නීති විද්‍යාල ගාස්තුව විශාල ලෙස ඉහළ යෑම හේතුවෙන් නීති විද්‍යාලයට ප්‍රවේශ වන සිසුන්ට දරාගත නොහැකි වැය බර සමනය කිරීමට වෘත්තියේ නියැළෙන නීතීඥවරුන්ගෙන් සාමාජික ගාස්තුවක් අයකර ගැනීමේ යෝජනාවක් පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ අවධානය යොමු වී තිබේ.
මෙම යෝජනාව සාකච්ඡාවට බඳුන්වන්නේ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂගේ සභාපතිත්වයෙන් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපෙද්ශක කාරක සභාව පසුගියදා රැස් වූ අවස්ථාවේදී ය.
එහිදී නීති අධ්‍යයන සභාව විසින් 2023 මැයි 15 වැනි දින නිකුත් කළ අංක 2332/02 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය හරහා නීති විද්‍යාල ගාස්තු ඉහළ නැංවීමේ තීරණය ගත්තේ කුමන පදනමකින්දැයි කාරක සභාව නීති විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් ප්‍රශ්න කරනු ලැබුවේය. නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා ප්‍රකාශ කළේ අනෙකුත් විශ්ව විද්‍යාලවල මෙන් නීති විද්‍යාලය නඩත්තු කිරීමට භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් නොකරන බවත්, අධික වියදම් සහ ආර්ථික අර්බුදය හේතුවෙන් මෙසේ මුදල් අය නොකර නීති විද්‍යාලය තවදුරටත් පවත්වාගෙනයාම අපහසු බවත්ය.
මේ තත්ත්වය සලකා බලා තවදුරටත් සාකච්ඡා කර නිශ්චිත තීන්දුවකට එළඹීමට කාරක සභා සභාපතිවරයා යෝජනා කළේය.