
සෑම මසකම ඉන්ධන මිල සංශෝධනය කිරීමට අනුව ඊයේ (31) මධ්‍යම රාත්‍රියේදී ඉන්ධන මිල සංශෝධනය කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු15කින් පහළ දමා තිබේ. එහි පැවැති මිල රු.333ක්වූ අතර නව මිල රු 318කී.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු20කින් ඉහළ දමා ඇති අතර එහි පැවැති මිල රු.365ක්වූ අතර නව මිල රු 385කී.
මේ අතර සුපරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි පැවැති මිල 330ක්වූ අතර නව මිල රු 340කී.
භූමිතෙල් ලීටරයක් ද රුපියල් 50කින් පහත දමා ඇති අතර එහි පැවැති මිල රු.295කී. නව මිල රුපියල් 245කී. ලංකා කාර්මික භූමිතෙල් මිල රුපියල් හැටකින් පහත දමා ඇති අතර එහි පැවැති මිල 330ක්වූ අතර නව මිල රුපියල් 270කී.