මහා වැසි වස්සන මහානුභාවසම්පන්න මත්ස්‍ය රාජ පිරිත | සිළුමිණ

මහා වැසි වස්සන මහානුභාවසම්පන්න මත්ස්‍ය රාජ පිරිත

 

වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී

නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති සම්මානිත ආචාර්ය පූජ්‍යපාද

ගල්ලැහැපිටියේ පේමරතන ස්වාමීන් වහන්සේ

(කොළඹගම පොඩි හාමුදුරුවෝ)

මේ දිනවල උදේ සවස නිවෙසේදී  සජ්ඣායනා කිරීමෙන් නියඟය හමාර වී වැසි ලැබේවි

වැසි ලැබී ගහකොළ සතාසීපාවා සුවපත් වේවා යැයි ප්‍රාර්ථනා කරන්න

සිළුමිණ "ඉසිවර" පාඨක පින්වත් ඔබ සැම දෙනා හට අප අද ඉදිරිපත් කරනු ලබන මෙම උතුම් "මත්ස්‍ය රාජ" පිරිත පොදුවේ සමස්ත රටවැසියන් විසින්ම මේ මහ පොළොවට අප විසින් ඉටුකළ යුතු මහානීය යුතුකමක් සේ සලකා මේ මොහොත තුළ සිදුකළ යුත්තකි. වර්ෂාව නොමැතිකම හේතුවෙන් වැව් අමුණු සිඳී ගොස් මහ පොළොව ඉරිතලා ගොස් සතා සිවුපාවාටත් බීමට ජලය බිඳක් සොයාගත නොහැකිව ඇත.

කුඹුරු ඉඩකඩම් විනාශ වී භවබෝග සම්පතද නැතිවී ගොස් ඇත. මිනිසුන්ට කෙසේ හෝ පිපාසයට දිය පොදක් සොයාගත හැකිමුත් සතා - සිව්පාවා කෙසේනම් ජල බිඳක් සොයාගන්නද? ඈත රජරට වැව්වල ස්වල්පයක් ඉතිරිව ඇති ජලයද ගොවි සංවිධාන මඟින් මසුන් ඇල්ලීමට බදු දී ඇත. මඩේ දුක්විඳින මසුන් අල්ලා ගැනීමට සියලු ජලය ඉවත් කිරීම නිසා සතෙකුට බීමට ජල පොදක් කවදා සොයා ගන්නද?

සසර පින් බෙලෙන් ලද මිනිස් දිවිය අපමණ අකුසලයන්ට යොදවා සසර දුගතියට යන වග සකසා ගන්නා අයුරු ඉතාම දුක්බරය.

කෙසේ වෙතත් අප අද ⁣ඔබෙන් ඉල්ලා සිටින්නේ මේ විපත්තිදායක මොහොතේ තිසරණයෙහි පිහිටා උතුම් පංචශීලය මැනවින් ආරක්ෂා කරගෙන හැකි සෑම මොහොතකම තෙරුවණෙහි ගුණ අරමුණු කරගෙන කටයුතු කර⁣න ලෙසය.

මෙහි සඳහන් උතුම් "මත්ස්‍ය රාජ පිරිත" බෝසත් ප්‍රාර්ථනාවකි. බුදු බව පිණිස පිරූ පාරමිතාවන් අධිෂ්ඨාන කළ සත්‍යය ක්‍රියාවකි. මේ දිනවල තම නිවසේ උදේ - සවස මෙම උතුම් පිරිත හැකි වාර ගණනක් දේශනා කර මේ මහා නියඟය හමාර වී මහ වැසි වසිත්වායි ඔබටද සත්‍යය ක්‍රියා කළ හැකිනම් පින් කැමති ආර්යකාන්ත දෙවිවරුන්ගේ ප්‍රසාදය තුළ අපමණ පිහිටක් ලබාගත හැකිය.

මෙම පිරිත දේශනා කිරීම ඉතා මෛත්‍රී සහගතව කළ යුතුය. ඔබගේ මෛත්‍රී සහගත සත්‍යය ක්‍රියාව තුළ මහ වැසි ඇදහැලී සතා සිව්පාවුන් පවා සුවපත් වී ගහකොළ ජලජ ජීවීන්ටද ශාන්තියක් වේවායි සිතීම පවා මෛත්‍රී සහගත බරපතළ කුසලයකි.

එබැවින් තෙරුවන් වන්දනා කර මහා මංගල, රතන, කරණීයමෙත්ත යන සූත්‍ර දේශනා කර අනතුරුව මෙම මත්ස්‍ය රාජ පිරිත හැකි වාර ගණනාවක් සජ්ඣායනා කර අප රටට ශාන්තිය ප්‍රාර්ථනා කරමු.

 

මත්ස්‍ය රාජ පිරිත

1. පුනා පරං යදා හෝමි - මච්ඡරාජා මහා සරේ උණ්හේ සුරිය සන්තාපේ - සරේ උදක ඛීයථ

2. තතෝ කාකා ච ගිජ්ඣා ච - ඛකා කුලල සේනකා භක්ඛන්තා දිවාරත්තිං - මච්ඡේ උපනිසීදිය

3. එවං චිත්තේ සහංහත්ථ - සහඤාතීහි පීලිතෝ කේනනුඛෝ උපායේන - ඤාති දුක්ඛා පමෝචයේ

4. විචින්තයිත්වා ධම්මත්ථං- සච්චං අද්දස පස්සයං සච්චේ ඨත්වා පමොචේසිං - ඤාතීනං තං අතික්ඛයං

5. අනුස්සරිත්වා සතං ධම්මං -පරිමත්ථං විචින්තයං ආකාසි සච්ච කිරියං - ලෝක ධුව සස්සතං

6. යතෝ සරාමි අත්තානං - යතෝ පත්තෝස්මි විඤ්ඤුතං නාභිජානාමි සංචිච්ච - ඒකපාණම්පි හිංසිතං

7. එතේන සච්ච වජ්ජේන - පජ්ජුන්නෝ අභිවස්සතු අභිත්ථනය පජ්ජුන්න - නිධිං කාකස්ස නාසය කාකං සෝකාය රන්ධේහි - මච්ඡේ සෝකා පමෝචය

8. සහකතෝ සච්චරේ - පජ්ජුන්නෝ අභිගජ්ජිය ථලං නින්නංච පූරෙන්තෝ - ඛණේන අභිවස්සථ

9. ඒවං රූපං සච්චවරං - කත්වාචිරිය මුතථමං වස්සාපේසිං මහාමේඝං -  සච්චතේජ බලස්සිතෝ සච්චේන මේ සමෝ නත්ථි - ඒසා මේ සච්ච පාරමී

 

 

Comments