
මේ වසර ආරම්භයේදී, වෘෂභ රාශියේ වක්‍රව සිටි කුජ ග්‍රහයා, ජනවාරි මාසයේ 13 වැනිදා වක්‍රයෙන් මිදී ඉදිරි ගමන් පටන් ගන්නා අතර, ධනු රාශියේ වක්‍රව සිටි බුධ ග්‍රහයා, ජනවාරි මාසයේ 18 වැනිදා වක්‍රයෙන් මිදී ඉදිරි ගමන් පටන් ගන්නා අතර, මේෂ රාශියේ වක්‍රව සිටි යුරේනස් ග්‍රහයා, ජනවාරි මාසයේ 23 වැනිදා වක්‍රයෙන් මිදී ඉදිරි ගමන් පටන් ගනී. මේ අවුරුද්දේ ජනවාරි මාසයේ සිදු වන ප්‍රධානම ග්‍රහ මාරු වීම වන්නේ 2023 ජනවාරි මාසයේ 17 වැනිදා ශනි ග්‍රහයා මකර රාශියේ සිට කුම්භ රාශියට ඇතුළු වීමයි. 2023 ජනවාරි මාසයේ 14 වැනි දින රවි ග්‍රහයා ධනු රාශියේ සිට මකර රාශියට ඇතුළු වීම සහ 2023 ජනවාරි මාසයේ 22 වැනිදා සිකුරු ග්‍රහයා ද මකර රාශියේ සිට කුම්භ රාශියට ඇතුළු වීමයි.
ක්‍රිස්තු වර්ෂ 2023 ජූනි මාසයේ 17 වැනිදා කුම්භ රාශියේ වක්‍ර වන ශනි ග්‍රහයා, ක්‍රිස්තු වර්ෂ 2023 නොවැම්බර් මාසයේ 04 වැනිදා වක්‍රයෙන් මිදේ.
ක්‍රිස්තු වර්ෂ 2023 අප්‍රේල් මාසයේ 22 වැනිදා මීන රාශියේ ගමන් කළ ගුරු ග්‍රහයා, මේෂ රාශියට ඇතුළු වෙයි. ක්‍රිස්තු වර්ෂ 2023 සැප්තැම්බර් මාසයේ 04 වැනිදා වක්‍ර වන ගුරු ග්‍රහයා, ක්‍රිස්තු වර්ෂ 2023 දෙසැම්බර් මාසයේ 31 වැනිදා වක්‍රයෙන් මිදේ.
ක්‍රිෂ්ණමූර්ති පද්ධතියට අනුව ග්‍රහයකු විසින් දෙනු ලබන ප්‍රතිඵල ඒ ග්‍රහයා තැන්පත්ව සිටි නක්ෂත්රය හිමි ග්‍රහයාගේ නිවේදකත්වය අනුව සිදු වෙයි. මෙහි දැක්වෙන්නේ 2023 වසර ආරම්භයේදී එක් එක් ග්‍රහයා තැන්පත්ව සිටි නක්ෂත්ර සටහනකි.
රාහු කාලය
2023 ජනවාරි 9 සඳුදා සිට 15 ඉරිදා දක්වා
•9 සඳුදා
පෙ.ව. 07.53 - 09.21 දක්වා රාත්‍රී 19.41 - 21.14 දක්වා
•10 අඟහරුවාදා
දිවා 15.13 - 16.42 දක්වා රාත්‍රී 03.22 - 04.54 දක්වා
•11 බදාදා
දිවා 12.18 - 13.47 දක්වා රාත්‍රී 00.18 - 01.50 දක්වා
•12 බ්‍රහස්පතින්දා
දිවා 13.46 - 15.15 දක්වා රාත්‍රී 01.50 - 03.22 දක්වා
•13 සිකුරාදා
දිවා 10.50 - 12.19 දක්වා රාත්‍රී 22.47 - 00.20 දක්වා
•14 සෙනසුරාදා
දිවා 09.23 - 10.51 දක්වා රාත්‍රී 21.15 - 22.48 දක්වා
•15 ඉරිදා
දිවා 16.44 - 18.13 දක්වා රාත්‍රී 04.55 - 06.27 දක්වා
වගා නැකැත්
2023 ජනවාරි 9 සිට ජනවාරි 15 දක්වා
•සී සෑමට
ජනවාරි 13 සිකුරාදා 11.55 - 12.07 දක්වා - උතුර බලා
•වැට සිටුවීමට
ජනවාරි 10 අඟහරුවාදා 17.11 - 17.23 දක්වා - නැඟෙනහිර බලා
•අටුවල වී තැබීමට
ජනවාරි 14 සෙනසුරාදා 7.25 - 7.37 දක්වා - දකුණ බලා
•සියලු ගොවිතැන් වැඩට
ජනවාරි 10 අඟහරුවාදා 06.25 - 06.37 දක්වා
- නැඟෙනහිර බලා
ජනවාරි 14 සෙනසුරාදා 06.27 - 06.39 දක්වා
- දකුණ බලා
•අල වර්ග සිටුවීමට
ජනවාරි 10 අඟහරුවාදා 07.23 - 07.35 දක්වා
- නැඟෙනහිර බලා
•කප්පාදු කිරීමට
ජනවාරි 09 සඳුදා 06.48 - 07.00 දක්වා - දකුණ බලා
ජනවාරි 12 බ්‍රහස්පතින්දා 10.21 - 10.33 දක්වා
- උතුර බලා
•දුම්පැළ සිටුවීමට
ජනවාරි 10 අඟහරුවාදා 11.18 - 11.30 දක්වා
- නැඟෙනහිර බලා
මේෂ - සියලු කටයුතු සාර්ථක වෙයි
මේෂ රාශියෙන් උපත ලැබූ ඔබගේ ලග්නය සහ 8 වැනි භාව අධිපති, කුජ ග්‍රහයා වෘෂභ රාශියේ 1 වැනි භාවයේ තැන්පත්ව සහ 4 වැනි භාවය අධිපතිව, මේෂ රාශියේ 12 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින සඳු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 2 වැනි සහ 7 වැනි භාව අධිපති සිකුරු ග්‍රහයා මකර රාශියේ 9 වැනි භාවයේ තැන්පත්ව සහ 5 වැනි භාවය අධිපතිව, ධනු රාශියේ 9 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින රවි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 9 වැනි භාවය හිමි ප්ලූටෝ, සිකුරු සමඟ සංයෝගය, 3 වැනි සහ 6 වැනි භාව අධිපති, බුධ ග්‍රහයා, අලුත් අවුරුදු උදා කේන්ද්‍රයේ, ධනු රාශියේ 9 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින රවි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. මේ බුධ ග්‍රහයා, 11 වැනි භාවයේ තැන්පත්ව සිටින නැප්චූන් වෙත අර්ධ ත්‍රිකෝණ වෙයි. 4 වැනි භාවය අධිපති, සඳු ග්‍රහයා, අලුත් අවුරුදු උදා කේන්ද්‍රයේ, මේෂ රාශියේ 12 වැනි භාවයේ තැන්පත්ව සහ තුලා රාශියේ 6 වැනි භාවයේ ලැගුම්ගෙන සිටින කේතු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි. 5 වැනි භාවය අධිපති, රවි ග්‍රහයා, අලුත් අවුරුදු උදා කේන්ද්‍රයේ, ධනු රාශියේ 9 වැනි භාවයේ තැන්පත්ව සහ මකර රාශියේ 1 වැනි භාවයේ ලැගුම්ගෙන සිටින සිකුරු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි. 9 වැනි සහ 12 වැනි භාව අධිපති, ගුරු ග්‍රහයා මීන රාශියේ 11 වැනි භාවයේ තැන්පත්ව සහ 10 වැනි හා 11 වැනි භාව අධිපතිව, මකර රාශියේ 10 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින ශනි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 10 වැනි සහ 11 වැනි භාව අධිපති, ශනි ග්‍රහයා මකර රාශියේ 10 වැනි භාවයේ තැන්පත්ව සහ 4 වැනි භාවය අධිපතිව, මේෂ රාශියේ 12 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින සඳු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී.
