උගතුන් රඳවා ගන්න රජයට වැඩපිළිවෙළක් නැහැ | සිළුමිණ

උගතුන් රඳවා ගන්න රජයට වැඩපිළිවෙළක් නැහැ

උගතුන් රටේ රඳවා ගන්න ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් නොමැති අතර ආණ්ඩුවෙන් බුද්ධිමතුන්ට දක්වන ප්‍රතිචාරය නිසා උගතුන්ට තවත් කළකිරීමක් ඇති වන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය සිළුමිණට කියා සිටියාය. රාජ්‍ය විශ්වවිද්‍යාල වැසී ගියත් රජයට ප්‍රශ්නයක් නොමැති වුවද දැයේ දරුවන්ට උසස් අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය මේ නිසා අහිමි වන බවද මන්ත්‍රීවරිය අවධාරණය කළාය. වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද ප්‍රකාශ කළාය. “හරියටම අඩක් විතර සරසවි ඇදුරන් ගේ හිඟයක් තියෙනවා. අධ්‍යාපන කටයුතු සහ වෙනත් හේතු නිසා ආචාර්යවරු පිටරටවලට යනවා . වැටුප මූලික කරගත් ආර්ථීක ප්‍රශ්නයක්ම නොවෙයි මෙය.

මේ අය විදෙස් ගත වීමට හේතුව රට ගැන බලාපොරොත්තුවක් අනාගතය ගැන නිශ්චිත බවක් නැතිවීමයි. රට යන තත්ත්වය ගැන අද කිසිවෙකුට කියන්න බැහැ. සෑම ක්ෂේත්‍රයකටම බලපාන අර්බුදයක් රට තුළ මතු වෙමින් පවතිනවා.“ ජාතික ජන බල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

Comments