
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සහ
පාඨශාලාචාර්ය
ඉසිවර සහන ජ්‍යොතිෂ සේවය
ඒ. ජේ. දීපාලෝක
පුද්ගලයෙකුගේ බාහිර ක්‍රියාකාරකම් තුළින් පිටතට ප්‍රදර්ශනය වන බොහෝ ගුණාංග ඔහුගේ අධ්‍යාත්මය තුළ සැඟව පවතින බව හඳුනා ගැනීමට පුළුවනි. අධ්‍යාත්මය හෙවත් යටි සිතේ පවතින්නා වූ ශක්තිය ඉතා ප්‍රබල වන අතර එය ඉතා දිගු කාලයක් තිස්සේ ගොඩ නැෙඟමින් පවතින දෙයකි.
පුද්ගලයෙකුගේ නාම අංකය හෙවත් ප්‍රකාශන අංකය මගින් ඔහුගේ චරිත ස්වභාවය හෙළි වන ආකාරය පිළිබඳව මෙයට පෙර ලිපි මාලාවක් ඔස්සේ කතා කළා ඔබට මතක ඇතැයි සිතමි.
මෙවර ඉසිවර කලාපයේ සිට පළ කරන හෘද අංකය හෙවත් හාර්ට් නම්බර් (Heart Number) සොයා ගනු ලබන්නේ ද පුද්ගලයෙකුගේ භාවිත වන නම අනුවය. එමඟින් එම පුද්ගලයාගේ අභ්‍යන්තරය තුළ සැඟව ඇති ගුණාංග හඳුනා ගැනීමට හැකියාව ලැබෙයි. අංක විද්‍යා ජ්‍යොතිෂය තුළ ඉතා සුවිශේෂී තැනක් මෙම හෘද අංකයට හිමි වන අතර එමඟින් තමන්ටම තමන්ගේ අධ්‍යාත්මය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අදහසක් ලබා ගැනීමට හැකියාව ඇත.
මිනිසුන් බාහිරව කුමන චරිතයක් රඟපෑව ද ඔහුගේ අභ්‍යන්තරය නැතිනම් යටි සිතෙහි ක්‍රියාත්මක වන සැබෑ චරිත ස්වභාවය කුමක්ද යන්න මෙමඟින් මනාව හඳුනා ගැනීමට හැකියාව ලැබේ. මිනිසුන් බොහෝ අවස්ථාවල සිත තුළ එකක් තබාගෙන පිටතට වෙනත් දෙයක් පෙන්වමින් හැසිරෙනු දැකිය හැකිය. එලෙස පුද්ගලයෙකුගේ අභ්‍යන්තරය තුළ සිදුවන බලපෑම අනුව බාහිර ක්‍රියාකාරීත්වය සකස් වන ආකාරය හඳුනා ගැනීමට හෘද අංකය මඟින් හැකියාව ඇත.
මේ සඳහා මුලින්ම කළ යුත්තේ ඔබගේ හෘද අංකය සොයා ගැනීමයි. එය සිදු කරන ආකාරය ගැන අපි අවධානය යොමු කරමු.
මේ සඳහා ඉංග්‍රීසි භාෂාවේ ස්වර අකුරු සහ ඒවාට අංක විද්‍යාත්මකව යොදන ඉලක්කම් දැනගත යුතුය. ඉංග්‍රීසි භාෂාවේ ස්වර අකුරු වන A, E, I, O, U යන අකුරු පහ සඳහා පිළිවෙළින් 1, 5, 9, 6, 3 යන අංක යෙදෙන බව මතක තබා ගන්න. අනතුරුව කොළයක ඔබගේ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්න. ඉන්පසු ඔබගේ නම තුළ යෙදී ඇති ස්වර අකුරුවලට ඉහත සඳහන් ඉලක්කම් යොදන්න. එය තවදුරටත් පහදා දීම සඳහා උදාහරණයක් ගෙන බලමු.
UPUL RANJITH KUMARA යන නම ගනිමු.
මෙම නමේ ස්වර අකුරු වෙන් කර ගත් විට
UPUL RANJITH KUMARA
U U A I U A A
ලෙසය.
දැන් එම අකුරුවලට අදාළ ඉලක්කම් යොදා ඒවා තනි අංකයක් වනතුරු එකට එකතු කරගත යුතුය.
U U A I U A A
3 3 1 9 3 1 1
3+3 = 6
1+9 = 10, 1+0 = 1
3+1+1 = 5
6+1+5 = 12,
1+2 = 3
මේ අනුව මෙම නම හිමි පුද්ගලයාගේ හෘද අංකය වන්නේ අංක 3යි.
මේ ආකාරයට ඔබගේ නම ද ඉංග්‍රීසි භාෂාවෙන් ලියා එහි හෘද අංකය මුලින්ම සොයාගෙන තබාගන්න. හෘද අංකයට අනුව අංක 1 සිට 9 දක්වා චරිත ස්වභාවය සහ පලාපල විස්තර ලබන කලාපයේ සිට සඳහන් කරන්නෙමු.