ගෘහ ජීවිතය- ග්‍රහ පිහිටීම් සහ මේ වසරේදී සිදු වන අනෙකුත් සියලු ග්‍රහයන්ගේ ගෝචර ගමන් අනුව ඉතා වෙහෙස වී කටයුතු කර බොහෝ බලාපොරොත්තු ඉටුකර ගැනීමේ වාසනාව ලද අයෙකි. වසර මැද භාගයේදී සිට සියලු කටයුතුවල වෙනසක් ඇතිවන අතර, සියලු කටයුතුවල සාර්ථකත්වය පෙන්වයි.
අධ්‍යාපනය- දරුවන්ගේ කටයුතුවල පසුබෑමක් පෙන්නුවද අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පරිදි සිදු වෙයි. පවුලේ සමගිය වර්ධනය වෙයි. වැය ඉහළ ගියද ලැබෙන ආදායම ප්‍රමාණවත් වන බැවින් මුදල් අපහසුතා හට නොගනී.
රැකියාව- රැකියාව සුපුරුදු ආකාරයෙන් කරගෙන යා හැකි අතර, වෙහෙස වෙන ප්‍රමාණය අනුව තෘප්තිමත් විය හැකි ලෙස ආදායම ලැබෙයි. විදේශ රැකියා කෙරෙහි ද අවධානය යොමු වන අතර, රැකියාව සම්බන්ධයෙන් උසස් වීම් බලාපොරොත්තු විය හැකිය.
සෞඛ්‍යය- නිරෝගීව කාලය ගත කිරීමට වාසනාව තිබුණද නොසැලකිලිමත්කම හෝ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකිරීම නිසා හදිසි අනතුරුවලට ගොදුරු වීමට ඉඩ ඇත.
සුබ අංක- 7 සහ 9 ආදී ඔත්තේ සංඛ්‍යා, සුබ වර්ණ- රතු, සුදු සහ කහ සුබ වර්ණ වන අතර, නිල්, කළු සහ කොළ පාට අයහපත්ය.
වෘෂභ - අධ්‍යාපන කටයුතු ඵල දරයි
වෘෂභ රාශියෙන් උපත ලැබූ ඔබගේ ලග්නය සහ 6 වැනි භාව අධිපති, කුජ ග්‍රහයා වෘෂභ රාශියේ 12 වැනි භාවයේ තැන්පත්ව සහ 3 වැනි භාවය අධිපතිව, මේෂ රාශියේ 11 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින සඳු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 2 වැනි සහ 5 වැනි භාව අධිපති බුධ ග්‍රහයා, අලුත් අවුරුදු උදා කේන්ද්‍රයේ, ධනු රාශියේ 8 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින රවි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. බුධ ග්‍රහයා, 10 වැනි භාවයේ තැන්පත්ව සිටින නැප්චූන් වෙත අර්ධ ත්‍රිකෝණ වෙයි. 3 වැනි භාවය අධිපති සඳු ග්‍රහයා අලුත් අවුරුදූ උදා කේන්ද්‍රයේ මේෂ රාශියේ 11 වැනි භාවයේ තැන්පත්ව සහ තුලා රාශියේ 5 වැනි භාවයේ ලැගුම්ගෙන සිටින කේතු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 4 වැනි භාවය අධිපති, රවි ග්‍රහයා, අලුත් අවුරුදු උදා කේන්ද්‍රයේ, ධනු රාශියේ 8 වැනි භාවයේ තැන්පත්ව සහ මකර රාශියේ 8 වැනි භාවයේ ලැගුම්ගෙන සිටින සිකුරු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි. 7 වැනි සහ 12 වැනි භාව අධිපති කුජ ග්‍රහයා වෘෂභ රාශියේ 12 වැනි භාවයේ තැන්පත්ව සහ 3 වැනි භාවය අධිපතිව, මේෂ රාශියේ 11 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින සඳු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි, 8 වැනි සහ 11 වැනි භාව අධිපති, ගුරු ග්‍රහයා මීන රාශියේ 10 වැනි භාවයේ තැන්පත්ව සහ 9 වැනි හා 10 වැනි භාව අධිපතිව, මකර රාශියේ 9 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින ශනි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 9 වැනි සහ 10 වැනි භාව අධිපති, ශනි ග්‍රහයා මකර රාශියේ 9 වැනි භාවයේ තැන්පත්ව සහ 3 වැනි භාවය අධිපතිව, මේෂ රාශියේ 11 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින සඳු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී.
ගෘහ ජීවිතය - මේ වසරේදී බොහෝ බලාපොරොත්තු ඉටුකර ගත හැකිවීමේ වාසනාව ලැබෙන බැවින් එයින් උපරිම ප්‍රයෝජන ලබා ගන්න. වසර මැද භාගයේ සිට වැඩිපුර වගකීම් පැවරුණද එයින් සාර්ථකත්වය හිමි වේ. පවුලේ සමගිය වර්ධනය වෙයි.
අධ්‍යාපනය- දරුවන්ගේ කටයුතුවල මහත් ප්‍රගතියක් පෙන්වන අතර, ඔවුන්ගේ ජයග්‍රහණ මඟින් පවුලේ ගෞරවය වර්ධනය වෙයි.
රැකියාව- වෙනදාට වඩා කැපවීමකින් යුතුව රැකියාවේ වගකීම් ඉටු කිරීමට සිදුවේ. පවුලේ අවශ්‍යතා හේතුවෙන් වැය පක්ෂය ඉහළ ගියද මුදල් අපහසුතා ඇති නොවේ. ආදායම් තත්ත්වය වර්ධනය වන අතර මුදල් ආයෝජන කිරීමට ද අවස්ථා සැලසේ. එහෙත් සැකකටයුතු අවස්ථාවන්ගෙන් පරෙස්සම් වීමට සැලකිලිමත් වන්න.
සෞඛ්‍යය- වරින් වර මතුවන රෝගාබාධ හේතුවෙන් රෝහල් ගතවී ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වුවද නිසි ප්‍රතිකාර මඟින් සුවය ලබා ගත හැකිවන අතර, කලක් පැවති පීඩාවලින් සහනය ලබයි.
