
මේෂ - ගෘහ ජීවිතය සතුටින්
සඳු ගමන් කරන්නේ 3, 4, 5 යන භාවයන් හරහාය. සහෝදර මාපිය දූදරු සබඳතා වර්ධනය වන ඔවුනොවුන් එකිනෙකාට උදවු උපකාර කරගන්නා දින කීපයකි. ගෘහ ජීවිතය සතුටින් ගෙවෙයි. ගෙදරදොර අලංකාරය පිණිස උනන්දු වෙයි. දරුවන්ගේ අධ්‍යාපනික කටයුතුවල සුබවාදී වර්ධනයක් දක්නට ලැබෙන සහ ආර්ථිකය ශක්තිමත් බවක් ඇති කරයි. අපල අවම කර ගැනීමට අඟහරුවාදා දින ශල්‍යකර්මවලට භාජනය වූ අයට අක්ෂි රෝගීන්ට උදවු කරන්න.
සුබ අංක 4, 5, සුබ වර්ණ රතු, නිල්, සුබ දවස් ඉරිදා, අඟහරුවාදා
වෘෂභ - අතමිට සරු වේ
සඳු ගමන් කරන්නේ 2, 3, 4 යන භාවයන් මතිනි. කරන කියන කටයුතු සාර්ථක බවක් පෙන්නුම් කරයි. රැකියා, ව්‍යාපාරවලින් ආදායම් සරු වේ. සහෝදර දෙමාපිය ආදීන්ගෙන් උදවු උපකාර ලැබෙන ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ ඉගෙනුම් වර්ධනය වන සතියකි. පුණ්‍ය කටයුතුවලට දායක වීමට අවස්ථා සැලසේ. අපල අවම කරගැනීමට සිකුරාදා දිනය නිර්මාංශව බෝධි පූජාවක් තබන්න.
සුබ අංක 3, 6, සුබ වර්ණ - සුදු, ක්‍රීම්, සුබ දවස් - බදාදා, සිකුරාදා
මිථුන - යහපත් වූ සතියකි
සඳු ගමන් ගන්නේ ලග්නය දෙවැන්න හා තුන්වැන්න මතිනි. ඇසුරු කරන අය අතර ප්‍රියමනාප පුද්ගලයෙක් බවට පත්වේ. රැකියා, ව්‍යාපාර අංශවල දියුණුවක් පෙන්නුම් කරන උසස් අධ්‍යාපනය ලබන දරුවනට ශක්තියක් වන ග්‍රහ බල පවතී. මිල මුදල් අතමිට ගැවසේ. යහපත් සතියකි. අපල අවම කර ගැනීමට කුඩා දරුවන්ට ආදරය රැකවරණය දෙන්න.
සුබ අංක 3, 5, සුබ වර්ණය - කොළ, සුබ දවස් - බදාදා, සිකුරාදා
කටක - මිශ්‍ර පල සහිතයි
සඳු ගමන් ගන්නේ 12 ලග්නය හා දෙවැන්න මතිනි. ආරම්භය ගැටලු සහගත විය හැක. පාඩු සිදුවීමට ඉඩ තිබෙන බැවින් කල්පනාකාරී වන්න. ඉන්පසු තත්ත්වය සුබ අතට හැරේ. දරුවන්ගේ සියලු සුබ කටයුතුවලට යහපත් ප්‍රතිචාර හිමි වේ. රැකියා, ව්‍යාපාර අංශවලින් ලාභ ප්‍රයෝජන හිමිකර දෙයි. සතුරන් මිතුරන් වේ. අසනීප ගති පෙන්වයි.
අපල අවම කර ගැනීමට සමන්පිච්ච මල් බුදුන්ට පූජා කර පත්තිනි මෑණියන්ට පින් දෙන්න.
සුබ අංක 2, 7, සුබ වර්ණය - සුදු, සුබ දවස් - සඳුදා, බ්‍රහස්පතින්දා
සිංහ - ලැබීම් සහිතයි
සඳු ගමන් ගන්නේ 11, 12 සහ ලග්නය මතිනි. ආරම්භය සතුටුදායකය. ඔබට ලැබෙන්නට තිබූ මුදලක් හිමිවීමට පුළුවන. ඇසුරු කරන අය අතර සුහදත්වය වර්ධනය වේ. රැකියා, ව්‍යාපාර කටයුතු සාර්ථක බවක් පෙන්වයි. දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය උසස් වේ.
ගෘහ ජීවිතය සතුටින් ගෙවේ. වාසනාවන්ත සතියකි. අපල අවම කර ගැනීමට අක්ෂි රෝගීන්ට උපකාර කරන්න.
ලේ දන් දීමට අවස්ථාව ලදහොත් ලේ දන් දෙන්න.
සුබ අංක 1, 4, සුබ වර්ණය - රතු, සුබ දවස් - ඉරිදා, බදාදා
කන්‍යා - රැකියා, ව්‍යාපාරවලින් ලාභ
සඳු ගමන් කරන්නේ 10, 11 සහ 12 යන භාවයන් හරහාය. රැකියා, ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන හිමි වේ.
ඒ සඳහා බොහෝ ඇවිදිලි වැඩ යෙදේ. දරුවන්ගේ අධ්‍යාපන ප්‍රගතිය ඇති කරන සතියකි. ගෘහ ජීවිතය සාමයෙන් ගත කළ හැකි සහ ගෙදරදොර අලංකාරය පිණිස වෙහෙසෙන බවක් පෙන්වයි. අපල අවම කර ගැනීමට ඉගෙන ගන්නට දක්ෂ
අසරණ දරුවෙකුට සුළු උපකාරයක් හෝ කරන්න.
