කාලි මෑණියන්ගෙන් උපරිම පිහිට ලබන නියම ක්‍රමය මෙන්න! | සිළුමිණ

කාලි මෑණියන්ගෙන් උපරිම පිහිට ලබන නියම ක්‍රමය මෙන්න!

අපේ සමාජයේ වර්තමානය වන විට වැඩි වශයෙන්ම දෙවිවරු අතරෙන් අදහනු ලබන්නේ කාලි දෙවඟන බව පෙනී යන කරුණකි. ඊට ප්‍රධානම කාරණාව වන්නේ ඇතැම් අවස්ථාවලදී සිදු වන අසාධාරණය මෙන්ම පීඩනය බව නිදසුනක් ලෙස පෙන්වා දිය හැකිය. මන්ද යත් කාලි දෙවඟන එසේත් නැතිනම් කාලි මාතාව අසාධාරණයට අයුක්තියට එරෙහිව නැඟී සිටින දෙවඟනක් නිසාමය. කාලි මාතාව පිළිබඳව අත්දැකීම් සහිතව විමසා බැලීමේදී එතුමියට මහා බලයක් ඇති බව පෙනී යයි. සියලු යන්ත්‍ර-මන්ත්‍ර කටයුතුවලදී එතුමියගේ අධිපතිත්වය ඉතාම ප්‍රබලය. බොහෝ 'අඩ ගැසීමේ' මන්ත්‍රවල එසේත් නැතිනම් දිෂ්ටි මන්ත්‍රවල කාලි මෑණියන්ගේ නම මන්ත්‍ර පුරාවටම කියවෙන අවස්ථා ඇත. උදාහරණ ලෙස දැක්වුවහොත් සියලු යන්ත්‍ර-මන්ත්‍ර ක්‍රියා ආරම්භයේදී වරම් ගැනීමේ 'හර්දකිලිච්චි දිෂ්ටිය' භාවිතය යන්ත්‍ර-මන්ත්‍රකරුවන්ගේ සිරිතකි. එහි ආරම්භයේදීම "ඕං ගුරුවරං ගුරුපත්‍ර කාලිවරං සුරවරං සුර පත්‍රකාලි වරං" ආදී වශයෙන් කාලි මාතාව පිළිබඳ වූ දිෂ්ටි මන්ත්‍රවල පමණක් නොව විවිධ මන්ත්‍රවල සඳහන්ව ඇත. එයින් ගම්‍ය වන්නේ සියලු යන්ත්‍ර-මන්ත්‍ර ක්‍රියාවන්ට අධිපතිත්වය කාලි මෑණියන් විසින් දරන බවය.

සත්‍ය වශයෙන්ම කාලි මෑණියන්ට එවන් අධිපති බලයක් ඇති බව සත්‍යයකි. යමෙකුට යම් අසාධාරණයක් වූ විට ඔහු හෝ ඇය එක්වරම කියා සිටින්නේ "හිටපන් මම 'කාලි පොල්' ගහනවා" යනුවෙන් බැතිමතාගේ අචල විශ්වාසය වචනයෙන් පිට කරනවාත් සමඟ විරුද්ධ පාර්ශ්වය ඇත්තටම යම් වරදක් කර ඇත්නම් තැති ගැන්මකට ලක්වීම සාමාන්‍ය දෙයකි. යම් අයකු වරදක් කර නීතියට හසු වූ පසු ඔහුගේ ඉරියව්වල යම් වෙනසක් ඇතිවන්නේ යම් සේද ඒ හා සමාන වෙනසක් ඉහත වචන ප්‍රකාශ කිරීමත් සමඟම ඇති වේ. ඒ තරම්ම කාලි මාතාව පිළිබඳව ජන සමාජයේ විශ්වාසයක් මෙන්ම ඇගේ ක්‍රියාකාරකම් පිළිබඳව බියක් ද පවතින බව පෙනී යන කරුණකි.

ඉන්දියාවේ ඉතා ප්‍රකටව කාලි අදහනු ලබන අතර ඊට අඩුවක් නැතිවම මෙරට ද කිසියම් ප්‍රදේශයකට ජන කොටසකට සීමා නොවී කාලි මෑණියන් අදහනු ලබන බව නොරහසකි. ප්‍රධාන වශයෙන් මුන්නේශ්වරම්වලට මෝදර දේවාලයට අධිපතිත්වය දරමින් උඩරට පහතරට සෑම තැනම ජනයා කාලි මාතාව අදහනු ලබයි. ප්‍රධාන වශයෙන් බලවත් ශ්‍රී පත්‍ර කාලී මාතාවයි. ඇයට පරිවාර සේවිකාවන් 50ක් පමණ සිටින බව භාරත පොතපත ආශ්‍රිතව සහ බැතිමතුන්ගේ ඇදහිලි රටා පිළිබඳ ගවේෂණය කිරීමේදී පෙනී යන කරුණකි. මෙයින් ප්‍රධාන සේවිකාව සොහොන්කාලි මෑණියෝය. ඇගේ හැසිරීම අතිභයානක චණ්ඩ ස්වරූපයක් ගනී.

