විවාහය කා සමඟ දැයි කියන කේන්දරේ 7 වැන්න | සිළුමිණ

විවාහය කා සමඟ දැයි කියන කේන්දරේ 7 වැන්න

ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය- 14

දෙවැනි විවාහයක් සිදුවන හැටි කේන්දරේ සටහන් වී  ඇත්තේ මෙහෙමයි

ජන්ම පත්‍රයක 7 වැනි භාවය විශ්ලේෂණයෙන් විවාහය සහ විවාහය සිදුවන කාලසීමාව නිගමනය කළ හැකියි

බොහෝ කටයුතුවලදී අපට හවුල්කරුවන් එක් වෙති. විවාහයේදීද එසේමය. විවාහය සඳහා ගැළපෙන හවුල්කරුවා ගැන දැනගැනීමට ජන්ම පත්‍රයක 7 වැනි භාවය බලන්න. ජන්ම පත්‍රයක 7 වැනි භාවය විශ්ලේෂණය කිරීමෙන් විවාහය ගැන මෙන්ම විවාහ සහකරු ගැනද බලා තවදුරටත් විවාහය සිදුවන කාල සීමාවද නිගමනය කළ හැකිය.

ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය අනුව ජන්ම පත්‍රයක් මඟින් විවාහය ගැන හඳුනා ගැනීමට, එහි 7 වැනි භාවය බලන්න.

ජන්ම පත්‍රයක 7 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා, 7 වැනි හෝ 2 වැනි හෝ 11 වැනි භාවයක නිවේදක ග්‍රහයෙකු වන්නේ නම් ජන්මියා විවාහය සඳහා වාසනාව ඇත්තෙකු වෙයි. විවාහය සඳහා වාසනාව ඇත්තෙකුගේ ජන්ම පත්‍රයේ 7 වැනි, 2 වැනි සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයන්ගේ සංයුක්ත දශා කාල සීමාවකදී ඔවුන්ගේ ගෝචර ගමන් සමඟ එකඟ වන විට ජන්මියාගේ විවාහය සිදුවෙයි.

මේ ජන්ම කේන්‍දරයේ 7 වැනි භාවය, ශනිගේ රාශියේ රවිගේ නක්‍ෂත්‍රයක සහ කේතුගේ උපස්ථානයකයි. මේ ජන්ම කේන්‍දරයේ 7 වැනි භාවය, ශනිගේ රාශියේ රවිගේ නක්‍ෂත්‍රයක සහ කේතුගේ උපස්ථානයකයි. මේ ජන්ම කේන්‍දරයේ 7 වැනි භාවයේ, උපස්ථානය අධිපති කේතු, 9 වැනි භාවයේ සහ ස්වකීය නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි.

කේතු ග්‍රහයා කුජගේ රාශියක තැන්පත්ව ඒ අනුව සිටින හෙයින් මේෂ රාශියේ අධිපති කුජගේ නියෝජිතයෙකු ලෙස කටයුතු කරයි. කුජ ග්‍රහයා 5 වැනි සහ 10 වැනි භාව අධිපතිව 3 වැනි භාවයේ තැන්පත්ව සිටියි. 7 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 7 වැනි හෝ 2 වැනි හෝ 11 වැනි භාවයක නිවේදක ග්‍රහයෙකු වන්නේ නැත. ඒ නිසා ජන්මියා විවාහය සඳහා වාසනාව ඇත්තෙකු නොවෙයි.

විවාහය සඳහා වාසනාව ඇති අයෙකුගේ ජන්ම පත්‍රයේ 7 වැනි භාවයේ උපස්ථානය අධිපති ග්‍රහයා ද්වි ස්වභා ග්‍රහයෙකු හෝ ද්වි ස්වභා ග්‍රහයෙකුගේ නක්‍ෂත්‍රයක හෝ ද්වි ස්වභා රාශියක තැන්පත්ව සිටියේ නම් ජන්මියා බහු විවාහවලට යොමු වෙයි.

එවැනි තැනැත්තෙකුගේ ජන්ම පත්‍රයේ 7 වැනි, 2 වැනි සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයන්ගේ සංයුක්ත දශා කාල සීමාවකදී ඔවුන්ගේ ගෝචර ගමන් සමඟ එකඟ වන විට ජන්මියාගේ විවාහය සිදුවෙයි. ජන්ම කේන්‍ද්‍රයේ හෝ තත්කාල කේන්‍ද්‍රයක 7 වැනි භාවයේ උපස්ථානය අධිපති ග්‍රහයා 9 වැනි භාවයේද නිවේදක ග්‍රහයෙකු වන්නේ නම්, දෙවැනි විවාහයකට මඟ පෑදේ.

බහු විවාහවලට හිමිකම ඇති අයගේ ජන්ම පත්‍රවල 7 වැනි, 2 වැනි සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයන්ගේ සංයුක්ත දශා කාලසීමාවකදී ඔවුන්ගේ ගෝචර ගමන් සමඟ එකඟ වන විට ජන්මියාගේ පළමුවැනි විවාහය සිදුවෙයි. මෙම භාවවලට 12 වැනි භාව වන 6 වැනි, 1 වැනි සහ 10 වැනි භාව නිවේදක ග්‍රහයන්ගේ සංයුක්ත දශා කාල සීමාවකදී ඔවුන්ගේ ගෝචර ගමන් සමඟ එකඟ වන විට ජන්මියාගේ පළමුවැනි විවාහයෙන් වෙන්වීම සිදුවෙයි.

ජන්මියාගේ පළමු වැනි විවාහයෙන් වෙන් වීමෙන් පසුව එළඹෙන 9 වැනි, 2 වැනි සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයන්ගේ සංයුක්ත දශා කාලසීමාවකදී ඔවුන්ගේ ගෝචර ගමන් සමඟ එකඟ වන විට ජන්මියාගේ දෙවැනි විවාහය සිදු වෙයි.

 ප්‍රවීණ ජ්‍යොතිර්වේදී

ජී. එච්. ඩබ්ලිව්. සිල්වා

 

Comments