සියලු දොස් දුරු කරන දස දිසා භාවනාව | සිළුමිණ

සියලු දොස් දුරු කරන දස දිසා භාවනාව

අමනුෂ්‍ය දෝෂ නිදන්ගත රෝග දුරු කරයි / සියලු දුක් පීඩා දුරු කර සැනසීම ළඟා කරයි

දස දිසාව යනු දිසා අට, උඩ සහ යට වේ. දස දිසා පිරිත අනුසාරයෙන් නිර්මාණය වී ඇති මෙම භාවනාව මහත් සේ ජීවිතවලට සියලු දුක් පීඩා දුරු කරවාලන සැනසීම උදා කරන ලද භාවනාවක් බව වගකීමෙන් කිව හැකි කරුණකි. මෙය භාවිතයෙන් ජීවිතවල ඇති සියලු කරදර පහව යන අතර, අමනුස්ස දෝෂ නිදන්ගත රෝග පවා දුරු වී යයි.

උතුම් වූ ගෞතම බුදුපියාණන් වහන්සේ නමස්කාර කර පංචශීලයේ පිහිටුවා ඉන් පසුව තමන්ට පුළුවන් ආකාරයට නැඟෙනහිර දෙස බලා හිඳගෙන දීර්ඝ හුස්ම තුනක් ඉහළ පහළ ඇද හෙළා මනස සිත සැහැල්ලුවට පත් කරගෙන දෙනෙත් අඩවන්ව තබා පහත සඳහන් ආකාරයට මෙම භාවනාව ආරම්භ කර දිනෙන් දින වාර ගණන හා කාලය වැඩි කරගනිමින් භාවනාවේ යෙදෙණු මැනවි.

මෙසේ භාවනාවේ යෙදෙන ඔබ භාවනා කාලය අවසන් වන විටදී කරණීයමෙත්ත සූත්‍රය තුන් වරක් දේශනා කර දෙවියන්ට මියගිය අයට පින් දීම කළ යුතු වේ. දෛනිකව මෙය කිරීමේදී භාවනාව ආරම්භයේ සිට අවසානය දක්වා පෙරදිග පහනක් වැනි ආලෝකයක් දැල්වෙනවා අඩවන් නෙතට නොඅනුමානවම පෙනෙයි. එසේ පෙනෙන්නේ ඔබට භාවනාව ශරීරගත වීම වන කාලය එලඹීමත් සමඟය. මානසික රෝග, ආතති, ශරීරගත නිදන් රෝග හා අමනුස්ස බලපෑම්ද තම නිවසේ ඇති දෝෂ ද මෙම භාවනාවේ සත්‍යානුභාවයෙන් දුරු වෙනවා නිසැකය.

දස දිසාවේ උඩු දිග යනු අහසද යටි දිග යනු පෘථිවියද වේ. නිවැරදි ලෙස තුන් මසක් යද්දී භාවනාවේ ගුණය ඔබට අත්විඳිය හැකිය. නිර්මාංශ ලෙස නිසියාකාර අවබෝධයෙන් කිරීමේදී ඔබට ඇති සියලු කරදර දුරු වන්නේය.

පෙර දිග වෙසෙන සත්ත්වයෝද

පෙර අනු දිග වෙසෙන සත්ත්වයෝද

දකුණු දිග වෙසෙන සත්ත්වයෝද

දකුණු අනු දිග වෙසෙන සත්ත්වයෝද

පසු දිග වෙසෙන සත්ත්වයෝද

පසු අනු දිග වෙසෙන සත්ත්වයෝද

උතුරු දිග වෙසෙන සත්ත්වයෝද

උතුරු අනු දිග වෙසෙන සත්ත්වයෝද

උඩු දිග වෙසෙන සත්ත්වයෝද

යටි දිග වෙසෙන සත්ත්වයෝද

 

මේ මමද.... සියලු ලෝක සියලු සත්ත්වයෝ (මෙම හිස් තැනට යමෙකු වෙනුවෙන් කරනවා නම් නම යෙදිය හැක.)

 

සංසාර දුකෙන් මිදෙත්වා

සංසාර ශෝකයෙන් මිදෙත්වා

සංසාර රෝගයෙන් මිදෙත්වා

සංසාර බයෙන් මිදෙත්වා

සංසාර ගින්නෙන් මිදෙත්වා

සංසාර රාගයෙන් මිදෙත්වා

සංසාර මෝහයෙන් මිදෙත්වා

සංසාර කතරින් මිදෙත්වා

සංසාර බවයෙන් මිදෙත්වා

සංසාර දාහයෙන් මිදෙත්වා

සංසාර සයුරෙන් මිදෙත්වා

සංසාර අඳුරෙන් මිදෙත්වා

 

නිබ්බාන පරම සුඛයෙන් සුඛීකතරම වෙත්වා කියා භාවනාවේ යෙදීමෙන් නොසිතූ සහනය සමගිය සහජීවනය ඔබට උදා වේ.

ජ්‍යොතිෂවේදී

ඒ. සී. ජයසිංහ

Comments