බලවත් යෝග 5ක් හිමි කටක ලග්න හිමියෝ | සිළුමිණ

බලවත් යෝග 5ක් හිමි කටක ලග්න හිමියෝ

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී විශ්‍රාමලත් විදුහල්පති, 

කොස්ගොඩ කේ.ඩී.ආර්.පී. රාජකරුණා

 

සුබ යෝග ගැන කතා කිරීමට ප්‍රථමයෙන් කටක ලග්නය ගැන මඳක් විමසා බලමු. ග්‍රහ ලොව දේව මාතාව වශයෙන් හඳුන්වන චන්ද්‍රයාට අයත් රාශිය කටක රාශියයි. මේ රාශිය ලග්නය කොට උපන් අය තුළ පහත සඳහන් ගති ලක්ෂණ පෙන්නුම් වේ.

අනුන්ට අවවාද දීමේ දක්ෂකම, චිත්ත ශක්තිය දියුණුව, කාර්යශූර ගති ඇති, ධනය ඉපයීමට දක්ෂ, ස්ථිර ආලය ඇති, ඉවසීම අඩු, අරපරිස්සමට බොහෝ දක්ෂ, නින්දා ප්‍රශංසා එක සේ විඳ දරා ගැනීමට හැකි වීම, කතාවේ දක්ෂ, අනුකම්පාව වැඩි, ඒ නිසාම පසුතැවිල්ලට ලක්වීම වැනි ලක්ෂණ කටක ලග්න හිමියන් තුළ දක්නට ලැබේ.

දැන් කටක ලග්නයේදී පෙන්නුම් වෙන සුබ යෝග ගැන විමසා බලමු.

1. මාලවි යෝගය

2. සස යෝගය

3. රුචක යෝගය

4. භද්‍රා යෝගය

5. හර්ෂ යෝගය

රූප සටහනෙන් පෙන්වා ඇති ආදර්ශ කේන්දර සටහන අනුව,

01. මේ ආදර්ශ කේන්දරයේ වමට ගණනය කිරීමේදී 4 වැන්නේ සිකුරු බලවත්ව (ස්වකේෂත්‍රව) යෙදීම නිසා "මාලවි" යෝගය පෙන්නුම් වේ.

02. මේ කේන්දරයේ 6 වැන්නේ ගුරු බලවත්ව (ස්වකේෂත්‍රව) යෙදීම නිසා "හර්ෂ" යෝගය යෙදී ඇත.

03. කේන්දරයේ 7 වැන්නේ සෙනසුරු බලවත්ව (ස්වකේෂත්‍රව) යෙදීම නිසා "සස" යෝගය යෙදී ඇත.

04. මේ කේන්දරයේ බුධ 3 වැන්නේ බලවත්ව (උච්ච) යෙදීම නිසාත් එම බුධට 8 වැන්න වන 10 රාශිය වෙනම හේතුවෙන් "භද්‍ර" යෝගය යෙදී ඇත.

05. කේන්දරයේ 10 වැන්නේ කුජ බලවත්ව යෙදීම නිසා "රුචක" යෝගය යෙදී ඇත.

මේ අනුව පංච පුරුෂ යෝගවලින් 4ක් සහ තවත් සුබ යෝගයක් වන "හර්ෂ" යෝගය යෙදෙන බව පෙන්වා දීමට පිළිවන.

* කටක ලග්නයෙන් උපන් අයගේ අඟහරු / සෙනසුරු යන ග්‍රහයන් සංයෝගව ලග්නයේ සිටී නම් දුක්බර ජීවිත ගත කිරීමට හේතු වේ.

* කටක ලග්න හිමියන්ට මාරක දිනය සෙනසුරාදාය. අශුභය.

* අඟහරුවාදා / බ්‍රහස්පතින්දා / සිකුරාදා සුබ දිනයන් වේ.

* මකර / කුම්භ ලග්න අසුබ ලග්න වේ.

* සුදු / කහ / රතු ඇඳුම් පැලඳුම් වාසනාව ගෙන දේ.

* නිල් / කොළ වර්ණ අසුබ වර්ණ වේ.

* බුධ / සිකුරාදා ග්‍රහයන් අසුබ පල ගෙන දේ.

* කුජ හෙවත් අඟහරු සියලුම පල දෙන යෝග කාරක ග්‍රහයෝ වේ.

Comments