මහා බලගතු සරස්වතී පූජාව | සිළුමිණ

මහා බලගතු සරස්වතී පූජාව

සරස්වතී දේවිය පිළිබඳ ලොකු කුඩා සියලු දෙනාගේ ඇත්තේ මහා බලගතු විශ්වාසයකි. කුඩා දරුවන්ට මුල් අකුරු කියවීමේදී මෙන්ම නැටුම් සංගීත වැනි කලඑළි බැස්ස වීමේ හා වෙස් මංගල්‍ය වැනි කටයුතුවලදී සරස්වතී පූජා පැවැත්වීම සිරිතක් කොට පවතී. ශාස්ත්‍රීය ඥානය එතුමියගෙන් ලැබෙන බවට විශ්වාසයකි. සරස්වතී මෑණියන්ට පූජා සත්කාර පැවැත්වීමේදී සංගීතය ශාස්ත්‍රීය ඥානය මෙන්ම සර්වජන වශී ආකර්ෂණයද ලැබෙන බවට සඳහන් කරනු කැමැත්තෙමි. ඒ මාගේ පූර්ණ අත්දැකීම්ය. සරස්වතී පූජාවක් පැවැත්වීම තම නිවස තුළ සිදු කළාට වරදක් නැත. සරස්වතී පූජාවක් පවත්වා නිසි ප්‍රතිඵල නෙළා ගන්නා ආකාරය පිළිබඳ ඉසිවර පාඨකයන්ට අද මම මෙසේ සටහන් කරමි.

 

සරස්වතී පූජාව

රතු සහ සුදු නෙළුම් මල් සහිතව පිච්ච මල් අනිවාර්යෙන්ම ගත යුතුය. පිරිසිදු පලතුරු, කැවිලි, බුලත්, පුවක්, සුදු හඳුන්, උක්, ලද පස්මල්, අමු කහ, තැඹිලි, විලඳ, මී පැණි, ගිතෙල්, සඳුන් තෙල්, අඹ තෙල්, පස් තෙල්, තල තෙල්, මී තෙල්, පහන්, රිදී කාසි 7ක් ආදිය ගෙන අංග සම්පූර්ණ මල් යහන සාදා ගත යුතුය. අනතුරුව පුර පක්ෂයේ කෙම්මුර දිනක දහවල් හෝ රාත්‍රියේ 10න් පසු වේලාවක් වෙන්කර හිස සෝදා තම පිරිසිදු වී පූජාව ආරම්භ කළ යුතුය. ආරම්භ කිරීමට පෙර කපුරු, හඳුන්කූරු දල්වා දුම් දී පන්සිල් ගෙන තුන් සූත්‍රය හා ජය පිරිත සජ්ඣායනා කොට ආරම්භ කළ යුතුය. ආරම්භ කිරීම දෙවියන්ට ආරාධනා කිරීමයි. පහත සඳහන් දේව ආරාධනාව ඉතා නිවරැදිව තුන් සිත පහදවා කිව යුතුය

සරස්වතී ආරාධනාව

ශාස්ත්‍රාගම ධාරි ගුණ ඥාන සම්ප්‍රයුත්තං

ලෝකචාරි ප්‍රියංගනා විද්‍යා හාර ධාරං

විද්‍යාචාරි මනුෂ්‍ය මුඛ සේවිත නිතසං

සරස්වතී දේවි සුර ආසන පුවිෂ්ටං

 

ශ්‍රිධිධර ගිතකාම මධුර ස්වර වාච

ශ්‍රී හස්තක කීර පෝතකා දෂ්‍යනි නිත්‍යං

ශ්‍රී මුඛ වාසනු බද්ධ මහා බ්‍රහ්ම රාජං

සරස්වතී දේවි පුෂ්ප ආසන ප්‍රවිෂ්ටං

 

