ඉන්දීය විදේශ ලේකම් ජනපති හමුවෙයි | සිළුමිණ

ඉන්දීය විදේශ ලේකම් ජනපති හමුවෙයි

ඉන්දීය විදේශ ලේකම් විනේ මෝහන් ක්වාත්‍රා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුවිය.
 
ආරක්ෂක අමාත්‍යාංශයේ දී අද(11) එම හමුව සිදු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.
 
ජුලි 20 වැනිදාට නියමිත ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නව දිල්ලිය සංචාරයට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා ඉන්දීය විදේශ ලේකම්වරයා දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (ජූලි 10) දිවයිනට පැමිණියේය.
 
ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ එළඹෙන ඉන්දීය සංචාරය 2022 දී බලයට පත්වීමෙන් පසු ඔහුගේ පළමු සංචාරයවේ.
 
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, බලශක්ති හා විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන් සමඟින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නව දිල්ලිය සංචාරයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

Comments