ප්‍රංශයේ අතිවිශිෂ්ට ‘බැගට්’ පාන් නිෂ්පාදකයා මෙරට සංචාරයක | සිළුමිණ

ප්‍රංශයේ අතිවිශිෂ්ට ‘බැගට්’ පාන් නිෂ්පාදකයා මෙරට සංචාරයක

ප්‍රංශයේ අති විශිෂ්ටතම ‘බැගට්’ පාන් නිෂ්පාදකවරයා ලෙස මේ වසරේදී තේරී පත් වූ දර්ශන් සෙල්වරාජ් මහතා සිය දරු දෙදෙනා සහ බිරිය සමඟ සති තුනක සංචාරයකට මෙරටට පැමිණියේ ඊයේ (28) උදෑසනය.
 
යාපනය, තෙල්ලිපලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ දර්ශන්ට ප්‍රංශ ජනාධිපති මන්දිරයට වසරක කාලයකට ඔහුගේ බේකරි නිෂ්පාදන සැපයීමේ කොන්ත්‍රාත්තුව හිමි විය.
 
කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට පැමිණි දර්ශන් මාධ්‍යයට මෙලෙස අදහස් දැක්වීය.
 
“මම 2016දී ප්‍රංශයට ගියා. එහෙ යනකොට මම ප්‍රංශ භාෂාව දන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි, බේකරි වැඩ දන්නෙත් නෑ. ඒත් මම ප්‍රංශයේ පැරිස් නුවර au Levain Des Pyrenees බේකරියේ වැඩට ගියා. එහි අයිතිකරු ඉතා සුහදශීලී පුද්ගලයෙක්. ඔහු මට ප්‍රංශ භාෂාව වගේම බේකරි කර්මාන්තයත් හොඳට ඉගැන්නුවා. දැන් ඔහුගේ වයස අවුරුදු 70ක්. මම ඒ බේකරිය මීට අවුරුදු 03කට පෙර මිලදී ගත්තා.
 
ප්‍රංශයේ පැරිස් නුවර රජයේ ලියාපදිංචි බේකරි නිෂ්පාදකයන් 1,300ක් ඉන්නවා. ඔවුන් එක්ක තරග කර මේ වසරේ අති විශිෂ්ටතම ප්‍රංශ බැගට් පාන් නිෂ්පාදකවරයා ලෙස ජයග්‍රහණය කිරීමට මට හැකි වුණා. ඒ නිසාම වසරක කාලයකට ප්‍රංශ ජනාධිපතිවරයාගේ මන්දිරයට බැගට් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සැපයීමේ වගකීම මා වෙත පැවරී තිබෙනවා.”
 
දර්ශන් සෙල්වරාජ්ගේ මේ ජයග්‍රහණ පිළිබඳව තොරතුරු වාර්තා වීමත් සමඟ ඩුරුවි ගුණසේකර මහත්මිය ඔහු 

Comments