පැය පහක ගුවන් ගමනකින් පසු 'මුතුරාජා' මව් රටට | සිළුමිණ

පැය පහක ගුවන් ගමනකින් පසු 'මුතුරාජා' මව් රටට

ශ්‍රී ලංකාවාසී  බොහෝ දෙනාගේ ආදරයට පාත්‍රව සිටි මුතුරාජ හස්තියා අද මෙරටින්  යළි තායිලන්තය බලා පිටව ගියේය. විශේෂ ගුවන් යානයකින් හස්ති රාජයා කටුනායක සිට තායිලන්තයේ චියෑන් මායි ගුවන්තොටුපල වෙත රැගෙන යාම සිදුවුණි.
 
හස්ති රාජයා කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන ඒමේදී විශේෂ ආරක්ෂාවක්ද ලබාදීමට කටයුතු කර තිබුණි.
 
'මුතුරාජා' හෙවත් 'සක්සුරින්' හස්තියා මීට 20 වසරකට පෙර තායිලන්තය රජයෙන් මෙරටට පරිත්‍යාග කර තිබුණි. ශ්‍රී ලංකාව තුළ සිටි හීලෑ අලි ඇතුන් අතරින් දිගම දළ යුගලයට හිමිකම් කිවේ ද මුතුරාජ හස්තියායි.
 
මෙම හස්තියා රැකබලා ගැනිමේ දී දැක්වු නොසැලකිලිමත් භාවය හේතුවෙන් අවස්ථා ගණනාවකදීම මුතුරාජා රෝගා බාදවලට ලක්වුණි. ඒ අනුව තායිලන්ත රජය යළි මෙම හස්තියා එරටට රැගෙන යාමට තීරණය කළේය. 
 
ඒ අනුව රුසියානු එලුෂියන් 76 දරණ ගුවන් යානයෙන් හස්තියා මෙසේ කටුනායක සිට රැගෙන යාමට කටයුතු කෙරුණෙ ඒ තුළ සකස් කළ විශේෂ කුඩුවක ආධාරයෙනි.
 
පෙරවරු 7.30ට පමණ මෙම විශේෂ ගුවන් යානය තායිලන්තය බලා ගමන් ඇරඹු අතර එය දහවල් 12.33ට තායිලන්තයේ චියෑන් මායි ගුවන්තොටුපල වෙත ගොඩබස්වනු ලැබීය.
 
පැය 5ක ගුවන් ගමන සදහා තායිලන්තයේ සිට පැමිණි පශු වෛද්‍යවරුන් තුන් දෙනෙකු ඇත් ගොව්වෙකු හා සහයකයින් දෙදෙනෙකු මෙම ගමනට එක්ව සිටියහ.
 
හස්තියා තායිලන්තයේ දී ස්වභාවික රක්ෂිතයක නිරෝධායනය කිරීමට නියමිත බවද වාර්තාවේ. 

Comments