කුවේට් සිට පිටුවහල් කළ පිරිසක් දිවයිනට | සිළුමිණ

කුවේට් සිට පිටුවහල් කළ පිරිසක් දිවයිනට

කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 62දෙනෙකු , එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ එරටින් පිටුවහල් කර අද (29)අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබෙයි

මොවුන් අතරින් 59 දෙනෙකු ගෘහ සේවිකාවන් වූ අතර ඉතිරි තිදෙනා පිරිමි ගෘහ සේවකයින් වෙයි

ඔවුන් ගෘහ සේවය සදහා ගිවිසුම් ගත නිවෙස් වලින් පලා ගොස් , කුවේට් රාජ්‍යයේ තාවකාලික නේවාසිකාගාර වල රැදී සිටිමින් , විවිධ රැකියා ස්ථාන වල  කුවේට් ඩිනාර් 250ක් වැනි මාසික වැටුපක් සදහා  සේවයේ නිරත වෙමින් , වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් බව කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

අසනීප තත්වයන් , ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ පවුල් වල මතු වී ඇති ගැටළු , වයස් ගත වීම වැනි හේතු මත මෙසේ ශ්‍රී ලංකාවට පැමිණීම සදහා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසකි .

මේ ආකාරයට  ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මේ වනවිට 2,000කට අධික ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්  පිරිසක් ලියාපදිංචි වී සිටින බව එම ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .

මොවුන් පිළිබඳව එරට පොලිසිය , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණය සමග එක්ව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කර , ඔවුන්ට  තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර සකස් කර  මෙසේ එරටින් පිටුවහල්  කර එවා තිබුණි .

 

 

Comments