විද්‍යාධර සකලා බහුජන නායක වීරං

අන්‍යධාරක විශ්‍රැත බහුජන මත ප්‍රිතිං

නිත්‍ය ස්වර ගීත ශාස්ත්‍ර ඡන්ද සසාධිපති

සරස්වතී දේවි පුෂ්ප ආසන ප්‍රවිෂ්ටං

ඉහත ආරාධනාවෙන් පසු පහත ස්තෝත්‍රය විද්‍යා ශාස්ත්‍රීය ඥාන ශක්තිය අපේක්ෂා කරන අය 21 වර කිව යුතුය. ඔබ පුදුමයට හා විමතියට පත්වනු ඇත. ශාස්ත්‍රීය ඥාන ශක්තිය පමණක් නොව සර්වජන ආකර්ෂණ වශී ශක්තිය නිරතුරුවම ඔබ වෙත ගලා එනු ඇත. හිතේ විශ්වාසය හා භක්තිය මෙන්ම ගෞරවය නිරතුරුවම පැවතිය යුතු බව සිහි තබා ගන්න.

සරස්වතී ස්තෝත්‍රය නිතර භාවිතයට

නමෝ ස සර්වාංගනී සදා නන්දි

සර්ව දේවි නමෝ නමඃ

නමෝ ශුද්ධස්ථමික සංශිතේ

සුක්ෂම රූපි නමෝ නමඃ

නමෝ මූල මන්ත්‍ර රූපායි මූල ශක්ති නමෝ නමඃ

නමෝ මුත්තාලංකෘත සංශිතී මූල

ධරණි නමෝ නමඃ

නමෝ සර්ව කර්ය චිත්තායි

කාම රූපි නමෝ නමඃ

නමෝ නාරායනි ඝෝර රූපි

වරදේවි නමෝ නමඃ

ඉහත ස්තෝත්‍රය ඕනෑම කාරණාවකදී ඔබට භාවිත කළ හැක. දිනපතා 21 වර භාවිතයේදී නොසිතූ යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත. මිට වඩාත් ගුණ දෙන සරස්වතී යන්ත්‍රය සරස්වතී තෛලය අති ප්‍රබලය. සරස්වතී තෛලය පිළිබඳ හා එහි ප්‍රබලත්වය කෙසේද යත් තොටගමුවේ ස්වාමීන් වහන්ස සරස්වතී තෛලය භාවිත කළ බව ජනවහරේ පවතී. එම යන්ත්‍ර හා තෙල් සඳහා වූ වට්ටෝරු ඇතත් මෙහිලා සඳහන් කිරීමෙන් ඔබට යම් අවබෝධයක් නොමැතිව එය සකසා ගැනීම අපහසු කාර්යක් වන නිසා සරස්වතී තෛලය සඳහා විශේෂිත දැනුම ඇති ගුරුවරයකුට මිස සාමාන්‍ය අයෙකුට සිඳ ප්‍රයෝජන ගැනීම අපහසු නිසාත් ඔබට පහසුවෙන් ඇස්පනාපිට ප්‍රතිඵල දැකිය හැකි පහසු ක්‍රමවේදයක් මෙහිලා සඳහන් කරනු කැමැත්තෙමි. පුහු ළිඳක් හාරා නැවුම් ජලය මැටි අතලයකට 7 පෙරාගෙන නෙළුම් මල හැඩය වන සේ බුලත් 54 ගෙන තබා වියන් බැඳ පිරිසිදු කරගත් ස්ථානයකදී සුවඳ දුම් දී බුලත් යහන මැද මැටි අතළය තබා අඟල් 6ක් පමණ දිගට නටුව සහිත නෙළුම් මල එයට දමා පිරිසිදු වී ඉතා භක්ති පූර්වකව සුදු ඇඳ පංචශිලයෙහි පිහිටා නවගුණ වැල අතට ගෙන එක දිගට පහත සඳහන් ස්තෝත්‍රය කියන්න. නෙළුම් මල පිපිදෙනු ඇත. එවිට සිද්ධිය ලැබේ. නෙළුම් මල පිපිනු පසු ජීවම් කරන ලද පැන් වීදුරුවක් හා පිපුණු නෙළුම් මල බුදු රජුන්ට පූජා කර සිතැඟි පරිදි ඉතිරි ජලය බීමට මූණ සේදීමට ගන්න. ඔබට විස්මයජනක ප්‍රතිඵල ලැබෙනු ඇත. සත්‍යයයි. අත්දුටුවයි. ඔබ ආධුනිකයකු නම් යම් වෙහෙසක් දැරීමට සිදුවේ. එසේ අපහසුනම් පළපුරුදු ගුරුවරයකු ලවා සිදුකර ගත්තාට ද වරදක් නැත. අත්හදා බලන්න.

