
ලෞකික ජීවිතය වාසනාවන්ත කර ගැනීමට නම් විවාහ ජීවිතයක අවශ්‍යතාව ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. ජ්‍යොතිෂ විශාරද මහාචාර්ය ක්‍රිෂ්ණමූර්ති පඬිතුමා ඒ ගැන කියන්නේ මෙවැනි කතාවකි.
"අපගේ සියලුම කර්තව්යවලින් ඉතාම සැලකිලිමත් විය යුතු කටයුත්ත විවාහයයි. මේ ලෝකය දිව්‍ය ලෝකයක් හෝ අපායක් වන්නේ කෙනෙකුගේ විවාහ ජීවිතයේ තත්ත්වය අනුවයි."
ජ්‍යොතිෂ දෝතින් විමසුමට එන කේන්දරවලින් 75%කටත් වඩා විවාහය ප්‍රමාදයට පිළියම් විමසයි. විවාහය ප්‍රමාද වී දුක් සුසුම් හෙළමින් පැදුරටම නාකි වන තත්ත්වයක් සමහරුන්ට ඇතිවන අතර සමහරුන් කටේ කිරි සුවඳ යන්නටත් කලින් මනමාලයන් සොයා ගන්නා බව රහසක් නොවේ.
විවාහය සංසාරගත පව් පින් අනුව සිදු වන බව සමහරු විශ්වාස කරති. ඒ අදහස ද බැහැර කළ නොහැකිය. එසේම විවාහය ප්‍රමාද වන අයට ඒ අපල උපද්‍රව දුරු කර ගැනීම සඳහා බාරහාර, පුද පූජා, යන්ත්‍ර මන්ත්රවල පිහිට පැතීමට ද සිදුවේ. ඉන් සාර්ථක ප්‍රතිඵල ලබා ඇති අය අනන්තයි. එබැවින් මේ සමඟ ඇති අතිවිශිෂ්ට මන්ත්‍රය නියමිත පරිදි අත්හදා බලා සාර්ථක විවාහයක් ඉටුකර ගන්න.
අනුගමනය කළ යුතු පිළිවෙළ
පළමුව පිරිසිදු වී බුදුන් වහන්සේට තෙල් මල් පහන් පූජා කොට සුළු වේලාවක් මෛත්‍රී භාවනාව කරන්න. ඉන්පසු පහන් තිර 5ක් දැල්විය හැකි පහනකට ගිතෙල් ද මුසුකොට පිරිසිදුව සිඳ ගත් තැඹිලි තෙල් යොදා පහන් තිර 5 දල්වන්න. (මෙය කළ යුත්තේ සෑම අඟහරුවාදා දිනකම විජය යෝගයෙනි. ඉර බැස විනාඩි 24ක් ගිය පසු උදා වන විනාඩි 24 විජය යෝගයයි. ඉර බසින වේලාව සෑම පංචාංග ලිතකම දක්වා තිබේ. ෂඩ්භාෂා පරමේශ්වර ශ්‍රී රාහුල සංඝ රාජයාණන් වහන්සේ සැලළිහිණියාට ගමන් අරඹන්නට කීවේද මෙම යෝගයෙනි.
පහන් තිර 5 දල්වා එම පහනට වැඳගෙන විජය යෝගය යෙදෙන වේලාවේ මේ මන්ත්‍රය කීම ආරම්භ කරන්න. තමන්ගේ බලාපොරොත්තු මුදුන්පත් වේවායි යන පරම චේතනාවෙන් ඉතාම භක්තියෙන් මේ මන්ත්‍රය 7 වරක් කියන්න. අපිරිසිදු දිනවල කියන්න එපා.
විවාහය වඩාත් ප්‍රමාද වී ඇති බව ඔබ සිතන්නේ නම් සෑම අඟහරුවාදා ම මෙන්ම සෑම සිකුරාදා ම 7 වරක් විජය යෝගයෙන් මේ මන්ත්‍රය කියන්න.
ඉතාම භක්තියෙන් මෙය කළහොත් ඒකාන්තයෙන්ම මාස 3ක් වන්නට පෙර වාසනාවන්ත විවාහයක් සිදු වේ. ප්‍රමාද වුවහොත් මාස 6 ගෙවෙන්නට පෙර විවාහය සිදු වේ.
රක්ෂ රක්ෂ ජගන් මාතා දේවී
මංගල චණ්ඩිකේ
හරිකේ විපදාං රාසෝ හරිස්ය
මංගල කාරිකේ
හරෂ මංගල දක්ෂේච හර්ෂ
මංගල දායිකේ
ශුභේ මංගල දක්ෂේච ශුභේ
මංගල චණ්ඩිකේ
මංගලේ මංගලාර්සේව සර්ව
මංගල මංගලේ
සදා මංගල දේ දේවී සර්වේ
සාං මගලාලයේ
පූජ්යෙ මංගල කාරේච මංගලා
හීෂෘ දේවකේ
පූජ්යෙ මංගල භූපස්ය
මනුවංසස්ය සංතතං
මංගලාධීර් ෂාන්ති දේවී
මංගලා නාංච මංගලේ
සංසාර මංගලාධාරේ මෝක්ෂ
මංගල දායිනී
සාරේච මංගලාධාරේ පාරේච
සර්ව කර්මනං
ප්‍රති මංගල වාරේච පූජ්යෙ
මංගල සුඛඃ ප්‍රදේ
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී, විශ්‍රාමලත් විදුහල්පති කොස්ගොඩ කේ.ඩී.ආර්.පී. රාජකරුණා