![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/07/11/20230711_042850.jpg?itok=Rvf__FOW)
කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සදහා ගොස් ,එරට නීතිවිරෝධී ලෙස රැදී සිටි , පසුව ශ්‍රී ලංකාවට පැමිණීම සදහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46 දෙනෙකු ,එරටින් පිටුවහල් කර අද (11)දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .
මොවුන් අතරින් 39 දෙනෙකු ගෘහ සේවිකාවන් වූ අතර ඉතිරි 07 දෙනා ගෘහ සේවකයින් වූහ .
මොවුන් දීර්ඝ කාළයක් කුවේට් රාජ්‍යයේ නීතිවිරෝධී ලෙස වීසා නොමැතිව රැදී සිට සිට ඇති අතර , පසුව ඔවුන් විවිධ අසනීප වලට ගොදුරු වීම , පෞද්ගලික ගැටළු සහ ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ පවුල් වල ගැටළු මතු වීම නිසා , ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී තිබේ .
මෙසේ මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණීම සදහා ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 2,000 කට අධික පිරිසක් කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී ඇති බව තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් මහතා පැවසීය.
මෙසේ ලියාපදිංචි වී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට එවීම පිළිබඳව කුවේට් රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සමග පසුගියදා සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව එරට පොලිසිය , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණය සමග එක්ව ගත් කඩිනම් පියවර මත ,තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර මත මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස එවා තිබුණි .
ඔවුන්ගේ ඇගිලි සළකුණු ලබා ගැනීමෙන් අනතුරුව මෙසේ මෙම පිරිස එරටින් පිටුවහල් කර ඇති අතර , යළි කිසිදා ඔවුන්ට කුවේට් රාජ්‍යය වෙත පිවිසීම ඒ මගින් සපුරා තහනම් කර තිබේ .
මෙම පිරිස අද (11) අලුයම 03.30 ට කුවේට් සිට අල් ජසීරා ගුවන් සේවයේ ජේ.- 9551 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .