බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අද සිට විවෘත කෙරේ | සිළුමිණ

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අද සිට විවෘත කෙරේ

හෝමාගම - පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා අද (27) සිට යළි විවෘත කිරීමට නියමිතව තිබේ.
 
පළමු වසරේ සිසුන් සඳහා පමණක් මෙලෙස විශ්වවිද්‍යාල අද දිනයේ විවෘත කෙරෙන බව එහි උපකුලපති මහෝපාධ්‍යාය මහාචාර්ය පූජ්‍ය නෙලුවේ සුමනවංශ හිමි සඳහන් කරයි .
 
නවක වධ සිද්ධියක් මුල් කරගනිමින් පසුගිය වසරේ දෙසැම්බර් මස 19 වනදා සිට හෝමාගම - පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබුණි

Comments