
මේෂ - යහපත් වූ සතියකි
සඳු ගමන් ආරම්භ කරන්නේ 4, 5, 6 යන භාව ස්ථානවලිනි. මවුපස ඥාතීන්ගේ උපකාර මෙන්ම පදිංචි ස්ථානයේ දියුණුවට වැඩ කටයුතු සැලසුම් කරයි. දරුවන්ගේ යහපත් බලාපොරොත්තු ඉටු වේ. ගෘහ ජීවිතය සතුටින් ගතවන දින කීපයකි. කලබල වැඩ නිසා පා ඇඟිලි ආදියේ ගැටීම් තැලීම් ඇතිවිය හැකි අතර ආහාර අජීර්ණ ඇති කෙරේ. ඒ ගැන සැලකිලිමත් වන්න. සතියේ අපල අවම කර ගැනීමට තම වචනය පාලනය කර ගැනීමත් මවුපිය ගුරුවර ආදීන්ට භික්ෂූන් වහන්සේට ඇප උපකාර කිරීම තුළින් හැකි වේ.
සුබ අංක - 4, 7, සුබ වර්ණ - රතු, නිල්, සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා
වෘෂභ - සුබ සතියකි
සඳු ගමන් කරන්නේ 3, 4, 5 යන භාවයන් මතිනි. මවුපියන්ගේ සැප දුක් බැලීමට දරුවන්ගේ පැමිණීම සතුට බෙදාහදා ගැනීම පුණ්‍ය කටයුතුවලට සහභාගී කරගැනීම සිදු වේ. සහෝදර උපකාර ලැබෙන සහජ දක්ෂතා වර්ධනය කෙරෙන සතියක් ද වේ. දරුවන්ගේ ඉගෙනුම් පිළිබඳ, විවාහ, දරුපල ආදිය සම්බන්ධව සතුටු විය හැකිය. පාදවල අසනීප, නිතර පා ඇඟිලි දණහිස් ආදියේ වේදනා ඇති කරයි. එම අපල අවම කර ගැනීමට අවේලාවේ ගමන් බිමන් වළකින්න. මෛත්‍රී භාවනාව වඩන්න. අන්‍යයන්ට ඇහුම්කන් දෙන්න.
සුබ අංක - 6, 7, සුබ වර්ණ - ක්‍රීම්, රෝස, සුබ දවස් - සිකුරාදා, බදාදා
මිථුන - අතමිට මිල මුදල් ගැවසේ
සඳු ගමන් කරන්නේ 2, 3, 4 යන භාවයන් මතිනි. අතමිට මිල මුදල් ගැවසෙන කරන කියන රාජකාරි බහුල නිදහස අඩු දින කීපයකි. වචනයට අන්‍යයන්ගේ අවධානය ලැබෙයි. තැන්පත් ධනයක් ඇති කරයි. කා අතරත් සුහදත්වය ගොඩනඟා ගනියි. පුණ්‍ය කටයුතු, සමාජ සේවා කෙරෙහි නැඹුරු වේ. ප්‍රශංසා ගෞරවය ලබයි. පොතපත ආශ්‍රිතව වැඩ කරන දරුවන්ගේ මෙන්ම වැඩිහිටි අයගේ ද දියුණුව පෙන්වයි. අසනීප ගති මෙන්ම අපල ද බලපවත්වන බැවින් බෝධි පූජාවලට සහභාගී වන්න.
සුබ අංක - 5, 7, සුබ වර්ණය - කොළ, සුබ දවස් - සිකුරාදා, බදාදා
කටක - රැකියා - ව්‍යාපාර දියුණුව
සඳු ගමන් කරන්නේ ලග්නය 2 සහ 3 වැනි භාවයන් හරහාය. කා අතරත් සුහදත්වය වර්ධනය කෙරෙන රැකියා, ව්‍යාපාරවලින් ආදායම් ලබන සතියක් ලෙස නම් කළ හැකිය. ඇවිදිලි වැඩ යෙදේ. රාජ්‍ය අංශවලින් ද ලැබීම් ඇත. ප්‍රාථමික අංශවල ඉගෙනුම් ලබන දරුවන්ගේ දක්ෂතා වර්ධනය කෙරෙන සහ උපන් හපන්කම් මතු කෙරෙන කාලයකි. කාගෙන් හෝ ලැබෙන්නට තිබූ මුදලක් හිමි විය හැක. අෂ්ටම ඒරාෂ්ටකයක් බල පවත්වන බැවින් කුඩා දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කල්පනාවෙන් කටයුතු කරන්න. අපල අවම වීමට දරුවෙකු ලැබෙන්න සිටින හෝ ලද අයෙකුට උපකාර කරන්න.
