
තම බැංකු ගිණුම් සහ බැංකු කාඩ්පත් තොරතුරුවල සුරක්ෂිතභාවය පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙසට ශ්රී ලංකා මහ බැංකුව සියලුම ජනතාව වෙත විශේෂ දැනුම්දීමක් සිදුකරයි.
විශේෂ ජංගම දුරකථන කෙටි පණිවුඩයක් හරහා මහ බැංකුව විසින් මෙම දැනුම්දීම ඊයේ(09) සිදු කළේය.
එමගින් මහ බැංකුව ජනතාව වෙත දැනුම්දී ඇත්තේ තම username, password, PIN, OTP, සහ CVV තොරතුරු වෙනත් පාර්ශවයක් සමඟ හුවමාරු කරගැනීමෙන් වළකින ලෙසටය.