බෞද්ධාලෝක වෙසක් උත්සවය මැයි 8 දක්වා | සිළුමිණ

බෞද්ධාලෝක වෙසක් උත්සවය මැයි 8 දක්වා

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සහ ජනාධිපති කාර්යාලය පවත්වනු ලබන ඉකුත් සිකුරාදා ආරම්භ වූ බෞද්ධාලෝක වෙසක් උත්සවය 8 වන සඳුදා දක්වා පැවැත්වේ. 22 වන වරටත් පවත්වන එහිදී බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේ සිට ජනාධිපති කාර්යාලය දක්වා බෞද්ධාලෝක මාවත දෙපස අලංකාර කිරීම තොරණ ඇතුළු විශේෂාංග රැසක් ඊට ඇතුළත්ය. සර්වඥ ධාතු ප්‍රදර්ශනයක්, වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනයක්, වෙසක් බැති ගී සංදර්ශනයක්, සම්මේලන භූමියේ අඛණ්ඩව පැය 72ක පවත්වාගෙන යන මහා දන්සලක්ද පැවැත්වේ.

ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට දින වෙන් කර ඇති අතර එම දිනයන්හි ත්‍රිවිධ හමුදා සහ පොලිස් තූර්ය වාදක කණ්ඩායම්වල සාමාජිකයන්ගේ සහ පාසල් දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් බොදු බැති ගී සංදර්ශන පැවැත්වේ. 8 වැනිදා වැඩසටහන රූපවාහිනියෙන් සජීවීව විකාශනය කෙරේ.

Comments