විපක්ෂ නායක කාර්යාලයේ වැයට කෝටි 23ක් ඉල්ලයි | සිළුමිණ

විපක්ෂ නායක කාර්යාලයේ වැයට කෝටි 23ක් ඉල්ලයි

විපක්ෂ නායක කාර්යාලයට 2022 වසරේ රජයෙන් වෙන් කළ රුපියල් කෝටි 20 වෙනුවට 2023 වසරේදී රුපියල් කෝටි 23ක මුදලක් රජයෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව 2022 වසරේ 199,080,000ක මුදලක් ද, 2023 වසරේ 235,200,000ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව 2022 වසරට වඩා රුපියල් 36,120,000ක මුදලක් විපක්ෂ නායක කාර්යාල වෙනුවෙන් ඉල්ලා තිබේ.

රාජ්‍ය මුදල් නාස්තිය ගැන චෝදනා මුඛයෙන් කතා කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රාජ්‍ය මුදල් පරිහරණයේදී දෙන ආදර්ශය මොනාකාරදැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රිහු පෙරළා ප්‍රශ්න කරති.

එමෙන්ම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක තනතුරු දෙකක් ඇතිකර ඒ සඳහා විපක්ෂ නායකවරයා විසින් යෝජනා කරනු ලබන විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු පත් කිරීමටද කරනු ලැබූ ඉල්ලීමකට අනුමැතිය ලබාදෙන්නැයි අමාත්‍ය මණ්ඩල සංදේශයක්ද ඉදිරිපත්ව ඇති බව වාර්තාවේ. විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් දෙදෙනාට රාජ්‍ය ඇමැතිවරයකුට අයත් පෞද්ගලික කාර්ය මණ්ඩලයට සමාන කාර්ය මණ්ඩල ලබා ගැනීමට ද බලතල හිමිව තිබේ. පවතින සීමාකාරී මූල්‍ය අවකාශය සැලකිල්ලට ගෙන නව බඳවා ගැනීම් සිදු කිරීමෙන් තොරව දැනට සේවයේ නියුතු රජයේ නිලධාරීන් එකී තනතුරු සඳහා අනුයුක්ත කර ගැනීම් සුදුසු බවට අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ කිරීමට කටයුතු යොදා ඇත.

Comments