නෙළුම් මල පිපිදවීමේ ප්‍රධාන මන්ත්‍රය

ඕං වාල සරස්වතී අම්මේ වාවා

ඉරත්ත ප්‍රමේශ්වරි වාවා කුරුත්තිරුං

කට්ටි සරස්වතී වාවා ඕං කාලියේ වාවා

සරස්වතියේ වාවා ඉරත්ත කාලි වාවා

මතීමතුට පාර්වති මහා කාලි වාවා

අහු කාලියේ වාවා මහේෂ්වරි ගංගාජාලි

වාවා ඕං පුඩාරි වාවා ඕං පුඩාරයෝ

අම්මා වාවා සත්තිපු ඉසන්ඩාල් සත්තීරුං

සත්ති වාවා වාල සරස්වතියේ මා

 

කෙරේ බන්ද මා කෙරේ දිෂ්ටි බන්දං අයිලං

සට්ටු තීරුං කට්ටියේ මා කෙරේ සිද්ධන්තු

විසි විසි ආවේස දිෂ්ටි වාවා දිෂ්ටි පුල්ලේ

වාවා ඉරත්ත වාල සරස්වති වාවා

 

මෙම මන්ත්‍රය තමාට සිද්ධි වනවාත් සමග නෙළුම් මල පූදිනු ඇත. පසුව පහත මන්ත්‍රය 108 වර කියා නිම කළ යුතුය.

ඕං රාදා භාගවාරි අටේ මා කෙරේ සිද්ධන්තු

ඉහත ක්‍රමවේදය මහා බලසම්පන්නයි අත්දුටු සත්‍ය ක්‍රමයකි. ඉතා පිරිසිදුව සිදු කරන්න. සියලු කටයුතු අවසානයේ සරස්වතී මෑණියන්ට පින් අනුමෝදන් කරන්න.

ගාථාව

නානා විජ්ජා කලා සිල්පා

නිපුණානාං වර දායිනිම්

බහවෝ පසත්ථ දේවි තවං

සරස්වතී පුඤ්ඤානුමෝදතු

 

තේරුම

නොයෙක් විද්‍යාවන්හි කලාවන්හි සහ ශිල්පයන්හි ප්‍රවීණ වූවන් හට නොයෙක් ලෙස උපකාර කරන්නා වූ බොහෝ වු පසන්නා ලද ගුණැති සරස්වතී දේවින් වහන්ස ඔබ මෑණියන් වහන්ස මේ පින් අනුමෝදන් වන්න.

ගාථාව

ජයතු ජයතු මාතා

සේන පද්මාභිරුඨා

පණමේ සහතං වෝ

සරස්වතී පුඤ්ඤ පත්තෝ

 

තේරුම

සුදු පැහැ නෙළුම් පත්මයෙහි වැඩ වාසය කරන්නා වු සරස්වතී දේව මෑණියනි ඔබ වහන්සේ දිනේවා දිනේවා. මා විසින් නිතර ඔබට නමස්කාර කරමි. සරස්වතී මෑණියනි. ඔබ වහන්සේ නිතර පුණ‍ය සැපයට පැමිණිවෙයි මේ පිං අනුමෝදන් වන්න.

ගාථාව

නාටක නත්තන ගීතිකාති

ජන්දෝලංකාරා පී විරාජනී

සරස්වතී සත්ත සරා ධාරි

වන්දේ ත්වාං පුඤ්ඤානුමෝදතු

 

තේරුම

නාට්‍ය, නර්තන, ගීත සහ ජන්දස් අලංකාරාදි සියල්ලටත් ස, රි, ග, ම, ප, ද, නි යන සප්ත ස්වරයන්ටත් අධිපති වන්නා වු උතුම් සරස්වතී දේවියනි ඔබ පා වඳිමි නැවත නැවත මා දෙන පිං අනුමෝදන් වන්න.

ජ්‍යොතිර් විශාරද කේ. එස්. එස්. යෝදින්ගේ

Comments