සුබ අංකය- 6, සුබ වර්ණ- රෝස සහ සුදු සුබ වර්ණ වන අතර, කහ සහ රතු අයහපත්ය.
මිථුන - තමා ගැන පරෙස්සම ඉතා වැදගත්
මිථුන රාශියෙන් උපත ලැබූ ඔබගේ ලග්නය සහ 4 වැනි භාව අධිපති බුධ ග්‍රහයා, අලුත් අවුරුදූ උදා කේන්ද්‍රයේ, ධනු රාශියේ 7 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින රවි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. මේ බුධ ග්‍රහයා, 9 වැනි භාවයේ තැන්පත්ව සිටින නැප්චූන් වෙත අර්ධ ත්‍රිකෝණ වෙයි. 2 වැනි භාවය අධිපති සඳු ග්‍රහයා අලුත් අවුරුදූ උදා කේන්ද්‍රයේ, මේෂ රාශියේ 10 වැනි භාවයේ තැන්පත්ව සහ තුලා රාශියේ 4 වැනි භාවයේ ලැගුම්ගෙන සිටින කේතු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 3 වැනි භාවය අධිපති, රවි ග්‍රහයා අලුත් අවුරුදු උදා කේන්ද්‍රයේ, ධනු රාශියේ 7 වැනි භාවයේ තැන්පත්ව සහ මකර රාශියේ 7 වැනි භාවයේ ලැගුම්ගෙන සිටින සිකුරු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි. 5 වැනි සහ 12 වැනි භාව අධිපති සිකුරු ග්‍රහයා මකර රාශියේ 7 වැනි භාවයේ තැන්පත්ව සහ 3 වැනි භාවයේ අධිපති ධනු රාශියේ 7 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින රවි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 7 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින ප්ලූටෝ, සිකුරු සමඟ සංයෝගව සිටී. 6 වැනි සහ 11 වැනි භාව අධිපති කුජ ග්‍රහයා වෘෂභ රාශියේ 11 වැනි භාවයේ තැන්පත්ව සහ 2 වැනි භාවය අධිපතිව, මේෂ රාශියේ 10 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින සඳු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 7 වැනි සහ 10 වැනි භාව අධිපති, ගුරු ග්‍රහයා මීන රාශියේ 9 වැනි භාවයේ තැන්පත්ව සහ 8 වැනි හා 9 වැනි භාව අධිපතිව මකර රාශියේ 8 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින ශනි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 8 වැනි සහ 9 වැනි භාව අධිපති, ශනි ග්‍රහයා මකර රාශියේ 8 වැනි භාවයේ තැන්පත්ව සහ 2 වැනි භාවය අධිපතිව මේෂ රාශියේ 10 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින සඳු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී.
ගෘහ ජීවිතය - මේ වසරේදී කිසිම අපහසුවකින් තොරව ඔබගේ කටයුතු සිදු වුවද විවාහ සහකරුගේ නොමනා කටයුතු හේතු කොටගෙන ඔබගේ ගෞරවයට හානි වන දේවල් ඇතිවිය හැකි අතර ඒ නිසා සිත්තැවුල් හා මානසික පීඩාවලට මුහුණ දීමට සිදු වනු ඇත. ඇසුරු කරන බොහෝ දෙනකු ඔබගෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට දරන උත්සාහයන් ද හෙළි වෙයි.
අධ්‍යාපනය- දරුවන් අධ්‍යාපනය කෙරෙහි දක්වන ඇල්මැරුණු ස්වාභාවය ඔබගේ සිත්තැවුලට හේතු වනු ඇත.
රැකියාව- රැකියාව සම්බන්ධයෙන් කරදරකාරී අවස්ථා ඇති විය හැකි බැවින් වංචනික ක්‍රියාවලට යොමුවීමෙන් වළකින්න. හවුල්කරුවන්ගේ හෝ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ රහස් කටයුතු හේතු කොටගෙන ද අපවාද හෝ අප්‍රසාදය ඇති විය හැකිය. ආදායම් තත්ත්වය වර්ධනය වුවද නීත්‍යානුකූල නොවන කටයුතුවලින් ඉවත් වී නිවැරදි දේ පමණක් කිරීමට උත්සාහ කරන්න.
සෞඛ්‍යය- මේ වසර තුළදී ඔබට නිරෝගීව කාලය ගත කිරීමට හැකියාවක් ඇතත් මානසික පීඩා ඇති වෙයි. පුණ්‍ය කටයුතුවල නිරත වීමෙන් සහ භාවනාවට යොමු වීමෙන් විශාල සහනයක් ලබාගත හැකි වෙයි.
සුබ අංකය- 5, සුබ වර්ණ- කොළ සහ කහ
කටක - ව්‍යාපාර කටයුතු දියුණුවෙන් දියුණුවට
කටක රාශියෙන් උපත ලැබූ ඔබගේ ලග්නය අධිපති සඳු ග්‍රහයා, අලුත් අවුරුදු උදා කේන්ද්‍රයේ, මේෂ රාශියේ 9 වැනි භාවයේ තැන්පත්ව සහ තුලා රාශියේ 3 වැනි භාවයේ ලැගුම්ගෙන සිටින කේතු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. ජන්ම පත්‍රයේ 2 වැනි භාවය අධිපති රවි ග්‍රහයා, ධනු රාශියේ 6 වැනි භාවයේ තැන්පත්ව සහ 4 වැනි සහ 11 වැනි භාව අධිපතිව, මකර රාශියේ 6 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින සිකුරු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 3 වැනි සහ 12 වැනි භාව අධිපති බුධ ග්‍රහයා, ධනු රාශියේ 6 වැනි භාවයේ තැන්පත්ව සහ 2 වැනි භාවය අධිපතිව, ධනු රාශියේ 6 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින රවි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටීමෙන් 8 වැනි භාවයේ තැන්පත්ව සිටින නැප්චූන් වෙත අර්ධ ත්‍රිකෝණ වෙයි. 4 වැනි සහ 11 වැනි භාව අධිපති, සිකුරු ග්‍රහයා මකර රාශියේ 6 වැනි භාවයේ තැන්පත්ව සහ 2 වැනි භාවය අධිපතිව, ධනු රාශියේ 6 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින රවි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 6 වැනි භාවයේ ලැගුම්ගෙන සිටින ප්ලූටෝ, සිකුරු සමඟ සංයෝග වෙයි. 5 වැනි සහ 10 වැනි භාව අධිපති, කුජ ග්‍රහයා වෘෂභ රාශියේ 10 වැනි භාවයේ තැන්පත්ව සහ 1 වැනි භාවය අධිපතිව, මේෂ රාශියේ 9 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින සඳු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 6 වැනි සහ 9 වැනි භාව අධිපති, ගුරු ග්‍රහයා මීන රාශියේ 8 වැනි භාවයේ තැන්පත්ව සහ 7 වැනි හා 8 වැනි භාව අධිපතිව, මකර රාශියේ 7 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින ශනි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 7 වැනි සහ 8 වැනි භාව අධිපති, ශනි ග්‍රහයා මකර රාශියේ 7 වැනි භාවයේ තැන්පත්ව සහ 5 වැනි හා 10 වැනි භාව අධිපතිව, වෘෂභ රාශියේ 10 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින කුජ ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී.