සුබ අංක - 7, 9, සුබ වර්ණය - සුදු, සුබ දවස් - සඳුදා, අඟහරුවාදා
සිංහ - විදේශ සබඳතා ගොඩනැඟේ
සඳු ගමන් කරන්නේ 12 ලග්නය සහ දෙවැන්න මතිනි. තම දක්ෂතාවන්ට නිර්මාණාත්මක දේට හැකියාවට ඉඩක් ලැබෙන අතර ආදායම් තත්ත්වය සුබ අතට හැරෙයි. ගමන් බිමන් අධික අවිවේකය බලපවත්වන සතියකි. විදේශගත වීම් යෙදෙන්නට හෝ විදේශවල සිටින අයගෙන් උපකාර හිමි වේ. දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය මෙන්ම සියලු යහපත් කටයුතුවලට සුබපල පමුණුවයි. සඳු 12 වැන්නේ නිසා යම් පාඩුවක් නිෂ්ඵල ගමන් වුවද යෙදෙන්නට ඉඩ ඇත. කල්පනාකාරී වන්න.
සුබ අංක 4, 7, සුබ වර්ණය - රතු, සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා
කන්‍යා - ලැබීම් සහිතය
සඳු ගමන් කරන්නේ 11, 12 සහ ලග්නය මතිනි. ආරම්භය සතුටුදායකය. ලැබීම් සහිතය. කා අතරත් සුහදත්වය වර්ධනය කෙරෙන ගමන්බිමන් අධික සතියකි. රැකී රක්ෂා, ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන ලබන දරුවන්ගේ කරුණු කාරණා ඉෂ්ට සිද්ධ වන බවක් දක්නට ඇත. විවාහ පාර්ශ්වයෙන් උදවු උපකාර ලැබේ. විවාහ, දරුපල ප්‍රමාද වූ අයට සුබ වේ. සමහර විට ඇසුරු කරන කෙනෙක් නිසා පාඩුවක් පෙන්නුම් කරයි. කල්පනාකාරී වන්න. අපල අවම කර ගැනීමට කුඩා දරුවන්ට ආදරය, කරුණාව දක්වන්න. දැනුම බෙදා දෙන්න. කොහොඹ පැළයකට ජලය දමන්න.
සුබ අංක - 5, 7, සුබ වර්ණය - කොළ, සුබ දවස් - බදාදා, බ්‍රහස්පතින්දා
තුලා -සමාජ සේවා කටයුතුවල නියැළෙයි
සඳු ගමන් කරන්නේ 10, 11 සහ 12 වැන්න මතිනි. රැකී රක්ෂා, ව්‍යාපාර කටයුතු පල දරයි. ගෙදරදොර පදිංචි ස්ථානය කලඑළි කරයි. පිළිවෙළට සකසයි. සමාජ සේවා කටයුතුවල නියැළීමට සිදුවන අතර පොතපත ඇසුරට පෙලඹේ. ඒ සම්බන්ධ කටයුතුවලින් ලාභ ලබයි. ඇවිදිලි වැඩි වේ. හිතවත් කෙනෙකු නිසා මුදලක් වැය වීමට ඉඩ ඇත. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් පෙන්වයි. අපල අවම වීමට වකුගඩු රෝගීන්ට, පිළිකා රෝගීන්ට උපකාර කරන්න.
සුබ අංක - 6, 7, සුබ වර්ණ - සුදු, ක්‍රීම්, සුබ දවස් - බදාදා, සිකුරාදා
වෘශ්චික - පුණ්‍ය කටයුතුවල නියැළෙයි
සඳු ගමන් කරන්නේ 9, 10, 11 යන භාවයන් මතිනි. ආරම්භයේ සිටම සතුටුදායකය. පුණ්‍ය කටයුතුවලට නිරායාසයෙන්ම යොමු වේ. ගෙදරදොර දියුණුවට වැඩ කටයුතු සලසා ගනියි. දරුවන්ගේ උසස් අධ්‍යාපනික දියුණුව සහ විභාග ජයග්‍රහණ ආදිය දක්නට ලැබෙයි. රැකියා, ව්‍යාපාර ආදියෙන් ලාභ ප්‍රයෝජන අත්වේ. අපල අවම කර ගැනීමට ලේ දන්දීම, අක්ෂි රෝගීන්ට උපකාර කිරීම තුළින් හැකිවේ.
