නව ක්‍රීඩා පනත කැබිනට් මණ්ඩලයට | සිළුමිණ

නව ක්‍රීඩා පනත කැබිනට් මණ්ඩලයට

ජාතික ක්‍රීඩා සංගමයක තනතුරු දැරීමේදී හා නාමයෝජනා ඉදිරිපත් කිරීමේදී අනුගමනය කළ යුතු නව නීති මාලාවක් හඳුන්වා දුන් බව ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ පවසයි. ක්‍රීඩා පනත අනුව ලැබී ඇති බලතල ප්‍රකාරව එම ක්‍රීඩා රෙගුලාසිවලට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් ක්‍රීඩාවේ සුවිශේෂි දියුණුවක් ඉක්මනින් ඇති කළ හැකි බවද, ඇමැතිවරයා සඳහන් කළේය.

මේ ක්‍රීඩා රෙගුලාසිවලින් අනතුරුව නව ක්‍රීඩා පනත ක්‍රියාවට නැංවීම උදෙසා එය ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.

Comments