ගෘහ ජීවිතය- යානවාහන සම්බන්ධ කටයුතුවලට යොමු වීමෙන් වැඩි වාසි සලසා ගත හැකි වෙයි. බොහෝවිට නිවෙසින් බැහැරව ජීවත් වීමට සිදු වුවද සැප පහසුකම් අඩු නොවේ. ආදායම සරු වන අතර ඒ ආකාරයෙන්ම වියදම් ද යෙදෙයි. විවාහ මෙන්ම ව්‍යාපාර සහකරුවන්ගේ සහයෝගය නොඅඩුවම ලැබෙයි.
අධ්‍යාපනය- පවුලේ සාමාජිකයන්ගේ සහ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල යහපත් වර්ධනයක් පෙන්වන බැවින් ඉදිරි කටයුතු සාර්ථක කරගැනීම පහසු වෙයි.
රැකියාව- බොහෝ ව්‍යාපාර කටයුතුවලින් ලාභ ලබාගත හැකි වන අතර මුදල් ආයෝජනයට ද සිත යොමු වීමෙන් බොහෝ ප්‍රයෝජන ලැබේ. සමාජ සේවා කටයුතුවලින් ද ජනප්‍රියත්වය හිමි වෙයි.
සෞඛ්‍යය- අවශ්‍ය ව්‍යායාම යෙදීමෙන් සෞඛ්‍ය තත්ත්වය මනා ලෙස පවත්වාගෙන යා හැකි වුවද ආහාර ගැනීමේදී සංයමයක් ඇතිකර ගැනීමට උනන්දු විය යුත්තේ ආහාර ගැනීමේ අක්‍රමිකතා හේතුවෙන් පීඩා ඇති වීමට ඉඩ ඇති නිසාය.
සුබ අංක-2 සහ 6, සුබ වර්ණ- සුදු, රිදී සහ රත්රන් පාට
සිංහ - පවුලේ සතුට රජයන කාලයක්
සිංහ රාශියෙන් උපත ලැබූ ඔබගේ ලග්නය අධිපති රවි ග්‍රහයා, අලුත් අවුරුදු උදා කේන්ද්‍රයේ, ධනු රාශියේ 5 වැනි භාවයේ තැන්පත්ව සහ මකර රාශියේ 5 වැනි භාවයේ ලැගුම්ගෙන සිටින සිකුරු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 2 වැනි සහ 11 වැනි භාව අධිපති බුධ ග්‍රහයා, ධනු රාශියේ 5 වැනි භාවයේ තැන්පත්ව සහ 1 වැනි භාවය අධිපතිව, ධනු රාශියේ 5 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින රවි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. මේ බුධ ග්‍රහයා, 7 වැනි භාවයේ තැන්පත්ව සිටින නැප්චූන් වෙත අර්ධ ත්‍රිකෝණ වෙයි. 3 වැනි සහ 10 වැනි භාව අධිපති, සිකුරු ග්‍රහයා මකර රාශියේ 5 වැනි භාවයේ තැන්පත්ව සහ 1 වැනි භාවය අධිපතිව ධනු රාශියේ 5 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින රවි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 5 වැනි භාවයේ ලැගුම්ගෙන සිටින ප්ලූටෝ, සිකුරු සමඟ සංයෝග වී සිටී. 4 වැනි සහ 9 වැනි භාව අධිපති කුජ ග්‍රහයා වෘෂභ රාශියේ 9 වැනි භාවයේ තැන්පත්ව සහ 12 වැනි භාවය අධිපතිව, මේෂ රාශියේ 8 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින සඳු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 5 වැනි සහ 8 වැනි භාව අධිපති, ගුරු ග්‍රහයා මීන රාශියේ 7 වැනි භාවයේ තැන්පත්ව සහ 6 වැනි හා 7 වැනි භාව අධිපතිව මකර රාශියේ 6 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින ශනි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 6 වැනි සහ 7 වැනි භාව අධිපති, ශනි ග්‍රහයා මකර රාශියේ 6 වැනි භාවයේ තැන්පත්ව සහ 12 වැනි භාවය අධිපතිව, මේෂ රාශියේ 8 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින සඳු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 12 වැනි භාවය අධිපතිව සඳු ග්‍රහයා, අලුත් අවුරුදූ උදා කේන්ද්‍රයේ, මේෂ රාශියේ 8 වැනි භාවයේ තැන්පත්ව සහ තුලා රාශියේ 2 වැනි භාවයේ ලැගුම්ගෙන සිටින කේතු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී.
ගෘහ ජීවිතය - දූ දරුවන්ගේ මෙන්ම සහකරුවන්ගේ සහයෝගය නොඅඩුවම ලැබෙන හෙයින් පවුලේ ප්‍රීතිය වර්ධනය වෙයි. අලුත් සබඳතා ඇතිවන අතර, පවුලේ වර්ධනයකට ද ඉඩ ඇත.
අධ්‍යාපනය - දූදරුවන් යහපත් ලෙස ඔවුන්ගේ කටයුතු සාර්ථක කරගනිමින් සියලු දෙනාගේම ආදරය ලබමින් පවුලේ සතුට වර්ධනය කරයි.
රැකියාව - රැකියා කටයුතුවල යහපත් වෙනසක් පෙන්වන අතර, වැඩිපුර වගකීම් පැවරුණද ඒවා මනාව සංවිධානය කරගැනීමට ද ඔබට හැකියාව ලැබෙයි. සේව්යයන්ගෙන් ගෞරවය සහ හොඳ නම ලැබෙයි.
සෞඛ්‍යය- අවශ්‍ය ව්‍යායාම වැනි කටයුතුවල යෙදීමෙන් පමණක් සෞඛ්‍යය තත්ත්වය මනා ලෙස පවත්වාගෙන යා හැකි බැවින් දෛනික ව්‍යායාම සහ ආහාර පාලනය නොකඩවා කරගෙන යන්න.
