![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/07/01/8-1.jpg?itok=Btr82CRq)
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් රසායනාගාර වෙත යොමු කරන ආහාර සාම්පලවලින් සියයට 90කට වැඩි ප්‍රතිශතයකම ගැටලු නොමැති බවත් නඩු නිමිත්තක් හෝ ගැටලුවක් ඇති ආහාර සාම්පල හමුවන්නේ සියයට 10ටත් අඩු සංඛ්‍යාවක් පමණක් බවත් අනාවරණය වී ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ඒකකයේ නිලධාරීන්ගේ ප්‍රගති සමාවලෝචන රැස්වීමකදී මේ බව හෙළි වී ඇති අතර, එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික, වෘත්තීය සෞඛ්‍ය හා ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය තිලක් සිරිවර්ධන පෙන්වා දී ඇත්තේ බලයලත් නිලධාරීන්ගේ විශේෂඥ භාවය හා අත්දැකීම් අනුව අවදානම් තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මූලික වශයෙන් තෝරාගත් සාම්පල පමණක් රසායනාගාර වෙත යොමු කිරීම අත්‍යවශ්‍ය බවය.