චීනයේ පෙර පාසලක පිහි ඇණුමකින් 06 ක් මරුට | සිළුමිණ

චීනයේ පෙර පාසලක පිහි ඇණුමකින් 06 ක් මරුට

දකුණු චීනයේ ළදරු පාසලකට අද (10) උදෑසන  එල්ල වූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් එක් අයෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
Guangdong පළාතේ Lianjiang නගරයේ සිදුවූ මාරක සිදුවීමක් සම්බන්ධයෙන් 25 හැවිරිදි පුද්ගලයෙකු රඳවාගෙන ඇති බව ද එරට පොලිසිය පවසයි.
 
මෙම පුද්ගලයා උදේ 7.40 පමණ මෙම පිහි ඇණුම සිදු කර ඇති අතර මෙමගින්  එක් ගුරුවරයෙකු, දෙමාපියන් දෙදෙනෙකු සහ දරුවන් තිදෙනෙකු මියගොස් ඇති බව වාර්තා කරයි.
 

Comments