
තුර්කි - සිරියා ප්‍රබල භූ කම්පනය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 21,000 ඉක්මවා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ අනුව තුර්කියේ අවම වශයෙන් පුද්ගලයින් 17,674 ක් මියගොස් ඇති අතර අවම වශයෙන් 3,377 ක් සිරියාවේ මියගොස් ඇති බව සදහන් කෙරේ.
එරට පවතින දැඩි ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී තිබේ.
එසේම බලධාරීන් පවසන්නේ පසුගිය සඳුදා සිදුවූ භූ කම්පනය හේතුවෙන් විනාශ වූ ගොඩනැගිලි තුළ තවදුරටත් පුද්ගලයන් සිරවී සිටින බවය.
ලෝක බැංකුව තුර්කියට සහන ආධාර වශයෙන් ඩොලර් බිලියන 1.78ක් ලබා දීමට පොරොන්දු වී ඇත.