සුබ අංකය-7 සහ 6, සුබ වර්ණ- රතු සහ කහ
කන්‍යා - සහකරුට සහ දරුවන්ට සුබයි
කන්‍යා රාශියෙන් උපත ලබා ඇති ඔබගේ ලග්නය සහ 10 වැනි භාවය අධිපති බුධ ග්‍රහයා, අලුත් අවුරුදු උදා කේන්ද්‍රයේ, ධනු රාශියේ 4 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින රවි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. මේ බුධ ග්‍රහයා 6 වැනි භාවයේ තැන්පත්ව සිටින නැප්චූන් වෙත අර්ධ ත්‍රිකෝණ වෙයි. 2 වැනි සහ 9 වැනි භාව අධිපති සිකුරු ග්‍රහයා මකර රාශියේ 4 වැනි භාවයේ තැන්පත්ව සහ 12 වැනි භාවය අධිපතිව, ධනු රාශියේ 4 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින රවි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 5 වැනි භාවයේ ලැගුම්ගෙන සිටින ප්ලූටෝ, සිකුරු සමඟ සංයෝගයයි. 3 වැනි සහ 8 වැනි භාව අධිපති කුජ ග්‍රහයා වෘෂභ රාශියේ 8 වැනි භාවයේ තැන්පත්ව සහ 11 වැනි භාවය අධිපතිව, මේෂ රාශියේ 7 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින සඳු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 4 වැනි සහ 7 වැනි භාව අධිපති, ගුරු ග්‍රහයා මීන රාශියේ 6 වැනි භාවයේ තැන්පත්ව සහ 5 වැනි හා 6 වැනි භාව අධිපතිව මකර රාශියේ 5 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින ශනි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 5 වැනි සහ 6 වැනි භාව අධිපති, ශනි ග්‍රහයා මකර රාශියේ 5 වැනි භාවයේ තැන්පත්ව සහ 11 වැනි භාවය අධිපතිව මේෂ රාශියේ 7 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින සඳු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 11 වැනි භාවය අධිපතිව සඳු ග්‍රහයා, අලුත් අවුරුදූ උදා කේන්ද්‍රයේ මේෂ රාශියේ 7 වැනි භාවයේ තැන්පත්ව සහ තුලා රාශියේ 1 වැනි භාවයේ ලැගුම්ගෙන සිටින කේතු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 12 වැනි භාවය අධිපතිව රවි ග්‍රහයා, අලුත් අවුරුදූ උදා කේන්ද්‍රයේ, ධනු රාශියේ 4 වැනි භාවයේ තැන්පත්ව සහ මකර රාශියේ 5 වැනි භාවයේ ලැගුම්ගෙන සිටින සිකුරු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී.
ගෘහ ජීවිතය - විවාහ සහකරුට සහ දරුවන්ට යහපත සැලසෙන අතර පවුලේ සාමාජිකයන්ගේ වර්ධනයක් ද ඇතිවිය හැකිය.
අධ්‍යාපනය- දූ දරුවන් අධ්‍යාපන කටයුතු සහ තරග විභාගවලින් ජය ලබයි.
රැකියාව- ව්‍යාපාරික කටයුතු මඟින් වැඩි ආදායම් ලබාගත හැකි අතර, හවුල් කටයුතුවලින් හවුල්කරුවන්ට යහපත් වෙයි. ව්‍යාපාර සහ රාජකාරි කටයුතු නිසා බොහෝවිට නිවෙසින් බැහැරව ජීවත් වෙයි.
සෞඛ්‍යය- සෞඛ්‍ය තත්ත්වය මඳක් දුර්වල විය හැකි අතර, සුළු ආබාධ පිළිබඳ නොසැලකිලිමත් වීමෙන් ඒවා බරපතළ වෙයි. නොසැලකිලිමත්කම නිසා හදිසි අනතුරුවලටද ගොදුරුවීමට ඉඩ ඇත.
සුබ අංක-2 සහ 6, සුබ වර්ණ- සුදු, රිදී සහ රත්රන් පාට
සුබ අංක-1,6 සහ 7, සුබ වර්ණ- නිල්, කොළ සහ කහ වාසනාව ගෙන දෙන අතර රතු පාට අයහපත්ය.
තුලා - හදිසි ධන ලාභ වාසනා
තුලා රාශියෙන් උපත ලබා ඇති ඔබගේ ලග්නය සහ 8 වැනි භාව අධිපති සිකුරු ග්‍රහයා මකර රාශියේ 3 වැනි භාවයේ තැන්පත්ව සහ 11 වැනි භාවය අධිපතිව ධනු රාශියේ 3 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින රවි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 3 වැනි භාවයේ ලැගුම්ගෙන සිටින ප්ලූටෝ, සිකුරු සමඟ සංයෝගයි. 2 වැනි සහ 7 වැනි භාව අධිපති කුජ ග්‍රහයා වෘෂභ රාශියේ 7 වැනි භාවයේ තැන්පත්ව සහ 10 වැනි භාවය අධිපතිව මේෂ රාශියේ 6 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින සඳු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 3 වැනි සහ 6 වැනි භාව අධිපති, ගුරු ග්‍රහයා මීන රාශියේ 5 වැනි භාවයේ තැන්පත්ව සහ 4 වැනි හා 5 වැනි භාව අධිපතිව මකර රාශියේ 4 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින ශනි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 4 වැනි සහ 5 වැනි භාව අධිපති, ශනි ග්‍රහයා මකර රාශියේ 4 වැනි භාවයේ තැන්පත්ව සහ 10 වැනි භාවය අධිපතිව, මේෂ රාශියේ 6 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින සඳු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 9 වැනි සහ 12 වැනි භාවය අධිපති බුධ ග්‍රහයා, අලුත් අවුරුදූ උදා කේන්ද්‍රයේ ධනු රාශියේ 3 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින රවි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. මේ බුධ ග්‍රහයා 5 වැනි භාවයේ තැන්පත්ව සිටින නැප්චූන් වෙත අර්ධ ත්‍රිකෝණ වෙයි. 10 වැනි භාවය අධිපතිව සඳු ග්‍රහයා, අලුත් අවුරුදු උදා කේන්ද්‍රයේ, මේෂ රාශියේ 6 වැනි භාවයේ තැන්පත්ව සහ තුලා රාශියේ 12 වැනි භාවයේ ලැගුම්ගෙන සිටින කේතු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 11 වැනි භාවය අධිපතිව රවි ග්‍රහයා, අලුත් අවුරුදු උදා කේන්ද්‍රයේ, ධනු රාශියේ 3 වැනි භාවයේ තැන්පත්ව සහ මකර රාශියේ 3 වැනි භාවයේ ලැගුම්ගෙන සිටින සිකුරු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී.
ගෘහ ජීවිතය- මේ වසරේදී හදිසි ධනලාභ ලබා ගැනීමේ වාසනාව හිමිවෙයි. පිය පාර්ශ්වයෙන් බොහෝ වාසි සැලසෙයි. විවාහ සහකරුවන්ගේ ආදරය සහ සහයෝගය ලැබෙන අතර, දූ පුතුන් වෙනුවෙන් අතිරේක වෙහෙස වීම් යෙදෙයි.
අධ්‍යාපනය- දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල විශේෂ ප්‍රගතියක් පෙන්වන අතර, ඔවුන් අධ්‍යාපන කටයුතු හෝ රැකියාව සම්බන්ධයෙන් නිවසින් පිටත ස්ථානවල ජීවත් වුවද මවුපිය දූදරු බැඳීම් නොගිලිහේ.
රැකියාව- ලිපි කටයුතු සහ ගිවිසුම් වැනි දේ මඟින් මුදල් ලාභ සහ බලාපොරොත්තු නොවූ දේපළ ලබයි. වෙනත් අයගේ සහයෝගය මත ආදායම වර්ධනය කරගැනීමේ අවස්ථා ද ඇතිවෙයි. මුදල් හිඟ නොවන අතර අවැසි මුදල් කෙසේ හෝ ලැබෙයි.
සෞඛ්‍යය- සෞඛ්‍යය තත්ත්වය සාමාන්‍ය ලෙස පවත්වාගෙන යා හැකි වුවත් එදිනෙදා කටයුතුවලදී වෙනත් අයගේ සහයෝගය ලබා ගැනීමට සිදුවෙයි.
සුබ අංක- 8 සහ 10 , සුබ වර්ණ- සුදු සහ දොඩම් පාට
වෘශ්චික - අභියෝග අතරින් සාර්ථකත්වය කරා
වෘශ්චික රාශියෙන් උපත ලබා ඇති ඔබගේ ලග්නය සහ 6 වැනි භාව අධිපති, කුජ ග්‍රහයා වෘෂභ රාශියේ 6 වැනි භාවයේ තැන්පත්ව සහ 9 වැනි භාවය අධිපතිව, මේෂ රාශියේ 5 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින සඳු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 2 වැනි සහ 5 වැනි භාව අධිපති ගුරු ග්‍රහයා මීන රාශියේ 4 වැනි භාවයේ තැන්පත්ව සහ 3 වැනි හා 4 වැනි භාව අධිපතිව මකර රාශියේ 3 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින ශනි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 3 වැනි සහ 4 වැනි භාව අධිපති, ශනි ග්‍රහයා මකර රාශියේ 3 වැනි භාවයේ තැන්පත්ව සහ 9 වැනි භාවය අධිපතිව, මේෂ රාශියේ 5 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින සඳු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 7 වැනි සහ 12 වැනි භාව අධිපති, සිකුරු ග්‍රහයා මකර රාශියේ 2 වැනි භාවයේ තැන්පත්ව සහ 10 වැනි භාවය අධිපතිව, ධනු රාශියේ 2 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින රවි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 2 වැනි භාවයේ ලැගුම්ගෙන සිටින ප්ලූටෝ, සිකුරු සමඟ සංයෝගයි. 8 වැනි සහ 11 වැනි භාව අධිපති බුධ ග්‍රහයා, අලුත් අවුරුදූ උදා කේන්ද්‍රයේ, ධනු රාශියේ 2 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින රවි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි, මේ බුධ ග්‍රහයා, 4 වැනි භාවයේ තැන්පත්ව සිටින නැප්චූන් වෙත අර්ධ ත්‍රිකෝණ වෙයි, 9 වැනි භාවය අධිපතිව සඳු ග්‍රහයා, අළුත් අවුරුදූ උදා කේන්ද්‍රයේ, මේෂ රාශියේ 5 වැනි භාවයේ තැන්පත්ව සහ තුලා රාශියේ 11 වැනි භාවයේ ලැගුම්ගෙන සිටින කේතු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි. 10 වැනි භාවය අධිපතිව රවි ග්‍රහයා, අලුත් අවුරුදූ උදා කේන්ද්‍රයේ, ධනු රාශියේ 2 වැනි භාවයේ තැන්පත්ව සහ මකර රාශියේ 2 වැනි භාවයේ ලැගුම්ගෙන සිටින සිකුරු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී.
ගෘහ ජීවිතය- මෙතෙක් පැවති දුෂ්කරතා මැඬගෙන ඉදිරියට යෑමේ වාසනාව හිමිවේ. ඒ සඳහා සියලු දෙනාගේ ආධාර සහ සහයෝගය ලැබෙයි. විශේෂයෙන් විවාහ සහකරුවන්ගේ සහයෝගය නොඅඩුවම ලැබෙන නිසා අවශ්‍ය අවස්ථාවලදී සහයෝගය සහ මුදල් අවශ්‍යතා සපුරා දෙයි.
අධ්‍යාපනය- දූ දරුවන්ගේ සාමාන්‍ය අවශ්‍යතාවන් මෙන්ම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පෙරට වඩා වැඩි අවධානයක් යොමු කිරීමට සිදු වෙයි.
රැකියාව- බලාපොරොත්තු නොවූ ආකාරයෙන් අන්‍යයන්ගෙන් ආධාර හෝ මුදල් ලැබෙන බැවින් මුදල් දුෂ්කරතා මතු නොවෙයි.
සෞඛ්‍යය- ශරීර සෞඛ්‍යය තත්ත්වය සාමාන්‍ය ලෙස පවත්වාගෙන යා හැකි වුවත් මානසික සමබරතාවයට හානි ඇතිවිය හැකිය. එහෙත් ඒවා සියල්ල කාලයත් සමඟ විසඳෙන ආකාරයක් පෙන්වයි.
සුබ අංක-1 සහ 3 , සුබ වර්ණ- සුදු, රතු සහ කහ
ධනු - පවුලේ සාමාජිකයන් ගැන වෙහෙසිය යුතු කාලයක්
ධනු රාශියෙන් උපත ලබා ඇති ඔබගේ ලග්නය සහ 4 වැනි භාව අධිපති, ගුරු ග්‍රහයා මීන රාශියේ 3 වැනි භාවයේ තැන්පත්ව සහ 2 වැනි හා 3 වැනි භාව අධිපතිව, මකර රාශියේ 2 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින ශනි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 2 වැනි සහ 3 වැනි භාව අධිපති ශනි ග්‍රහයා මකර රාශියේ 2 වැනි භාවයේ තැන්පත්ව සහ 8 වැනි භාවය අධිපතිව, මේෂ රාශියේ 4 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින සඳු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 5 වැනි සහ 12 වැනි භාව අධිපති, කුජ ග්‍රහයා වෘෂභ රාශියේ 5 වැනි භාවයේ තැන්පත්ව සහ 8 වැනි භාවය අධිපතිව, මේෂ රාශියේ 4 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින සඳු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 6 වැනි සහ 11 වැනි භාව අධිපති, සිකුරු ග්‍රහයා මකර රාශියේ 1 වැනි භාවයේ තැන්පත්ව සහ 9 වැනි භාවය අධිපතිව, ධනු රාශියේ 1 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින රවි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 1 වැනි භාවයේ ලැගුම්ගෙන සිටින ප්ලූටෝ, සිකුරු සමඟ සංයෝගය. 7 වැනි සහ 10 වැනි භාව අධිපති, බුධ ග්‍රහයා, අලුත් අවුරුදූ උදා කේන්ද්‍රයේ, ධනු රාශියේ 1 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින රවි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී.මේ බුධ ග්‍රහයා 3 වැනි භාවයේ තැන්පත්ව සිටින නැප්චූන් වෙත අර්ධ ත්‍රිකෝණ වෙයි. 8 වැනි භාවය අධිපති සඳු ග්‍රහයා අලුත් අවුරුදූ උදා කේන්ද්‍රයේ, මේෂ රාශියේ 4 වැනි භාවයේ තැන්පත්ව සහ තුලා රාශියේ 10 වැනි භාවයේ ලැගුම්ගෙන සිටින කේතු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 9 වැනි භාවය අධිපති, රවි ග්‍රහයා අලුත් අවුරුදූ උදා කේන්ද්‍රයේ, ධනු රාශියේ 1 වැනි භාවයේ තැන්පත්ව සහ මකර රාශියේ 1 වැනි භාවයේ ලැගුම්ගෙන සිටින සිකුරු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී.
ගෘහ ජීවිතය- මේ වසරේදී ඉතා සැහැල්ලුවෙන් සහ සුවපහසුවෙන් ජීවිතය ගතකළ හැකි වුවද විවාහ සහ ව්‍යාපාර සහකරුවන්ගේ සහයෝගය නොලැබේ. ඔවුන් කෙරෙහි ඔබ දක්වන අවධානය ප්‍රමාණවත් නොවීම ඊට ප්‍රධාන හේතුව බැවින් ඔවුන්ගේ විරෝධතාවන්ට යටත් වීමට සිදුවිය හැකිය. එබැවින් පවුලේ සාමාජිකයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර පවුලේ සතුට රැකගන්න.
අධ්‍යාපනය- දරුවන්ගේ පෙරට වඩා වැඩි උනන්දුවකින් යුතුව අධ්‍යාපන කටයුතුවල නිරත වුවද ඔවුන්ගේ රෝගාබාධ පිළිබඳ මඳක් වෙහෙස වීමට සිදුවනු ඇත.
රැකියාව- රාජකාරි කටයුතු අපහසුතාවන්ගෙන් තොරව ඉටුකරගත හැකිය.
සෞඛ්‍යය- නොසැලකිලිමත්කම හේතුවෙන් සෞඛ්‍ය තත්ත්වය දුර්වල විය හැකිය. ඇතැම් විට රෝහල් ගතවී ප්‍රතිකාර ගැනීමට ද සිදු වනු ඇත. අවශ්‍ය ව්‍යායාමවල යෙදීමෙන් සෞඛ්‍ය තත්ත්වය මනා ලෙස පවත්වාගෙන යෑමට උනන්දු වන්න.
සුබ අංකය- 3 , සුබ වර්ණ- ළා සහ තද කහ පාට
මකර - රැකියාවේ උසස් වීම් සහ ව්‍යාපාරික දියුණුව
මකර රාශියෙන් උපත ලබා ඇති ඔබගේ ලග්නය සහ 2 වැනි භාව අධිපති, ශනි ග්‍රහයා මකර රාශියේ 1 වැනි භාවයේ තැන්පත්ව සහ 7 වැනි භාවය අධිපතිව මේෂ රාශියේ 3 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින සඳු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 3 වැනි සහ 12 වැනි භාව අධිපති ගුරු ග්‍රහයා මීන රාශියේ 2 වැනි භාවයේ තැන්පත්ව සහ 1 වැනි හා 2 වැනි භාව අධිපතිව, මකර රාශියේ 1 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින ශනි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 4 වැනි සහ 11 වැනි භාව අධිපති, කුජ ග්‍රහයා වෘෂභ රාශියේ 4 වැනි භාවයේ තැන්පත්ව සහ 7 වැනි භාවය අධිපතිව මේෂ රාශියේ 3 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින සඳු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 5 වැනි සහ 10 වැනි භාව අධිපති, සිකුරු ග්‍රහයා මකර රාශියේ 12 වැනි භාවයේ තැන්පත්ව සහ 8 වැනි භාවය අධිපතිව ධනු රාශියේ 12 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින රවි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 12 වැනි භාවයේ ලැගුම්ගෙන සිටින ප්ලූටෝ, සිකුරු සමඟ සංයෝගයි. 6 වැනි සහ 9 වැනි භාව අධිපති, බුධ ග්‍රහයා, අලුත් අවුරුදූ උදා කේන්ද්‍රයේ, ධනු රාශියේ 12 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින රවි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. මේ බුධ ග්‍රහයා, 2 වැනි භාවයේ තැන්පත්ව සිටින නැප්චූන් වෙත අර්ධ ත්‍රිකෝණ වෙයි. 7 වැනි භාවය අධිපති, සඳු ග්‍රහයා අලුත් අවුරුදූ උදා කේන්ද්‍රයේ, මේෂ රාශියේ 3 වැනි භාවයේ තැන්පත්ව සහ තුලා රාශියේ 9 වැනි භාවයේ ලැගුම්ගෙන සිටින කේතු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි. 8 වැනි භාවය අධිපති, රවි ග්‍රහයා අලුත් අවුරුදූ උදා කේන්ද්‍රයේ, ධනු රාශියේ 12 වැනි භාවයේ තැන්පත්ව සහ මකර රාශියේ 12 වැනි භාවයේ ලැගුම්ගෙන සිටින සිකුරු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී.
ගෘහ ජීවිතය- නිවෙස තුළ සුවදායක පරිසරයක් ඇතිවෙන අතර සියලු දෙනාගේ ආදරය සහ කරුණාව ලැබේ. ස්ව උත්සාහයෙන් කරනු ලබන කටයුතු මඟින් සාර්ථකත්වය ලබා ගැනීමට හැකිවෙන අතර අසල්වාසීහු පවා ඔබ වෙනුවෙන් ඉදිරිපත් වෙති. බොහෝ විට නිවෙසින් බැහැරව කටයුතු කිරීමට අසතුටු වන අතර ගමන් බිමන්වලට ද උනන්දුව අඩු වේ.
අධ්‍යාපනය- දරුවන් අධ්‍යාපනය තුළින් ජයග්‍රහණ ලබාගන්නා අතර එය පවුලේම සතුටට හේතු වෙයි.
රැකියාව- ආදායම් තත්ත්වය යහපත් වන අතර රැකියාවේ උසස් වීම් සහ ව්‍යාපාරික කටයුතු වර්ධනය වෙයි. සේවකාදීන්ගේ සහයෝගය ලබා සියලු බලාපොරොත්තු ඉටුකර ගැනීමේ වාසනාව ඇත. ව්‍යාපාරික කටයුතු කෙරෙහි වැඩිපුර සිත යොමු වන අතර, ඒවා ඵල දරයි. හවුල් ව්‍යාපාර මඟින් යහපත් ප්‍රතිඵල ලබාගත නොහැකි අතර, හවුල්කරුවන්ට වැඩි වාසි සැලසෙන බැවින් ඒ ගැන විමසිලිමත් වන්න.
සෞඛ්‍යය- මෙතෙක් ගත කළ අසහනකාරී තත්ත්වයන් මගහැරී මේ වසරේදී ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් යුතුව සියලු සැපපහසුකම් සහිතව කාලය ගෙවන්නට අවස්ථාව ලැබේ.
සුබ අංකය- 3, සුබ වර්ණ- කළු සහ දම් පාට
කුම්භ - සමාජ පිළිගැනීම සහ කීර්තිය වැඩි වෙයි
කුම්භ රාශියෙන් උපත ලබා ඇති ඔබගේ ලග්නය සහ 12 වැනි භාව අධිපති, ශනි ග්‍රහයා මකර රාශියේ 12 වැනි භාවයේ තැන්පත්ව සහ 6 වැනි භාවය අධිපතිව, මේෂ රාශියේ 2 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින සඳු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 2 වැනි සහ 11 වැනි භාව අධිපති ගුරු ග්‍රහයා මීන රාශියේ 1 වැනි භාවයේ තැන්පත්ව සහ 1 වැනි හා 12 වැනි භාව අධිපතිව, මකර රාශියේ 12 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින ශනි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 3 වැනි සහ 10 වැනි භාව අධිපති, කුජ ග්‍රහයා වෘෂභ රාශියේ 3 වැනි භාවයේ තැන්පත්ව සහ 6 වැනි භාවය අධිපතිව, මේෂ රාශියේ 2 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින සඳු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 4 වැනි සහ 9 වැනි භාව අධිපති, සිකුරු ග්‍රහයා මකර රාශියේ 11 වැනි භාවයේ තැන්පත්ව සහ 7 වැනි භාවය අධිපතිව, ධනු රාශියේ 11 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින රවි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 11 වැනි භාවයේ ලැගුම්ගෙන සිටින ප්ලූටෝ, සිකුරු සමඟ සංයෝගයි. 5 වැනි සහ 8 වැනි භාව අධිපති, බුධ ග්‍රහයා, අලුත් අවුරුදූ උදා කේන්ද්‍රයේ, ධනු රාශියේ 11 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින රවි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. මේ බුධ ග්‍රහයා, 1 වැනි භාවයේ තැන්පත්ව සිටින නැප්චූන් වෙත අර්ධ ත්‍රිකෝණ වෙයි. 6 වැනි භාවය අධිපති, සඳු ග්‍රහයා අලුත් අවුරුදූ උදා කේන්ද්‍රයේ මේෂ රාශියේ 2 වැනි භාවයේ තැන්පත්ව සහ තුලා රාශියේ 8 වැනි භාවයේ ලැගුම්ගෙන සිටින කේතු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 7 වැනි භාවය අධිපති, රවි ග්‍රහයා, අලුත් අවුරුදු උදා කේන්ද්‍රයේ, ධනු රාශියේ 11 වැනි භාවයේ තැන්පත්ව සහ මකර රාශියේ 11 වැනි භාවයේ ලැගුම්ගෙන සිටින සිකුරු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී.
ගෘහ ජීවිතය- ගෙදරදොර කටයුතු සහ ව්‍යාපාර මඟින් සාර්ථකත්වය ලබාගත හැකිය. ඒ සියල්ල තුළින් මුදල් උපයාගත හැකි අතර කැපවීම මත වැඩි ආදායමක් ලබාගත හැකිය.
අධ්‍යාපනය- පවුලේ මෙන්ම ව්‍යාපාරික සහකරුවන්ගේ සහ දූ දරුවන්ගේ ජයග්‍රහණ සහ අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් ඇතිවෙන අතර ඒ මඟින් උසස් සමාජ තත්ත්වයකට පත්වීමේ අවස්ථා හිමි වේ.
රැකියාව- ඔබගේ සේවය පිළිබඳ පිළිගැනීමක් ඇතිවන අතර, උසස්වීම්වලට ද මඟ සලසයි. සේවා ස්ථානයේ සියලු දෙනාගේ ආදරය සහ ගෞරවයත් සේව්‍යයන්ගේ ඇගැයීමත් ඔබට හිමි වේ.
සෞඛ්‍යය- විවේකයක් නොලබා දිගින් දිගටම වැඩ කිරීම හේතුවෙන් කායික සහ මානසික පීඩා ඇති වෙයි. හැකි සෑම අවස්ථාවකදීම සුදුසු ආහාර සමඟ විවේකය ද ලබා ගන්න. නිවෙස තුළ ද සුවදායක පරිසරයක් ඇතිකර ගැනීමෙන් සියල්ල යහපත් වේ.
සුබ අංකය- 2, සුබ වර්ණ- ළා නිල් සහ දම් පාට
මීන - පවුලේ සතුට සහ ආදරය වැඩි වන වසරක්
මීන රාශියෙන් උපත ලබා ඇති ඔබගේ ලග්නය සහ 10 වැනි භාව අධිපති, ගුරු ග්‍රහයා මීන රාශියේ 12 වැනි භාවයේ තැන්පත්ව සහ 11 වැනි හා 12 වැනි භාව අධිපතිව, මකර රාශියේ 11 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින ශනි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 2 වැනි සහ 9 වැනි භාව අධිපති කුජ ග්‍රහයා වෘෂභ රාශියේ 2 වැනි භාවයේ තැන්පත්ව සහ 5 වැනි භාවය අධිපතිව මේෂ රාශියේ 1 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින සඳු ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 3 වැනි සහ 8 වැනි භාව අධිපති, සිකුරු ග්‍රහයා මකර රාශියේ 10 වැනි භාවයේ තැන්පත්ව සහ 6 වැනි භාවය අධිපතිව, ධනු රාශියේ 10 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින රවි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 10 වැනි භාවයේ ලැගුම්ගෙන සිටින ප්ලූටෝ, සිකුරු සමඟ සංයෝගයි. 4 වැනි සහ 7 වැනි භාව අධිපති, බුධ ග්‍රහයා, අලුත් අවුරුදූ උදා කේන්ද්‍රයේ, ධනු රාශියේ 10 වැනි භාවයේ ලැගුම් ගෙන සිටින රවි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. මේ බුධ ග්‍රහයා, 12 වැනි භාවයේ තැන්පත්ව සිටින නැප්චූන් වෙත අර්ධ ත්‍රිකෝණ වෙයි, 5 වැනි භාවය අධිපති, සඳු ග්‍රහයා, අලුත් අවුරුදූ උදා කේන්ද්‍රයේ, මේෂ රාශියේ 1 වැනි භාවයේ තැන්පත්ව සහ තුලා රාශියේ 7 වැනි භාවයේ ලැගුම්ගෙන සිටින කේතු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී. 6 වැනි භාවය අධිපති, රවි ග්‍රහයා, අලුත් අවුරුදු උදා කේන්ද්‍රයේ, ධනු රාශියේ 10 වැනි භාවයේ තැන්පත්ව සහ මකර රාශියේ 10 වැනි භාවයේ ලැගුම්ගෙන සිටින සිකුරු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටී.
ගෘහ ජීවිතය- සහකරුගේ සහ දරුවන්ගේ ආදරය නොඅඩුව ලබයි. අනවශ්‍ය දේවල් වෙනුවෙන් කාලය වැය කිරීම සහ මුදල් පරිහරණය ක්රමානූකූල නොවීමෙන් අපහසුතා ඇතිවෙයි. එහෙයින් මුදල් පරිපාලනය පිළිබඳ සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කරන්න.
අධ්‍යාපනය- දරුවන්ගේ හැකියාවන් සහ දක්ෂතා නිසා පවුලේ සතුට ඇතිවෙන අතර ඔවුන්ගේ අනාගතය ද යහපත්ය.
රැකියාව- වෙහෙස වන තරමටම ප්‍රතිඵල නොලැබෙන හෙයින් රැකියාවේ හෝ ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් නොදක්වයි. වැඩිපුර ආදායම උපයා ගැනීමේ ක්‍රමවේද කෙරෙහි ද අවධානය යොමු කරන්න.
සෞඛ්‍යය- සෞඛ්‍යය තත්ත්වය මනාව පැවතියද නොසුදුසු ආහාර ගැනීම හෝ කටුක ප්‍රදේශවල රාජකාරී කිරීමෙන් ශරීර සෞඛ්‍යයට පීඩා ඇතිවෙයි. අවශ්‍ය අවස්ථාවලදී සුදුසු වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා ගැනීමෙන් සහනයක් ලබාගත හැකිය.
සුබ අංකය- 9, සුබ වර්ණය- රෝස පාට