ආදායම ඉහළ නංවන පලබර ගස් | සිළුමිණ

ආදායම ඉහළ නංවන පලබර ගස්

ඔබ-අප දකින සිහින පිළිබඳව ජ්‍යොතිෂ විග්‍රහයන් අතීතයේ සිටම සිදු කෙරිණි. මෙවර ඉසිවර කලාපයෙන් ද ඉදිරිපත් කෙරෙන සිහින කීපයක් පිළිබඳව ජ්‍යොතිෂයෙහි සඳහන් වන්නේ මෙලෙසිනි.

පණ්ඩිතයකු දැකීම - කැමැති පරිදි සැප විඳින්නට ලැබේ.

පවුලේ සාමාජිකාවකගේ මරණයක් - තම සමීපතමයකුට බරපතළ අනතුරක්

පට රෙදි - ඥාතියකු හෝ මිත්‍රයකු බලවත් දුෂ්කරතාවකට පත් වේ.

පරණ ඇඳුම් කට්ටලයක් - බලවතුන්ගෙන් ඇරියුමක් ලැබේ.

පබළු මාලයක් - දුරක සිටින්නවුන් සමඟ ඥාති සබඳතාවක් ඇති වේ.

පණුවන් පිරුණු වණයක් - හදිසියේම වස්තු ලාභයක් උරුම වේ.

පර ස්ත්‍රියක් / පුරුෂයෙක් වෙත යාම - අවිවාහක තරුණයකුට භාර්යාවක් ද, තරුණියකට පුරුෂයෙක් ද හිමි වේ.

පක්ෂීන්ගේ මාංස අනුභවය - බොහෝ වස්තුව ලැබෙන අතර, සුබ ආරංචි ද පුළුවන

පහුරක නැඟී ගඟකින් එතෙර වීම - අන්‍යයන් අතර ප්‍රධානත්වයට පත් වේ.

පල දරන ගස් දැකීම - ආදායම් තත්ත්වය ඉහළ යයි

පන්සලට යන අයුරු - සිතට වධ දෙන ගැටලුවක් නිමා වේ.

පහන් වැටක් - භූමි සම්පත් හිමි වේ.

පර වූ මල් - දැඩි සිත් වේදනාවක් විඳින්නට සිදු වනු ඇත.

පිළිහුඩුවා - තම ධනය විනාශව යන අන්දමේ කටයුත්තකට පැටලේ.

පුන්කලසක් - වස්තු සම්පත් ලැබෙන බවට පෙර නිමිත්තකි.

පුන්කලසක් කිසිවකු වෙතින් ලැබීම - වාසනාවන්ත පුත්‍ර ලාභයක්

පුරුෂ ලිඟුව - දරුණු විපතකට මුහුණපාන්නට සිදු වේ.

පුවක් - තමන් කරන්නට සූදානම් වූ කටයුත්ත අතරමඟ නවත්වන්න සිදුවේ.

පුරුෂයකු විසින් ස්ත්‍රියක සිප වැලඳ ගැනීම - තමාගේ බලාපොරොත්තු සපල කරගන්නට හැකියාව ලැබේ.

පුහුල් ගෙඩියක් - පදිංචි ස්ථානයට සතුරකු විසින් කොඩිවිනයක් කළ බව කියවේ.

පෙරහැරක් - තමාට විරුද්ධව පිරිසක් කටයුතු කරන්නට සූදානම්

පොල් - පුත්‍ර ලාභයක්

පොල් ගසක් - අහිමිව තිබුණ උරුමයක් හිමි වේ.

පොත් රාක්කය - සිත සතුටු වන අන්දමේ පණිවිඩයක් ලැබේ.

පොල් තෙල් පහන - දේව කෝපයකට ලක් වූ බව පෙනේ.

පොළඟා - තමාගේ පවුලේම උදවිය නිසා සිත් වේදනා හට ගනී.

බුලත්විට සපමින් සිටීම - සතුරු කරදරයක් මතු වේ.

බෙර වාදනයක් දැකීම හෝ ශ්‍රවණය වීම - තම සහෝදරයාට මරණය අත්වේ.

බේබද්දකු ගමන් කරන අන්දම - බලාපොරොත්තු සියල්ලම අසාර්ථක වේ.

භික්ෂුවක් - තම ඥාතියකුට දුර ප්‍රදේශයක දී විපත් සිදු වේ.

භික්ෂුණියක් - තදබල ලෙස කරදර ඇති වූ මතභේදයක් සමාදානය වේ.

මල් පල සහිත ගසක් - මහත් වූ වස්තුවක් ලැබේ.

මල් සහිත අඹ ගසක් - තමන්ගේ විවාහය සම්බන්ධයෙන් තීරණයක් ගනී.

මල් පල සහිත බෙලි ගස - අසනීප වී සිටි ඥාතියකු සුවපත් වේ.

මහනෙල් මල - මළගියවුන්ට අයත් ධනයකට උරුමයක් ලැබේ.

මවුපියන් විසින් වැලඳ ගැනීම - තමන්ට තිබු සතුරු කරදර දුරු වී ධනෝපාය එළිපෙහෙළි වේ.

මළමිනියක් පැමිණ බදා වැලඳගෙන නැටීම - මරණයට පත්වන තරමට විපත් සිදු වේ.

මහ වනයක් මැද නිදා සිටින අයුරු - තමා අන්‍යයන් වෙතින් ළඟඳීම තනි වීමට ඉඩ ඇති බව

යමදූතයින් / යමබල්ලන් - මාරාන්තික සිදුවීමක් හේතුවෙන් බලවත් දුකට පැමිණේ.

යමදූතයින් විසින් කෙනකු ඇදගෙන යාම - නියත වශයෙන්ම හදිසි මරණයක් උරුම වේ.

යහළුවකු සමඟ දබර වීම - නොසිතූ අයුරින් දුක් කරදර මතු වේ.

යකඩ ගොඩක් - ශෝකජනක ආරංචියක් ලැබේ.

රජුන් - ධනය මෙන්ම ඉහළ තත්ත්වයක් ද හිමි වේ.

රත්‍රන් / රත්‍රන් ආභරණ - කීර්තිය, ධන ලාභ, ජයග්‍රහණ හිමි වේ.

රසවත් ආහාර - සම්පත් මෙන්ම තමන්ගේ කීර්තිය ද වර්ධනය වේ.

රත්‍රන් අනුභව කිරීම - කරන කියන කටයුතුවලින් ජය ලැබේ.

රතු වස්ත්‍රයෙන් සැරසී සිටින අයුරු - අසුබ සිහිනයකි. ලෙඩ දුක්වලින් පීඩාවට පත්වේ.

රන් මාලයක් ගෙල පැලඳ සිටීම - සිටින තත්ත්වයෙන් ඉතා උසස් තත්ත්වයකට පත්වීමේ හැකියාව ලැබේ.

රජකයකු / රෙදි සෝදන්නකු දැකීම - හිතවතකු නිසා පාඩු විඳින්නට සිදු වේ.

රළු ගොරෝසු මතුපිටක නිදා සිටින අයුරු - ඉහළම පදවියකට පත් වේ.

රතු හරකෙක් - තමන් කරන කටයුතුවලින් නොසිතු අන්දමට වාසි අත් වේ.

 

Comments