
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය යෝජනා ක්‍රමය ලබන මාසයේ දී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද එවිට බැංකු පොලී අනුපාත අඩු කිරීම පිළිබඳව සලකා බලන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් පවසයි.
මේ වන විට උද්ධමනය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින නිසා එහි වාසිය පාරිභෝගික ජනතාවට මෙන්ම ගොවීන්ට ද ලබාදී සියලු සහන ලබාදීම රජයේ අපේක්ෂාව බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති වික්‍රමසිංහයන් මේ බව සඳහන් කළේ සුළු හා මහා පරිමාණ සහල් මෝල් හිමියන් මුහුණ දී ඇති ගැටලු සහ ඒවා විසඳා ගැනීමට ගතයුතු පියවර පිළිබඳ සොයා බැලීමට ඉකුත් 16 වැනිදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.
වී මිලදී ගැනීමට ලබාගත් බැංකු ණය සඳහා 28% ක පොලියක් ගෙවීමට සිදුවීම හේතුවෙන් මුහුණදීමට සිදුව ඇති දුෂ්කරතාව පිළිබඳව සහල් මෝල් හිමියන් මෙහිදී කරුණු ඉදිරිපත් කරන ලදී. වගා කටයුතු සඳහා ගොවීන් බැංකු වලින් ලබා ගෙන ඇති ණය සඳහා ඉහළ පොලියක් ගෙවීමට සිදුව තිබෙන බව ද මෙහිදී හෙළි විය. මෙලෙස ගොවියාගේ නිෂ්පාදන වියදම මෙන්ම සහල් මෝල් හිමියන්ගේ සහල් නිෂ්පාදන වියදම ඉහළ යාම නිසා වී කර්මාන්තය පවත්වාගෙන යාමට අසීරු වී තිබෙන අතර රජයේ මැදිහත්වීමෙන් ඊට කඩිනමින් සහනයක් ලබා දෙන ලෙසද ඔවුහු ඉල්ලා සිටියහ.