සාමාන්‍යයෙන් දෙවිවරු බලාපොරොත්තු වන්නේ පින්ය. නමුත් මිනිස් ලොව අප දෙව් ලොව දෙවියන් විසින් හඳුන්වනු ලබන්නේ නර ලොව නරයන් ලෙසය. සමහර දේව කන්නලව්වල "නරලොව නර පණුවා අනුකම්පාවෙන් මේ ගැත්තාට පිහිට වනු මැනවි" යනුවෙන් සඳහන්ව ඇත. ඉන් පෙනී යන කරුණක් වන්නේ අප කුණු වළක සිටින පණුවන් ලෙස දෙවියන්ට පෙනී යන බවය. එය එසේ වුවත් සදෙව් ලොවට අධිපති සක් දෙවිඳු දිනකට දෙවරක් තම ඔටුන්න ගලවා මිනිස් ලොවට වඳින බවද සඳහන්ය. මේ උදාහරණ සිහි තබා දෙවියන් ඇදහීමේ කටයුතු කිරීම ඉතාම වැදගත්ය.

මහා පත්‍රකාලි හා ඇගේ ප්‍රධාන සේවිකාව සොහොන් කාලි සාමාන්‍යයෙන් මිනිසුන් අදහන ප්‍රධාන චරිත දෙකයි. මේ දෙදෙනා පිළිබඳව යම් අවබෝධයක් ලැබීමෙන් ඔබට කාලි මෑණියන්ගෙන් ලබාගත හැකි දේවාකර්ෂණය, වරම් බලය සහ ශක්තිය ලැබිය හැකිය. සාමාන්‍යයෙන් ඔබ පුරුදුව ඇත්තේ කාලි මෑණියන්ට පොල් ගැසීමයි. පොල් ගෙඩියක් බිඳ ඔබගේ ප්‍රාර්ථනා අභිප්‍රායන් සිතුවිලි එතුමියට කියා සිටීමට අප පුරුදුව සිටින්නෙමු. ඔබේ ඒ පුරුද්ද වෙනස් නොකර එය නිවැරදිව කරගත යුතුය. ඔබ අත වරද ඇතුව කිසිම දිනක තව කෙනකු උදෙසා පොල් බිඳීම සිදු කරන්නට එපා. මන්ද අනිවාර්යයෙන්ම පොල් ගෙඩියක් දෙවියන් උදෙසා බිඳීමේදී එහි ප්‍රතිඵල ලැබෙනවාමය. ඔබ නිතර සිහි තබා ගත යුතු කාරණාවක් වන්නේ පොල් බිඳීමේදී හෝ ගුරුකම් කිරීමේදී ප්‍රතිඵල හා ප්‍රතිවිපාක යන දෙකම ඔබ බලාපොරොත්තු විය යුතු බවය. ඔබ අත වරද නැතුව ඔබට ඇත්තෙන්ම අයුක්තියක් අසාධාරණයක් ඇති වූවානම් ඔබට අසාධාරණය වෙනුවෙන් ඔබ කාලි මෑණියන් ඉදිරියේ කරුණු දක්වා පොල් බිඳින්න. අනිවාර්යයෙන්ම ප්‍රතිවාදියාට දඬුවම් ලැබෙනවාමය. කිසිම ජගතකුට එය වෙනස් කළ නොහැකිය. එය දවසින් දෙකින් මාසෙන් දෙකෙන් නොව අවුරුද්දකට දෙකකට පසුව හෝ අදාළ දඬුවම හිමි වෙයි. ප්‍රතිවාදියාගේ දඬුවම් අවස්ථාව ලැබුණ වෙලාවේ ඔබ අත වරද ඇතිව පළි ගැනීමේ චේතනා ඇතිව ඔබ එම ක්‍රියාවෙහි යෙදුණානම් ඒ මොහොතේ වහා පෙරළා ඔබ වෙත එම දඬුවම ලැබෙනවාමය. එය සත්‍ය න්‍යාය ධර්මයකි.

එය වෙනස් නොවේ. කෙසේ වෙතත් ඉහත අවවාද සිහි තබා ඔබට අවශ්‍ය අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීමට කාලි මෑණියන් අදහන නියම ක්‍රමය පිළිබඳව ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.
ඔබට කාලි මෑණියන්ගෙන් හෝ සොහොන් කාලි මෑණියන්ගෙන් යම් කාරණාවක් ඉටුකර ගැනීමට අවශ්‍ය වූ විට බලගැන්වූ කාලි ප්‍රතිමාව අබියස (පෙර ලිපියක ප්‍රතිමා බලගැන්වීම පිළිබඳ සඳහන් විය) ඉතා පිරිසිදුව කිලිකුණුවලින් තොරව කිරිබත්, ඇඹුල් කෙසෙල්, පොරි, වඩේ, කඩල, සක්කරා, බුලත් කපුරු, පිනිදිය සුවඳ, හඳුන්කූරු, අබ තෙල් පහන් දල්වා සිත එකඟ කර මුලින්ම කාලි ආරාධනාව කරන්න.