සුබ අංක 3, 5, සුබ වර්ණය - කොළ, සුබ දවස් - බදාදා, සිකුරාදා
තුලා -පුණ්‍ය කටයුතුවලට දායකත්වය
සඳු ගමන් කරන්නේ 9, 10, 11 යන භාවයන් හරහාය. පුණ්‍ය කටයුතුවලට දායකත්වය ඇතිව ආරම්භ වන සතිය සුබ පල සහිතය.
ගෘහ ජීවිතය සතුටින් ගත කළ හැකි අතර දරුවන්ගේ අධ්‍යාපනික කටයුතුවල ප්‍රගතියක් දැකිය හැකි වේ. රැකියා ව්‍යාපාරවලින් වෙනදාට වැඩි ලාභ ප්‍රයෝජන හිමිකර දෙයි. සුබ සතියක ආරම්භයකි. අපල අවම කර ගැනීමට බෝධියක් අබියස නොයෙක් පාටින් සහ
සුවඳින් යුතු මල් පූජා කර දෙවියන්ට පින් අනුමෝදන් කරන්න.
සුබ අංක 3, 6, සුබ වර්ණ - ක්‍රීම්, රෝස, සුදු, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා
වෘශ්චික - මිශ්‍ර පල ගෙන දෙයි
සඳු ගමන් කරන්නේ 8, 9, 10යන භාවයන් මතිනි. ආරම්භයේ කනගාටුදායක පුවත් ආරංචි විය හැකි අතර ඉන් පසුව දින කීපය සුබ පල අත්කර දෙයි. පුණ්‍ය කටයුතුවලට දායකත්වයක් ලබා දෙමින් රැකියා, ව්‍යාපාර දියුණුවට වැඩ සලසා ගනී. සහෝදර උපකාර ලබයි. සහජ දක්ෂතාවන්ට ඉඩකඩ සැලසෙයි. අපල අවම කර ගැනීමට ලේ දෝෂ, අක්ෂි දුර්වලතා ඇති අයට උදවු කරන්න.
සුබ අංක 4, 5, සුබ වර්ණය - රතු, සුබ දවස් - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
ධනු - යහපත් සතියකි
සඳු ගමන් කරන්නේ 7, 8, 9 යන භාවයන් හරහාය. කරන කියන ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අත්වෙයි. පුණ්‍ය කටයුතුවලට නිරායාසයෙන්ම දායකත්වය ලබා දෙන්නට ඉඩ ප්‍රස්ථා උදා වෙයි. දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් පෙන්වන සහ ගෘහ ජීවිතය සතුටින් ගෙවිය හැකි දින කීපයකි. සහෝදර පිරිසගෙන් උදවු උපකාර ලබා ගැනීමට හැකි වේ.
කනගාටුදායක පුවත් අසන්නට ලැබිය හැකිය. අපල අවම වීමට අන්‍යයන්ට හැකි අයුරින් උපකාර කරන්න.
සුබ අංක 3, 5, සුබ වර්ණය - කහ, සුබ දවස් - බ්‍රහස්පතින්දා, ඉරිදා
මකර - මිශ්‍ර පල සහිතයි
සඳු ගමන් කරන්නේ 6, 7, 8 යන භාවයන් මතිනි. රැකියා, ව්‍යාපාර කටයුතු සාර්ථක වෙයි. සමාජ සේවා වැඩවලට දායකත්වය ලබා දෙයි. විදේශ ගමන් ඉල්ලුම් කර තිබූ අයට සුබ පණිවුඩ ලැබෙන්නට හැකියාව ඇත. ඇසුරු කරන අය අතර ප්‍රියමනාප පුද්ගලයෙක් බවට පත් වේ. හිතවත් දන්නා හඳුනන කෙනෙකුගේ කරදරයකට උදවු කිරීමට සිදු වේ. අපල අවම කර ගැනීමට උදේ සහ
සවස රතන සූත්‍රය අසන්න, කියන්න.
සුබ අංක 8, 9, සුබ වර්ණය - නිල්, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා
කුම්භ - සුබ කාරණා ඉටුවෙයි
සඳු ගමන් කරන්නේ 5, 6, 7 යන භාවයන් හරහාය. ගෘහ ජීවිතය සාමයෙන් ගෙවිය හැකි අතර දරුවන්ගේ කටයුතු සාර්ථක වේ.
පුණ්‍ය කටයුතුවලට දායකත්වය දෙමින් සමාජයේ උසස් උගත් මිතුරන්ගේ ඇසුර ලබන්නට හැකි වෙයි. රැකියා, ව්‍යාපාර කටයුතුවල ප්‍රගතියක් අත්කර ගැනීමට පුළුවන. විවාහ කටයුතු, ප්‍රේම සබඳතා පිළිබඳ තීන්දු තීරණවලට එළඹිය හැකි සතියකි.
අපල අවම වීමට රෝගීන්ට උපකාර කරන්න.
සුබ අංක 8, 9, සුබ වර්ණය - නිල්, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා
මීන - රැකියා ව්‍යාපාරවල දියුණුව
සඳු ගමන් කරන්නේ 5, 6 යන භාවයන් මතිනි. ගෙදරදොර අලංකාරයට කටයුතු සලසා ගනී. දරුවන්ගේ අධ්‍යාපනය මෙන්ම විවාහ වන වයසේ පසුවන දරුවන්ගේ සුබ කරුණු කාරණා ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. රැකියා, ව්‍යාපාරවල දියුණුව සැලසේ.
දරු පල පිළිබඳව බලාපොරොත්තු අලුත් වෙයි.
සුබ අංක 3, 9, සුබ වර්ණ - රතු, කහ, සුබ දවස් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා