
75වන ජාතික නිදහස් දිනය හා එහි පෙරහුරු පැවැත්වෙන බැවින් අද(01) සිට ලබන 04වැනිදා දක්වා කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.
ඒ අනුව නිදහස් දින පෙරහුරු සහ නිදහස් දිනය දා රියදුරන් ට හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස දැනුම් දෙයි.
මෙම කාලසීමාව තුළ විශේෂයෙන්ම පෙරහුරු පැවැත්වෙන පළවෙනි දින, දෙවන දින සහ තුන්වන දින උදෑසන කාලසීමාවත්, එසේම 04 වැනිදා උත්සවය පැවැත්වෙන කාලසීමාවෙත් විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ට දැනුම් දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මේ මාර්ගම භාවිත කිරීමට අපේක්ෂිත රියදුරන්, පැදිකරුවන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසද දැනුම් දීමක් කරනු ලැබේ.
කොළඹ නගරය පුරාම අවශ්‍ය රථ වාහන නිලධාරීන් රාජකාරියේ යොදවා ඇති බැවින් අදාළ විකල්ප මාර්ගවල රථවාහන තදබදයක් ඇති නොවී ගමන් කිරීමේ හැකියාවක් පවතින බව ද සදහන් කෙරේ.