කාලි ආරාධනාව
ධ්‍යාත්වා කාලිං මහා මායං
ත්‍රිනෙත්‍රං බහු රූපිනීම්
චතුර්භුජං ලොල ජීහ්වාං
පූර්ණ චන්ද්‍ර නිභා නමාමි

නීලෝත්පල දල ශ්‍යාමං
ශත්‍රැ සද්ධස විදාරනම්
නර මූණ්ඩං තථා භෟග
කමලං වරදං තථා

බ්‍රීභ්‍රාණං රක්ත වස්ත්‍රං
ඝොරදංෂ්ට්‍රා ස්වරූපනිම්
අට්ඨා ටඨ හාස නිරනාං
සවෟදාව දිගම්බරම්
චතුර්බුජ ත්‍රිනෙත්‍රාව
ඝොරදධංෂ්ට්‍රා දිගම්බරා
අට්ඨාට්ඨ හාස තිරාන
කාලි මාතාතු පාතුමං
ඉහත ආරාධනාවෙන් පසු කහ දියෙන් දෝවනය කරගත් පොල් ගෙඩිය මත කපුරු දල්වා සුවඳ දුම් දී පහත මන්ත්‍රයෙන් 21 වර ජීවම් කර ගන්න.

මන්ත්‍රය
ඕං රවි වරං - රවි පත්‍රකාලිවරං
ඕං සඳුවරං - සඳු පත්‍රකාලි වරං
ඕං කුජවරං - කුජ පත්‍රකාලි වරං
ඕං බුධ වරං - බුධ පත්‍රකාලි වරං
ඕං ගුරුවරං - ගුරු පත්‍රකාලා වරං
ඕං කිවිවරං - කිවි පත්‍රකාලි වරං
ඕං ශනිවරං - ශනී පත්‍රකාලි වරං
ඕං සුරවරං - සුරපත්‍රකාලිවරං
ඕං අසුරවරං - අසුර පත්‍රකාලි වරං
ඕ ජීවවරං - ජීව පත්‍රකාලි වරං
සුර රාජ වරං - ගරුඪ වරං
ගරුඨ රාජවරං - නාගවරං
නාග රාජ වරං - මහා විෂ්ණු රාමනේ
කන්ද කුමාර සත්පත්තිනි වරං
දැඩිමුණ්ඩ වාහල වරං
හණුමා පත්‍රකාලි අංජනදේවි වරං
පර්වත ශිචර වෘක්ෂ ගත මල යකු ප්‍රේත
කුම්භාණ්ඩ දිෂ්ටියෙන් මලය ගිරි නීලගිරි
පත්තිනි වරංගත් ශ්‍රී මහා කාලි ජීව වර වර
දිෂ්ටි දිෂ්ටි නමඃ
ඕං හ්‍රීං පත්‍රකාලි කෛලාසන මෝහිණී
ඉන්ද්‍ර දිෂ්ටි ජීව ජීව වර වර නමඃ
ඕං හ්‍රීං සුර කෛලාසනි අග්නි දිෂ්ටි
වර වර නමඃ ඕං හ්‍රිං සුර ජීව දිෂ්ටි කදිරේන්ද්‍ර
මෝහිනි යාමසා දිෂ්ටි වර වර නමඃ
ඕං හ්‍රීං ගරුඨ රාජ මෝහිනි
නෛරිත්‍ය දිෂ්ටි වර වර නමඃ

ඉහත ආරාධනාවෙන්ම පොල් ගෙඩිය ජීවම් කර මීට අමතරව ඉක්මන් ප්‍රතිඵල සඳහා අලුත් සඳුන් තෙල් බෙහෙත් ආදිය ජීවමට බහුලව භාවිත කෙරෙන රාම දිෂ්ටියෙන් 21 වර මතුරා තම සිතැඟි සිහි තබා‍,

