරංචි අසන්නට ලැබේ. අපල අවම කර ගැනීමට භික්ෂූන් වහන්සේට වස් කාලයේ ගිලන්පස පූජා කරන්න.
සුබ අංක - 8, 9, සුබ වර්ණය - කහ, සුබ දවස් - ඉරිදා, බදාදා
මකර - ව්‍යාපාර දියුණුව
සඳු ගමන් කරන්නේ 7, 8, 9 යන භාවයන් හරහාය. රැකියා, වෙළෙඳ, ව්‍යාපාර සාර්ථක වන ලකුණු පෙන්වයි. පුණ්‍ය කටයුතු වෙනුවෙන් ද සුබසාධක කටයුතු, සමාජ සේවා වෙනුවෙන් ද කාලයක් වෙන් කරයි. තමාට කීර්තිය ගෞරවය ලැබෙන සහ පරලොව පිණිස මාර්ගය සකස් කර ගන්නා වැඩකටයුතුවල නිරත වන්නට ඉඩ ලැබේ. සහෝදර සහෝදරයන්ගේ උපකාරය හිමි වේ. සහජ දක්ෂතාවලින් වැඩ ගැනීමට අවස්ථා පැමිණේ. අපල අවම වීමට තිරිසන් සතුනට ආහාර ලබා දෙන්න.
සුබ අංක - 6, 9, සුබ වර්ණය - නිල්, සුබ දවස් - සිකුරාදා, බදාදා, සෙනසුරාදා
කුම්භ - මිශ්‍ර පල ගෙන දෙයි
සඳු ගමන් ගන්නේ 6, 7, 8 යන භාවයන් මතිනි. සතුරු කරදර ඉවත් වේ. ස්වෝත්සාහයෙන් වැඩ කටයුතු කර ගැනීමට සිදු වේ. ධෛර්ය සම්පන්න බව සිතට එක්වේ. ව්‍යාපාර අංශ දියුණු වේ. කනගාටුදායක පුවත් අසන්නට ලැබිය හැකි අතර අසනීප ගතිද පෙන්වයි. එහෙත් දියුණු තත්ත්වයකට අඩිතාලම සාදා ගනී. අන්‍යයන්ට හැකි පමණ උදවු උපකාර කරමින් පින්දහම් කටයුතුවලට සහභාගි වෙමින් කාලය ප්‍රයෝජනවත් ලෙස ගත කරයි.
සුබ අංක - 8, 9, සුබ වර්ණය - නිල්, සුබ දවස් - අඟහරුවාදා, සිකුරාදා
මීන - යුගදිවිය සතුටින් ගෙවයි
සඳු ගමන් ගන්නේ 5, 6, 7 යන භාවයන් හරහාය. ප්‍රාථමික අංශවල මෙන්ම උසස් පෙළ දරුවන්ට ද දැනුම වර්ධනය වන ග්‍රහ බල ශක්තීන් පෙන්නුම් කරයි. දරු පල ප්‍රමාද වූ විවාහ කටයුතු ප්‍රමාද වූ අයට ඒ පිළිබඳ තීන්දු තීරණවලදී සතුටුදායක ආරංචි කන වැකිය හැකියි. සතුරන් පරාජය වේ. යුගදිවියේ සතුටුදායක කාලයකි. අපල අවම වීමට කුසගින්නේ පසුවන අයෙකුට ආහාර වේලක් දෙන්න. සතෙකුට වුවද කම් නැත.
සුබ අංක - 9, 3, සුබ වර්ණය - කහ, සුබ දවස් - බ්‍රහස්පතින්දා, අඟහරුවාදා