සුබ අංක - 5, 7, සුබ වර්ණය - රතු, සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
ධනු - ගුණ යහපත් මිතුරන් ලැබේ
සඳු ගමන් කරන්නේ 8, 9, 10 යන භාව ස්ථානවලිනි. ආරම්භය දුක් සහිත ආරංචි ලැබේ. ඉන් පසු දින කීපය දරුවන්ගේ අධ්‍යාපනික තත්ත්වය යහපත් වන ගෘහ ජීවිතය, රැකියාව, ලාභ ලැබීම් ආදිය සුබ අතට හැරේ. පුණ්‍ය කටයුතුවලට දායකත්වය ලබා දෙයි. උසස් මිතුරන් මුණ ගැසේ. දැනුම ආකල්ප වැඩිදියුණු වන අතර විදෙස් ගමන් සපල වේ. අපල අවම කර ගැනීමට බෝධිය අවට පිරිසිදු කරන්න.
සුබ අංක - 7, 8, සුබ වර්ණය - කහ, සුබ දවස් - බ්‍රහස්පතින්දා, ඉරිදා
මකර - මිශ්‍ර පල ගෙන දෙයි
සඳු ගමන් කරන්නේ 7, 8, 9 යන භාවයන් හරහාය. රැකියා, ව්‍යාපාර ලාභ ඇත. සමාජ සේවා කටයුතුවලට යන්නට සිදු වෙයි. උසස් උගත් මිතුරන් හමුවේ. විවාහ පාර්ශ්වයෙන් උදවු උපකාර හිමිකර දෙයි. දරුවන්ගේ අධ්‍යාපනික අංශවල ප්‍රගතියක් ඇති කරයි.
සහජ දක්ෂතාවලින් පල ප්‍රයෝජන ගත හැකි සතියකි. පාදවල හැල හැප්පීම් ඇතිවිය හැකි නිසා ගෙදර දොර වැඩවලදී ප්‍රවේසම් වන්න.
අපල අවම වීමට භාවනාවක යෙදෙන්න.
සුබ අංක - 7, 9, සුබ වර්ණය - නිල්, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා
කුම්භ - මිශ්‍ර පල ගෙන දෙයි
සඳු ගමන් කරන්නේ 6, 7, 8 යන භාවයන් හරහාය. ව්‍යාපාර කටයුතු දියුණු වේ. සතුරන් මිතුරු වේ. රැකියාවෙන් උසස්වීම් හෝ වෙනත් අංශවල දියුණුවක් දක්නට ලැබෙයි. උසස් උගත් මිතුරන් මුණ ගැසේ. රාජ්‍ය අංශවල නිලධාරීන් සමඟ සමාජ සුබසාධන කටයුතුවල නියැළෙන්නට, ප්‍රධානත්වය උසුලන්නට අවස්ථා යෙදේ. සෙම් පීනස් රෝග වැඩි වෙයි. අපල අවම වීමට වචනය ප්‍රවේශමෙන් හැසිරවීමත් රෝගීනට සත්කාර කිරීමත් සුබ වේ.
සුබ අංක - 7, 9, සුබ වර්ණය - නිල්, සුබ දවස් - සෙනසුරාදා, සිකුරාදා
මීන - දරුවන්ගේ අධ්‍යාපනික දියුණුව
සඳු ගමන් කරන්නේ 5, 6, 7 යන භාවයන් හරහාය. දරුවන්ගේ අධ්‍යාපනයේ ප්‍රගතියක් පෙන්වන ආදරණීය බැඳීම් වර්ධනය වන සතියකි. මවු පාර්ශවයෙන් උදවු ලැබේ. පුණ්‍ය කටයුතුවල නියැළීමේ භාග්‍ය මතු කරයි. රැකියා, ව්‍යාපාරවල උසස් දියුණු තත්ත්වයකට මඟ පාදයි. ලාභ ප්‍රයෝජන වැඩි වේ. රෝග පීඩා කරදර බාධක යෙදිය හැකි සතියක් බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න. අපල අවම කර ගැනීමට වචන පාලනය කර ගැනීමත් දානමාන දීමත් සුදුසුය.
සුබ අංක - 7, 9, සුබ වර්ණ - රතු, කහ, සුබ දවස් - බ්‍රහස්පතින්දා, අඟහරුවාදා