"කාලි අම්මේ, අකුණු සැරයක් මෙන් ප්‍රභාවත්වී හෙණ හඬක් මෙන් ප්‍රාණවත් වී බියකරු සහසික දේව ස්වරූපයෙන් දුකට පත් මා හට පිහිට වී සත්‍යවාදීව අෂ්ට දිසාවට බැල්ම හෙළන මාගේ කාලි අම්මේ මට පැමිණ ඇති විපත් කරදර ආදිය (...................... තම කාරණාව) දිව නෙතින් බලා දිව සවනින් අසා දැන වදාරා විසඳුම් ලබා දී පිහිටවන්න" ආදී වශයෙන් තම සිතැඟි පිළිවෙළට හඬ නඟා කියා පොල් ගෙඩිය බිඳින්න. හැකිනම් මහා බලගතු කාලි, සොහොන්කාලි කවි පෙළ කියවන්න. ඔබට දින 3 - 7 - 21න් නිසැකවම ප්‍රතිඵල ලැබෙනවාමය. මීට අමතරව අති ප්‍රබල කාලි පිහිට ලැබෙන ක්‍රමවේදයක් ද ඉදිරිපත් කිරීමට කැමතිය. ඔබ දිනපතා කාලි දෙවඟන ඉදිරියේ මල් පහන් තබා බුලත් කොළයක් මත මැටි පහනක් තබා අබ තෙල්වලින් දල්වා 21 වර උදේ හවස පහත මන්ත්‍රය කියවන්න. ඔබගේ සියලු ප්‍රශ්න දුරු වී කාලි පිහිට ආදරය ලැබෙනු ඇත. (එම මන්ත්‍රය මේ සමඟ පලවේ)
කාලි මෑණියන් සඳහා පහන් තැබීමේදී භාවිතයට පහත කවි පෙළ ද ඉතාම යෝග්‍ය වේ.

මෙහෙසුරගේ පතිනි
ගත් අවතාර රොසිනි
සතුරු බල නැසිනි
කාලි අම්මා මඩිති සැනිණි

දුදනන් නසාලා
සුදනන් පෙමින් සුරකින
අසුරු බල වනසන
මහා බලගතු කාලි දෙවඟන

අදමිටුවන් හට බැට දෙන ඔද තෙද නැත නිම්මා
අසරණ නර දරුවන් රැක ගනී සිතින් නිම්මා
කළ වරදට දඬුවම් දෙන නොමැලිව නැත නිම්මා
පුද ගන්නට මල් යහනට වඩින් කාලි අම්මා

කෙලෙස් කුලෙන් බැස යන්නේ
සියො ලඟ නිල් පැහැ ගන්නේ
අසුර යුදෙන් ජය ගන්නේ
කාලිය එයි සැණෙ කින්නේ

අසා කියන දුක
නසා බලයෙන් රෝ දුක
අසරණ දනන් රැක
මේ පුද ගන්නට වඩිනොවැ සැක

මා කරනා කන්නලව්ව දිව සවනට ගන්නයි
අසරණ හැම දනගේ දුක් ගිනි දුරු කරවන්නයි
තුන්තිස්පැය තෙද බලයෙන් රැකවරණය දෙන්නයි
පත්‍රකාලි අම්මා දැන් මල් යහනට එන්නයි

හටන් පටන් කොට රැකවල් සදාලතී
අඳුන් ගිරෙන් බැස යහනට දිවැස් ලතී
සඳුන් අඳුන් සුවඳින් සිත් පිනා යතී
වඩින් කාලි අම්මේ පුද තබා ඇතී

මෙම කන්නලව්ව දින 21 කිරීමේදී ඔබට කාලි දර්ශනය වනු ඇත. ඇය වඩිනා ශබ්දය දෙසවනට ඇසෙනු ඇත. ඔබගේ කාරණා ඇය ඉටුකර දෙනු නියතය.
 

කාලි මෑණියන්ගේ පිහිට ලැබෙන ප්‍රබල මන්ත්‍රය

ඕං අග්නි දේවරාජා වාවා - විර පත්‍රකාලි වාවා
විෂ්ණු වාවා ඕඩි වාවා - තම්බිරානේ වාවා
පත්තිනි අම්මේ වාවා ශ්‍රියාදේවි වාවා
අයියෝ නාරායනේ වාවා
අංගුලිමාල මුනි දැපෙනේවා
අග්නි කුඩුම්බර වඩිග දේවතාවි
දැපෙනේ සිටින් මේ ගිණිවරං ගත්
දේවතාවියෝ මා අතට අසුවි
ශ්‍රි මුනි ශ්‍රියා දි මෙමා යන කාරියෙන්
මෙම දිනවා දෙන්ට මහා කාලි අම්මේ
මා එක්ක යන්ට වරෙන්
ඕං ග්‍රිං නමඃ ඕං සර්ව ප්‍රධාරණේ අම්මා
රාජ භවනේදි ළය වූ

මෙය දිනපතා කියවනවාට අමතරව රන් තැඹිලි තෙල් දස දහස් වර මතුරා තිලක දීමෙන් නොසිතූ ප්‍රතිඵල ලැබේ.

ජ්‍යොතිර් විද්‍යා විශාරද කේ. එස්. එස්. යෝදින්ගේ

Comments