![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/08/25/1-4.jpg?itok=9WRx0keK)
රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය විධිමත්ව පවත්වා ගෙන යෑමට ආචාර්ය හිඟය පියවීම සඳහා මේ වන විටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සිළුමිණට පැවැසීය.
මහාචාර්ය සම්පත් අමරතුංග පැවැසුවේ රජයේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරු 12,992 ක් සිටිය යුතු වුවත්, දැනට සිටින්නේ ආචාර්යවරුන් 6,548 දෙනකු පමණක් බවය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා කියා සිටියේ 2023 වසරේ ජනවාරි මස 1 වැනිදා සිට ජූනි 30 වැනිදා දක්වාවූ කාලය තුළ හා 2022 වසර තුළ විශ්‍රාම ගිය, මියගිය හා රට හැර ගිය ආචාර්ය පිරිස් සඳහා නව බඳවා ගැනීම් සිදු කිරීමට යොමුකළ අදාළ කැබිනට් පත්‍රිකා දෙකට අවසර ලැබී ඇති බවයි.
ඒ අනුව 2023 වසරේ මාස 6 ක කාලය සඳහා නව පත්වීම් 300 ක්ද, 2022 වසර සඳහා නව පත්වීම් 400-450 ක් අතර ප්‍රමාණයක්ද සිදු කිරීමට අදාළ කැබිනට් ප්‍රතිකා හරහා අවසර ලැබී ඇති බවය.
ඊට අමතරව අධ්‍යාපන ඇමැති නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත්ගේ මැදිහත් වීමෙන් ඉල්ලුම පවතින පුරප්පාඩුවලින් 15% ක් බඳවා ගැනීමටද විශේෂ අවසරයක්ද මේ වන විට ඉල්ලා ඇත.