
උසස් පෙළ පිළිතුරු පත් ඇගැයීම් කටයුතු මැයි මස 29 වැනිදා ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගයෙන් අනතුරුව සිදු කෙරෙනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. මැයි 29 වන දා ආරම්භ කෙරෙන සාමාන්‍ය පෙළ විභාගය ජූනි මස 8 වන දා දක්වා පැවැත්වේ.
විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වන විටත් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගැයීම් කටයුතු සඳහා මාර්ගගත ක්‍රමයට ගුරුවරුන්ගෙන් අයැදුම්පත් කැඳවා තිබෙන බවයි. උසස් පෙළට විෂයන් හැට තුනක් පවතින බවත්, ඉන් විෂයයන් විසි අටක ලකුණු පටිපාටි සකස් කිරීම ආරම්භ කර ඇති බවත්, විෂයයන් දෙකක ඇගැයීම් කටයුතු ආරම්භ කර ඇති බවත්ය. පසුගියදා උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගැයීම් කාර්යයට සහභාගී වන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විසින් සඳහන් කළ අතර විභාග දෙපාර්තමේන්තුව කැඳවන ඕනෑම අවස්ථාවක ලකුණු පටිපාටි සකස් කිරීමේ කාර්යයට එක්වන බවද එම සංගමය ප්‍රකාශ කර තිබුණි.