
මහනුවර හන්තාන තේ කෞතුකාගාර පරිශ්‍රයට යාබවද රුපියල් මිලියන 490ක වියදමින් ස්ථාපිත කෙරුණු මෙරට පළමු විදෙස් පක්ෂි උද්‍යානය සහ පාරිසරික සංචාරක කලාපය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (20) විවෘත කෙරෙයි.
අක්කර 27ක භූමි ප්‍රමාණයක පැතිර පවත්නා මෙම විදෙස් පක්ෂි උද්‍යානය සහ පාරිසරික සංචාරක කලාපය මෙම මස 23 දින සිට මහජනතාව සඳහා විවෘත කෙරෙනු ඇත.
විදෙස් රටවලට ආවේණික හා සංචාරක පක්ෂි වර්ග සියයකට අධික සංඛ්‍යාවක් මෙම ස්ථානයේ දී දැක ගැනීමට අවස්ථාව ලැබෙන බවද බව විදෙස් පක්ෂි උද්‍යානය සහ පාරිසරික සංචාරක කලාපයේ සභාපති නිශාන්ත කෝට්ටේගොඩ මහතා කීය.
වසර 40ක පමණ කාලයක් විදෙස් පක්ෂීන් සම්බන්ධව කරන ලද අධ්‍යයනයකින් අනතුරුව මෙම උද්‍යානය හන්තානේ ස්ථාපිත කර තිබේ. විදේශීය පක්ෂීන් රැසක් මෙරටදී අභිජනනය කිරීමට හැකි වීම ද මෙහි ඇති විශේෂත්වයක් බව කෝට්ටගේ මහතා ප්‍රකාශ කළේය. මෙම විදෙස් කුරුලු උද්‍යානය හා පාරිසරික සංචාරක කලාපය සත්ත්ව විද්‍යා සිසුන් සඳහා අධ්‍යාපනික පුහුණු මධ්‍යස්ථානයක්, පක්ෂි අනාථාගාරයක් හා පක්ෂි උපස්ථාන හා නිරෝධායන ඒකකයකින්ද සමන්විතය.
අසේල කුරුළුවංශ